(යොහාන් භාසුර)

සීනි මිල ඉහළ යෑම පිළිබඳව අවධානය යොමු කරමින් දුඹුරු සීනි ආනයනය කිරීම සඳහා වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මුදල් අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගෙන් අනුමැතිය ඉල්ලා තිබේ.

එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුදු සමයේ රට තුළ සීනි මිල දරාගත නොහැකිව මට්ටමකට ඉහළ යෑම වැලැක්වීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා මෙම ඉල්ලීම කර තිබේ. ශ්‍රී ලංකාවට දුඹුරු සීනි ආයනයනය මේ වන විට තහනම් කර තිබේ.