(අංජුල මහික වීරරත්න)
රට ගොඩනැගීම සඳහා සියලු පාර්ශ්ව පොදු එකඟතාවයකට ගැනීම උදෙසා එක්සත් ජාතික පක්ෂය සංවිධානය කරන සත්‍යග්‍රහය කොළඹ හයිඩ් පිටියේදී හෙට(25)පස්වරු 3ට පැවැත්වේ.
"රට ගොඩනැගීමේ දැක්ම" යන තේමාවෙන් සංවිධානය කර ඇති මෙම සත්‍යග්‍රහයට එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ එජාප නායකයන් සහභාගී වීමට නියමිතය.
ආණ්ඩු මාරු වුණත් ප්‍රතිපත්ති මාරු නොවන පොදු ප්‍රතිපත්තියක් සඳහා සියලුම පාර්ශව එකම වේදිකාවකට ගැනීම සඳහා වන මෙම සත්‍යග්‍රහය සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරන බව එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.
සත්‍යග්‍රහය සඳහා සහභාගී වන සියලුම දෙනාට සුදු ඇඳුමින් සැරසී එන්නැයි ආරාධනා කෙරෙන අතර පක්ෂ පාට භේද වලින් තොරව රට පුරා සියලූ ජන ප්‍රජාවන් ට මෙම සත්‍යග්‍රහය විවෘත බව ද එක්සත් ජාතික පක්ෂය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාලත් අවුරුදු කිහිපයක් රට පාලනය කළා. ජාතික ප්‍රතිපත්තියක් ගැන ඒ කාලෙත් කිහිප දෙනෙක් කතා කළා. ඒවා කතාවලට පමණක් සීමා වූ දේවල් වුණා. ඒ කාලේ ඉඳන්ම ජාතික ප්‍රතිපත්තියක් හැටියට තිබුණේ සහ දැනටත් තියෙන්නේ පුළුවන් තරම් බොරු කීමයි, වංචාවයි, හොරකමයි, දූෂණයයි විතරයි.
පසුගිය ආණ්ඩුවේ ඉඳගෙන හොර නඩය බේරලා දැන් බොරුවට බුරනවා. මේ UNPය මලගම යවපු හොර නඩය රටේ දේශපාලනයෙන් අතුගා දැමීමට මේ රටේ ජනතාව වග බලාගන්න ඕනෑ කාලය දැන් ඇවිල්ලා.