
(රේඛා තරංගනී ෆොන්සේකා)
43වැනි සේනාංකය යන දේශපාලන කණ්ඩායම සංවිධානය කෙරුණු විරෝධතා පා ගමනක් මොරටුව දිගල්ල පාලම අසලින් ආරම්භ විය.
මෙම විරෝධතා පා ගමන කොළඹ කොටුව දක්වා ගමන් කෙරෙන අතර කළු පැහැති ඇඳුමෙන් සැරසුණු තරුණ තරුණියන් හතළිස් තුන් දෙනකු මෙම පා ගමනට ආරම්භයේ එක්ව සිටියහ.
මෙම පා ගමනට බෙලෙක්කඩේ හන්දිය, ගල්කිස්ස,දෙහිවල ,වැල්ලවත්ත කොම්පඤ්ඤ වීදිය කොටුව යන ප්‍රදේශවලින් තරුණ තරුණියන් 43 කණ්ඩායම් එක් වීමට නියමිත අතර ලංකාවේ මේ වන විට උද්ගතවී ඇති ආර්ථික ගැටළු විසඳීමට නොහැකි ආණ්ඩුව ගෙදර යැවීමට බල කිරීමේ අරමුණෙන් මෙම විරෝධතා පා ගමන සංවිධානය කොට තිබුණි.
(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පළමුවැනි වෙඩි මුරය පුරන් අප්පුගේ ගමෙන්...!
මේ හුදෙකලා අරගලවලින් වැඩක් නෑ. ජාතික ජන බලවේගයට එකතු වෙන්න.
43 ම ජාමෙ බේරාගෙන... 4, 3=7 යි කියලා හත් දෙනෙක් ගියා නම් තවත් හොඳයි...
ඇයි මේ විදිහට බෙදෙන්නේ? එකතු වෙන්න ජාතික ජන බලවේගයට...!
මේ ගොල්ලොත් විහාර මහාදේවී උද්‍යානයට එනවා කියන්නේ ඇත්තද?