(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකාව සතු වටිනා භූ සම්පත්වලින් නිසිඵල ලබාගැනීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයත්, ලංකා ඛනිජවැලි සමාගමත් අසමත් වී ඇතැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
මේ හේතුවෙන් රටට විදේශ විනිමය විශාල ප්‍රමාණයක් අහිමි වන බව ද ඇමතිවරයා සඳහන් කළේය.
ඇතැම් පුද්ගලයන් හා සමාගම් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් ගවේෂණ බලපත් ලබාගෙන වසර 10ක් පමණ ගතව ඇතත් එම ගවේෂණ කටයුතු විධිමත්ව හා කාර්යක්ෂමව සිදු නොකෙරෙන බව කී ඇමතිවරයා එම අවිධිමත් ක්‍රියාමාර්ග හේතුවෙන් ශ්‍රී ලංකාව නිධානයක් මත සිට ගෙන හිඟාකන රටක් බවට පත්ව ඇතැයි ද කීවේය.
ශ්‍රී ලංකාවේ වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනා ගැනීම සඳහා දැනට සිදු කෙරෙන ගවේෂණ කටයුතු කඩිනම් කරන ලෙස එම ආයතනවලට උපදෙස් දී ඇතැයි ද ඇමතිවරයා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය සහ ශ්‍රී ලංකා ඛනිජවැලි සමාගමේ නිලධාරින් සමග පැවැත් වූ සාකච්ඡාවකදීය.
ගෑස් නැවකින් ගෑස් මිල දී ගැනීම සඳහා ඩොලර් මිලියන 8ක් වැනි මුදලක් සොයා ගැනීමත් රජයට අපහසු වී ඇති සමයක රටට ඇති වටිනා භූ සම්පත්වල නිසිඵල ලබා ගන්නට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයටත්, ලංකා ඛනිජවැලි සමාගමටත් නොහැකි වී තිබීම කණගාටුවට කරුණක් බව ද ඇමතිවරයා කීවේය.
එබැවින් වටිනා භූ සම්පත් ඇති ස්ථාන හඳුනාගෙන එම ස්ථාන සිතියම්ගත කරන ලෙසත් එවැනි ස්ථානවල පදිංචි කිරීම් හෝ වෙනත් ගොඩනැගිලි ඉදි කිරීම් නොකළ යුතු බවත් අමාත්‍යවරයා කීය. වටිනා භූ සම්පත් සහිත ස්ථාන විශාල ප්‍රමාණයක් ඇතත් ඒ පිළිබඳ සොයා බැලීමක් නොකර එම ස්ථානවල මහජනතාව පදිංචි කර ඇති ඒවායින් නිසි ප්‍රයෝජන ගැනීමට නොහැකි වී ඇති බවත්, ඇතැම් ස්ථානවල විශාල ගොඩනැගිලි පවා ඉදි කර ඇති බවත් අමරවීර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාට තියෙන්නේ අමුතුම ලෙඩක්... මෙයාට තියෙන ලෙඩේ සුවකරන්න නම් ලේසි වෙන්නේ නැහැ...
එකපාරක් නිධානයක් මතුවුණා පොළොන්නරුවෙන්. සජිත් කාලයක් නිධන් හැරුවා.. මහින්ද හම්බන්තොට හාරලා වරායක් හැදුවා. කෝ රට ගොඩගත්තද? නිකන් කයිවාරු ගහන්නැතිව ඉන්න...
මෙතුවක් කල් හිටියේ පොල්කොටන් උඩද?
මන්නාරමේ තෙල්, ගෑස්... ඒ ටිකත් ඔය සිතියමට දාන්න අමතක කරනන එපා...
මේ අය නිධානේ හොරාකාලා සැප විඳිනවා. මිනිස්සු හිඟාකනවා..
නූගත් ඇමැතිලාටම ගැලපෙන ජනතාවක් ඉන්න හින්දා මේ රට ගොඩ යන්නේ නැති පාටක් තමා පේන්න තියන්නේ. වියත් මග පෙන්නලා ඡන්දෙ අරන් උගත්කම වැඩක් නෑ කියලා පතුරන්න ඉන්නෙත් නූගත් දේශපාලකයන්ගේ මෝඩ ආධාර කාරයින්. ඇමැති මණ්ඩලයේ නොහැකියාව කියන්න වැටුප් අරන් පාර්ලිමේන්තුවේ ඉන්න එක සදාචාර සම්පන්නද කියන එක තේරුම් නොයන එකයි පුදුමේ...
ඇමැතිතුමා, ලංකාවේ අයට කරන්න පුළුවන් වුණත් වැඩක් නැහැ. ගතමන්ට් එක ලැබෙන්නේ නැහැ. විදේශීය සමාගමකට දුන්නා නම් බඩු වැඩ. තවම ඕකවත් තෙරුණේ නැද්ද?
අපි පිළිගන්නට අකැමැති තිත්ත ඇත්ත නම්, ලංකාව යනු නවීන කර්මාන්තවලට අවශ්‍ය යපස්, තඹ, ඇලුමිනියම්, ගල් අඟුරු, ස්වභාවික වායු, ඉන්ධන වැනි ඛනිජ වලින් හිඟ දුප්පත් රටක් බවයි. අපිට තනියම කළ හැක්කේ කෘෂිකර්මාන්තය පමණි. ඒත් කලට වැසි ලැබුණොත් පමණි. කලින් කලට දේශපාලකයින් තම පටු අවශ්‍යතා සපුරා ගැනීම සඳහා රට නිධානයක් යයි බෙරිහන් දීමට පුරුදු වී තිබේ. මෙවැනි හිස් වචන වලට තව දුරටත් නොරැවටීම රටේ ජනතාවගේ වගකීමයි...
ඔයාලාට බැනලා වැඩක් නෑ...
මේ අලුත් නයි නාටකයක්.. පොහොට්ටුවට කඩේ යනවා. මෙතරම් කල් ආණ්ඩු කාලා දැන්ද මතක් වෙන්නේ මේවා..? හොඳයි මතක් වුණාට... මේවත් ගත්තොත් පවුලේ සුඛ විහරණයට ගනී. පස්සෙ මොකවත් නෑ කියයි.
2015-2020 දක්වා ඔහෙලා හිටියේ ගොම ගොඩක් මතද? ඒ මේ නිධානය මත නේද? රට හිඟමනට තල්ලු කලේ ජෙප්පන් නේද?
මොකක් තිබ්බත් වැඩක් නෑ... හොරු එක්ක. ඔක්කොම හොරකම් කරලා පිටරට පටවනවා. වෙන කරපු දෙයක් නෑ...
මෙච්චරකල් ඔබතුමා හිටියේ ලංකාවේ නෙමෙයිද? හරියට ලොකු නින්දකින් පස්සේ ඇහැරිලා වගෙයි කතා කරන්නේ...!
අපි ඒක දන්නවා. හැමදාම ඕක කිය කිය හිටපල්ලා...
තමා යටතේ ඇති ආයතන සහ නිලධාරින් නිසි ලෙස වැඩකටයුතු නොකරන්නේ නම් එය ඔබේ වරදක් මිසක් වෙනකක් නොවේ. මෙවන් කතා තුළින් ඔබ පෙන්වන්නේ ඔබේම නොහැකියාවයි. මෙතරම් ස්වභාවික සම්පත් තියාගෙනත් රට මේ තත්වයට ඇද දැමූ එදා මෙදා තුර සිටි සියළුම දේශපාලකයින් මේ සඳහා වගකිව යුතුයි...
තමුන් ධීවර ඇමැති කාලේ පත්කරපු ධීවර අධ්යක්ෂ ජෙනරාල් කරපු වැඩක් නිසා මටත් වුණේ නිධානයක් තියාගෙන හිඟාකන්නයි. හොඳ වෙලාවට මට විදේශ රටක රස්සාවක් තිබුණු හින්දා බේරුණා.
ඕන පොඩිළමයෙක් දන්නවනේ... කරන්න ඕනැ මොනවද කියලත් අපි දන්නවා. අපිට කරන්න බෑනේ... කිය කිය ඉන්නේ ඔහෙලටනේ... ඕක කරන්න පුළුවන් කරලා පෙන්නන්නකෝ...!
තමුන්නාන්සේ පත්වුණු දා සිට අරවා, මේවා තහනම් කරනවා කියනවා. නමුත් කිසිම දෙයක් සිදුවන්නේ නැහැ...