
(විමුක්ති එස්. රොද්‍රිගූ සහ යොහාන් භාසුර)
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල 297 අගයක් දක්වා අද (25) පහළ වැටිණි.
ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල මෙතරම් පහළ වැටුණේ ඉතිහාසයේ ප්‍රථම වරටය.
ප්‍රධාන පෙළේ වාණිජ බැංකු කිහිපයක දිනපතා යාවත්කාලීන වන වෙබ් අඩවි වල ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දින රුපියල් 290-297 දක්වා අගයක් ගනු ලැබීය.
මහ බැංකුව විසින් අද දින නිකුත් කරන විනිමය අනුපාතිකයේ ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 279.9056 වූ අතර විකුණුම් මිල 289.9960 ලෙස සටහන් විය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඩොලරය සඳහා ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය දිනෙන් දින ඉහළ යන්නේ විනිමය අනුපාත ප්‍රතිපත්තිය නිවැරැදිව හසුරුවීමට බලධාරීන් අනුගමනය කළ වැරැදි ක්‍රියාමාර්ග නිසයි. මේතරම් වේගයෙන් රුපියල අවප්‍රමාණය වීම සිදුවූයේ රුපියලේ අගය රැකගැනීමට අවශ්‍ය ප්‍රතිපත්ති නිසි අවස්ථාවේ අනුගමනය නොකර විනිමය අනුපාත බලෙන් අල්ලාගෙන අවුරුදු දෙකක පමණ කාලයක් බලාගෙන සිටි නිසයි. බලධාරීන් කරන වැරැදිවලට වන්දි ගෙවන්නේ රටේ සාමාන්‍ය ජනතාවයි. අද බැංකු ක්‍රමය තුළ අත්‍යාවශ්‍ය ආනයන සඳහා අවශ්‍ය ඩොලර් හිඟවී තිබෙන්නෙත් මෙම වැරැදි විදේශ විනිමය හැසිරවීමේ ප්‍රතිපත්තිය නිසායි...