(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත නවය කණුව ප්‍රදේශයේදී අද සවස සිදු වූ වෙඩි තැබීමකින් යතුරු පැදියකින් ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇතැයි කඩවත පොලිසිය කියයි.

කඩවත 9 කණුව ප්‍රදේශයේදී යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනකු විසින් ටී 56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඇතැයි මූලික පරීක්ෂණ වලදී අනාවරණය වූ බවත් වෙඩි තැබීමට හේතුව පාතාල කල්ලි දෙකක් අතර ආරවුලක් බව ද පොලිසිය සඳහන් කරයි.

මියගිය දෙදෙනා පෑලියගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් බවත් කඩවත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතා පැවසීය.

එක් සිරුරක් කිරිබත්ගොඩ රෝහලේ තැන්පත් කර ඇති අතර අනෙක් සිරුර කොළඹ ජාතික රොහලේ තැන්පත් කර ඇති බව පොලිසිය පවසයි

වැඩිදුර පරීක්ෂණ කඩවත පොලිස් ස්ථානය විසින් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක මොහාන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් මෙහෙයවයි.