(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් ෆර්ගියුසන් පාර, කජිමා වත්තේ ඊයේ රාත්‍රියේ ඇති වූ ගින්නකින් නිවාස විසිතුනක් සම්පූර්ණයෙන්ම ගිනිගෙන විනාශ වී ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තාරක විජේසිංහ මහතා පැවසීය.
දෙදෙනකු සුළු තුවාල ලැබූ බවත් ස්ථානාධිපතිවරයා කීය.
ගින්න නිවීම සඳහා කොළඹ නගර සභාවේ ගිනි නිවන රථ පහක් යොදාගත් බවත්, ගිනි නිවන රථ ගින්න ඇතිවූ නිවාස පෙළ අසලට ළඟාවීම සඳහා නිවාස කීපයක් කඩා දැමීමට සිදු වූ බවත් ස්ථානාධිපතිවරයා කිය.
ගින්නට හේතුව නිශ්චිත ලෙස මෙතෙක් අනාවරණය නොවන බවත් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.



(ඡායාරූප: ගයාන් අමරසේකර)





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd