(ඉන්දිකා රාමනායක)
පුර්ව දැනුම් දීමකින් තොරව විශේෂ දුම්රිය හා නගරාන්තර දුම්රියවල ගාස්තු සංශෝධනය කිරීමට ගෙන ඇති තීරණය අත්හිටවු බව ප්‍රවාහන අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසයි.
නගරාන්තර සීග්‍රගාමී දුම්රියවල හා දුර ගමන් සේවා විශේෂ දුම්රියයන් වල ප්‍රවේශපත්‍ර ගාස්තුව ඉහල නැංවීම සම්බන්ධයෙන් සංශෝදන සංඛාලේඛන අමාත්‍යාංශය වෙත ලැබීමට පෙර යම් විදිහකින් මාධ්‍ය වෙත නිකුත් වී ඇති බවත්, එය වැරදි ක්‍රියාවක් බවත්, අමාත්‍යවරයා කියා සිටියේය.
ගාස්තු සංශෝධන සම්බන්ධයෙන් අද රාත්‍රියේ සාකච්ඡා පැවත්වීමට නිමිතව ඇති බවත්, එම සාකච්ඡාවෙන් අනතුරුව සදුදා දින සිට නව දුම්රිය ගාස්තු ඉහළ නැංවීමට බලා පොරොත්තු වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.
කිසිදු දුමිරිය ගාස්තුවක් ඊයේ රාත්‍රියේ 12.00 සිට ඉහළ නොයන බවද හෙතෙම කීය. දුම්රිය ගාස්තු විශාල වශයෙන් මිළ ඉහළ දැමීමට අදහස් නොකරන බවත්, ඉන්ධන මිළ පියවා ගැනීමට අවශ්‍ය ගාස්තු පමණක් ඉහළ නංවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාරයි, හරියට ප්රාතිහාර්යක් වගේ වැඩක්...!!!
ඇත්තටම ඉගෙන ගැනීම වැඩක් නැහැ කියනවා වගේ දෙයක් මේ... පුදුමෙ කියන්නේ අණ දීමෙන් පුද්ගලයින් පාලනය කිරීම පැරණි නූගතුන්ගේ උපායක්. දැක්මක් නැති ජනතාව පත්කරන්නේ තමන්ගේ කරට අතදාපු අයව. මේ වගේ මෝඩ තීරණවල අවසානයක් තියනවා. ඒ තමා මේ...
දැන් මෙයා තමයි ''ජනතාව වැඩි දුම්රිය ගාස්තු වලින් බේරාගත් ජාතික වීරයා'' කියලා බයියෝ ටික ප්රශස්ති ගී ගායනා කරයි.