( තිලකරත්න දිසානායක.)
බැලුම්මහර - බියගම නව නුවර මාර්ගයේ වැලිවේරිය නගරය ආසන්නයේදී යතුරු පැදියක් ඇතුලු වාහන හතරක් එකට ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් ගම්පහ , බැන්ඩියමුල්ල පදිංචි සිටි දොන් චාරංග මිහිරාන් හේවාවිතාරණ නමැති 38 හැවිරිදි විවාහකයෙකු මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය.
අද ( 24) සවස 6.30 ට පමණ වාහන හතරක් එකට ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් වැලිවේරිය පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුමිත් ගුණවර්ධන මහතාගේ උපදෙස් පරිදි රථවාහන අංශය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd