(ඉන්දිකා රාමනායක)
හොරොයින් ග්‍රෑම් 03 යි, මිලිග්‍රෑම් 539 ක් ප්‍රමාණයක් ගුද මාර්ගයේ සගවාගෙන කෑගල්ල බන්ධනාගාරය වෙත රැගෙන ගිය සැකකරුවෙකු අද (24) අත්අඩංගුවට ගත් බව බන්ධනාගර මුලස්ථානය පවසයි.
සැකකරු අන්තරාකාරී ඖෂධ ආඥා පනතේ යටතේ චෝදනා ලැබ පොල්ගහවෙල ගරු මහේස්ත්රාඖත් අධිකරණය මගින් පෙරේදා (23) රක්ෂිත බන්ධනාගාර ගත ඇති පුද්ගලයකු බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
අධිකරණයේ සිට රැගෙන සිට බන්ධනාගාරය වෙත රැගෙන ආ සැකකරු වෙනම කාමරය රඳවා ඇති අතර සැකකරු සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව අද (24) පෙරවරුවේ 8.30 ට පමණ කෑගල්ල බන්ධනාගාරයේ නිලධාරීන් විසින් සැකකරු රඳවා සිටි අංශයට ගොස් සැකකරු පරික්ෂා කල අවස්ථාවේදී ඔහු සඟවාගෙන හොරොයින් ප්‍රමාණය සොයාගත් බවද මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.
සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට ගත් හොරොයින් කෑගල්ල පොලිස්ථානය බාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාරය විසින් මුලික විමර්ශණයක් ආරම්භ කර ඇති බව හෙතෙම කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd