
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ රුපියල ජනවාරි 1 වෙනිදා සිට මේ දක්වා 26% කින් පමණ අවප්‍රමාණය වී ඇතැයි ලොව ප්‍රකට ආර්ථික විද්‍යාඥයෙකු වන ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා තම නිල ට්විටර් ගිණුමේ පණිවිඩයක් තබමින් පවසයි.
ඉන්ධන මිල ඉහළ යාම සහ ණය ගෙවීම් සිදු කිරීම සමබර නොවීම හේතුවෙන් ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයක ගිලෙමින් පවතින බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් කර ඇත.
එයට විසඳුම ලෙස 1884-1950 කාලයේ ක්‍රියාත්මක වූ ආකාරයට ශ්‍රී ලංකාව තුල මුදල් මණ්ඩලයක් පිහිටවිය යුතු බව එම පණිවිඩයේ වැඩි දුරටත් සඳහන් වේ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෝඩ ගොන් වාහෙලා ටික දැන්වත් රනිල්ට රට බාර දෙන්න... නැත්තම් කන්න බොන්න නැතුව මැරිලා යන්නයි වෙන්නේ...
මේ ක්‍රමයේදී මහබැංකුවට බලය නැතිවෙනවා. හැබැයි විදේශ විනිමය අනුපාතය වෙනස් වෙන්නේ නැහැ. මේක හොඳ ක්‍රමයක්... රටවල් ස්වාධීන වෙනකොට මේ ක්‍රමය අත්හැරියා... සල්ලි පිල්ලි ගහන්න ලේසි නිසා...
තව ගිලෙන්න දෙයක් නැහැ... දැන් ගිලිලා ඉවරයි. හුස්ම ටික හිරවෙනකන් මේ පණ ගගහ ඉන්නේ...
බැසිල්ට වඩා නම් රනිල් හොඳයි. 2024 වෙනකල් රනිල්ට දුන්නා නම් හොඳයි...
අනේ කරුණාකර අපේ රට අල්ලගන්න...
මහාචාර්ය වරුන්ටත් වඩා මාලකාරයෝනේ අද රටේ මුදල් පාලනය කරන්නේ.. මොන්ටිසෝරි ළමයින්ට දුන්නා නම් මීට වඩා හොඳයි.
මිනිහා ඕවා කියන්නේ ඇමෙරිකාවේ ඉඳලා... අපි මෙහෙ ඕවා දකින්නේ පාරෙ ඉඳලා...
ඇත්ත, මහාචාර්යවරයා ඇමෙරිකාවේ ඉඳන් දකිනවා. අපි මහාපාරෙ ඉඳන් දකිනවා. පාලකයන්ට පේන්නේ නෑ හොඳට කරනවා කියලා තමයි හැමදාම කියන්නේ...
එහෙම තමයි ඉතින් මෙහෙම පාලනය කරනකොට...
ශ්‍රී ලංකාව අද මුහුණපා ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩඒමට දැනට රජපක්ෂවරු අනුගමනය කරන ක්‍රියාපිළිවෙත අසාර්ථකය. ඉන්දියාවේ හා චීනයේ කොන්දේසි වලට යටත්වෙමින් රටේ අනාගතය පාවාදීම නතරකර ලොව ඉතා දියුණු රටවල් සමග කඩිනමින් සාකච්ඡා කොට, වසරක කාලයක් සඳහා යැපුම් ආධාරයක් සහ ආපහු ගෙවීමට වසර 5ක සහන කාලයක් සහිත සංවර්ධන හා කෘෂිකර්ම ප්රතිසංවිධාන ණය ලබාගත යුතුයි. මේ සඳහා රාජපක්ෂවරුන් මැදිහත් වීම අයෝග්‍යයි... ඔවුන්ගේ කීර්තිමත් භාවය විනාශ වී ජාත්‍යන්තර පිළිගැනීම 0ටත් පහළට වැටී ඇත. ඒ නිසා එදා J R කරන ලද ක්‍රියාවලියට සමාන වගකීමක් දැරිය හැකි, ලොව පිළිගන්නා රනිල් වික්‍රමසිංහ මේ සඳහා යොදවා ගතයුතුයි.