කන්දකාඩු රැඳවියන් 33ක් අතුරුදන් වැලිකන්ද, කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ඇතිවූ ගැටුම්කාරී තත්වය අතරතුර දී පලාගිය රැඳවියන් 33 දෙනකු තවමත් අතුරුදන් බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් රවී හේරත් මහතා පැවසීය. 07 November 2022
සිරදඬුවම් විඳින ඇතින්න ගොව්වා මරයි උඩවලව අලි රැඳවුම් මධ්‍යස්ථානයේ ඇති දැඩි වෙමින් සිටි ඇතින්නක් පහරදීමෙන් එහි සේවකයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමේදී මියගොස් ඇති බව උඩවලව පොලිසිය කියයි. 07 November 2022
පැය 18කට පසු කන්දකාඩුව ආරක්ෂක අංශ යටතට වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙපිරිසක් අතර ඊයේ (6) රාත්‍රියේ ඇතිවූ ගැටුම්කාරී තත්වයෙන් පසු එදින රාත්‍රී 10.00 පමණ සිට අද පස්වරු 4.00 පමණ වන තුරු පැය 18 කට වැඩි කාලයක් එම මධ්‍යස්ථානයේ පාලනය රැඳවියන් විසින් සියතට ගෙන තිබූ බව වාර්තා වේ. 07 November 2022
ජනාධිපති ලෝකයම වෙනුවෙන් ඉල්ලීමක් කරයි ඉදිරි දෙවසර සඳහා ලෝකයේ ආහාර අවශ්‍යතා තක්සේරු කර, වාර්තාවක් ඉදිරිපත් කිරීමට සියලුම රටවල කෘෂිකර්ම අමාත්‍යවරුන්ගේ රැස්වීමක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා COP27 හි ප්‍රධානත්වය දරන ඊජිප්තු ජනාධිපතිවරයාගෙන් සහ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලා සිටියේය. 07 November 2022
කෘතීම රුධිරය අත්හදා බලයි පරිත්‍යාගශීලීන්ගෙන් ප්‍රාථමික සෛල භාවිතා කරමින් රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ කෘතීම රතු රුධිරාණු සෛල පුද්ගලයෙකුට පාරවිලයනය කර ඇත. රසායනාගාරයක් තුළ වැඩි දියුණු කළ රතු රුධිර සෛල පුද්ගලයෙකුට පාරවිලයනය ලොව ප්‍රථම සායනික පරීක්ෂණය ලෙස මෙය ඉතිහාස ගත වන බව පර්යේෂකයෝ පවසති. 07 November 2022
ජනපති බ්‍රිතාන්‍ය අගමැති සහ ස්ලෝවේනියා ජනපති හමුවේ COP-27 දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවට සහභාගිවීම සඳහා ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් (Sharm El Sheikh) නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් මහතා හමුවිය. 07 November 2022
ඇෆ්ගනිස්ථානයේ භූ කම්පනයක් ඇෆ්ගනිස්ථානයේ බඩක්ශාන් පළාතේ අද(07) උදෑසන ප්‍රබල භූමි කම්පාවක් ඇති වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. 07 November 2022
මහනුවර හෙද විදුහල නාය යයි දැඩි බෑවුම් ප්‍රදේශයක පවතින මහනුවර හෙද විදුහල මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් නාය යාමේ දැඩි අවදානමකට ලක්වී ඇති බැවින් දැනට එහි අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් නවතා දමා ඇති බව හෙද විදුහල් බලධාරීහු පවසති. 07 November 2022
සහකාරියට වද දුන් විධායක නිලධාරියා රිමාන්ඩ් සිය සහකාරියට වධහිංසන පැමිණුවැයි අත්අඩංගුවට ගත් රාජ්‍ය ආයතනයක සහකාර අධ්‍යක්ෂකවරයකු යැයි කියන සැකකරුව නව වැනි දා තෙක් රිමාන්ඩ් බාරයේ තබන ලෙසට ගම්පහ වැඩ බලන මහේස්ත්‍රාත් වසන්තා ගුණසේකර මහත්මිය නියෝග කළාය. 07 November 2022
සම්පන්දන් රන් සම්මාන ලබයි ඉන්ස්ටිටියුට් ඔෆ් පොලිටකිස් ආයතනය වාර්ෂිකව සංවිධානය කරන සම්මාන උත්සවයේදී ප්රජාතන්ත්රවාදය සහ සංහිඳියාව යන විෂයයන්ට අදාලව කැපවූ විශිෂ්ඨ දේශපාලන චරිත ඇගයීම සිදුකරන අතර එහිදි දේශපාලනාඥයකුට ජීවිතයේ එකවරක් පමණක් පිදෙන ප්රජාතන්ත්රවාදයේ රන් සම්මානය හිටපු විපක්ෂ නායක ආර්.සම්පන්දන් මහතාට පිරිනැමිණි. 07 November 2022
මිල්ලනිය සිද්ධිය ගැන සොයන්න ’’එස්.අයි.යූ’’ කණ්ඩායමක් මිල්ලනිය ප්‍රදේශයේ පාසල් දරුවන් පිරිසකට පහර දෙන ලදැයි කියන සිද්ධියේදී පොලිස් නිලධාරීන් අතින් වරදක් සිදුවී ඇද්දැයි සෙවීම සඳහා පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශන අංශයේ (S.I.U) නිලධාරීහු කණ්ඩායමක් යොදවනු ලැබ සිටිති. 07 November 2022
ජනතාවගෙන් සොරාගත් මුදල් යළි ලබාදෙන ක්‍රමයක් ගේන්න ජනතාව නොමරා මරණ අසීමිත බදු ප්‍රතිපත්තිය වෙනුවට රටේ සිදුව ඇති වංචා දූෂණ ගැන අපක්ෂපාතී විමර්ශනයක් කර සොරා කෑ මුදල් ජනතාවගේ අතට ලබාදීමට පියවර ගන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව නිදහස ජනතා සභාව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය. 07 November 2022
විදුහල්පතිවරිය-පොලිස් නිලධාරීන් ළමා අධිකාරියට කැඳවයි හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක පස්වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරියගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය (කරන්ට්) වැදීමට සලස්වන ලදැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජාතික ළමාරක්ෂක අධිකාරිය ඒ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින එම විදුහල්පතිවරියටද ගුරුවරියකට සහ පොලිස් නිලධාරීන් තිනෙකුටද ඒ ආයතනය හමුවේ හෙට (8) පෙනී සිටින ලෙස දැනුම්දී ඇත. 07 November 2022
ජනපති ලෝක නායකයන් සමඟ සාකච්ඡා දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවට සහභාගී වීමට ඊජිප්තුවට ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සමුළුව අතරවාරයේ රට රටවල නායකයන් හමු වී සාකච්ඡා පැවැත්වීය. 07 November 2022
දිස්ත්‍රික්ක 7ක නායයාමේ අවදානම තවදුරටත් පවතින තද වැසි සහිත කාලගුණ තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක හතක නායයෑමේ අවදානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි. 07 November 2022
මහ කන්නයට කෘමිනාශක-වල්නාශක බෙදෙන්නේ මෙහෙමයි මහ කන්නයේ දී වී වගාව හා අනෙකුත් වගාවන් සඳහා අවශ්‍ය වන කෘමි නාශක හා වල් නාශක දිවයින පුරා පිහිටි ගොවි ජන සේවා මධ්‍යස්ථාන ඔස්සේ බෙදා හැරීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. 07 November 2022
උතුරු දුම්රිය යළි සාමාන්‍ය පරිදි පීලි පැනීමට ලක් වූ යාල්දේවී දුම්රිය යළි පීල ගත කිරීමෙන් අනතුරුව උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය කටයුතු සාමන්‍ය පරිදි සිදු කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි. 07 November 2022
රටේ තත්වය ගැන විශේෂ විවාදයක් හෙට මැතිසබයේදී රටේ වර්තමාන තත්වය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් පාර්ලිමේන්තුවේදී අද (8) දවස පුරා පැවැත්වේ. 07 November 2022
පාර්ලිමේන්තු පක්ෂ නායකයෝ හෙට රැස්වෙති පාර්ලිමේන්තුවේ ඉදිරි කටයුතු තීරණය කිරීම සඳහා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ විශේෂ රැස්වීමක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී හෙට (8) පස්වරු 12.30ට පැවැත්වීමට නියමිතය. 07 November 2022
තැපැල් දුම්රියේ නිදන මැදිරි පාලකයා බීමත්ව හසුවේ කන්කසන්තුරේ සිට කොළඹ බලා ඊයේ (06) ධාවනය වෙමින් තිබූ රාත්‍රී තැපැල් දුම්රියේ නිදන මැදිරි භාරව සිටි දුම්රිය සේවකයා බීමත්ව සිටියදී අනුරාධපුර දුම්රිය ආරක්ෂක හමුදාව මගින් අත්අඩංගුවට ගෙන තිබේ . 07 November 2022
ධනුෂ්කට ක්‍රිකට් තහනම් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක මහතා ක්‍රිකට් තරඟ සඳහා සහභාගී වීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවන බවත් මින් ඉදිරියට ක්‍රිකට් සංචිත සඳහා ක්‍රීඩකයන් තෝරාගැනීමේදී ඔහුව සලකා නොබලන බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය. 07 November 2022
ධනුෂ්කට ඇප දීම ප්‍රතික්ෂේප කරයි කාන්තාවකට අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් ධනුෂ්ක ගුණතිලක අද(07) සිඩ්නි අධිකරණයට වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඉදිරිපත් කරන ලදි. 07 November 2022
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මෙරටට මෙම ලෝක කුසලාන තරගාවලිය තුළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ධනාත්මක මෙන්ම ඍණාත්මක අවස්ථාවලට මුහුණ දීමට සිදු වූ බවත් , අප කණ්ඩායම හැමවිටම උපරිමයෙන් ක්‍රීඩා කළ බවත් ශ්‍රී ලංකා විස්සයි විස්ස ක්‍රිකට් කණ්ඩායමේ නායක දසුන් ශානක ශ්‍රී ලංකාවට පැමිණෙමින් කටුනායක ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තයේ දී අද (07) උදෑසන පැවසීය . 07 November 2022
කන්දකාඩු සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් පළා යාමෙි සිද්ධිය සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්පූර්ණ වාර්තාවක් ඉල්ලා තිබේ. 07 November 2022
ගුවන් අනතුරුන් මියගිය ගණන 19 දක්වා ඉහළට කඩා වැටුණු ටැන්සානියානු ගුවන් යානයේ සිටි 43 දෙනාගෙන් 19 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව එරට අග්‍රාමාත්‍ය කසීම් මජලිවා මාධ්‍ය හමුවේ පවසා තිබේ. 07 November 2022
සවස් කාලයේ තද වැසි දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 07 November 2022
දේශගුණික විපර්යාස ගැසට්ටුව සතියකින් කැබිනට්ටුවට දේශගුණික විපර්යාස පිළිබඳ මහලේකම් කාර්යාලයක් පිහිටුවීමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව සතියක් ඇතුළත ඇමති මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 07 November 2022
කන්දකාඩු කඳවුරේ ගැටුමක් පොලොන්නරුව වැලිකන්ද කන්දකාඩු පුනුරුත්ථාපන මධ්‍යස්ථානයේ රැදවින් දෙපිරිසක් අතර රාත්‍රි 10 ට පමණ ඇති වු ගැටුමකින් එහි සිටි රැදවියන් පිරිසක් පලා ගොස් ඇති බව වැලිකන්ද පොලිසිය 06 November 2022
තිළිණිට - ජානකීට කෝටි අටක ආශිර්වාද පූජාවක් තිකෝ සමූහ ව්‍යාපාරයේ හිමිකාරිය වන තිළිණි ප්‍රියමාලි සහ ක්‍රිස් සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන යන අය ආශිර්වාද පූජාවක් සඳහා මිලියන 80ක මුදලක් කට්ටඩියෙකුට ලබා දී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා මහත්මිය ඉදිරියේ කරුණු වාර්තා කර ඇත. 06 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026