මිල්ලනියේ විදුහලක සිසුන් තිදෙනකුට අමානුෂික පහරදීමක් හොරණ මිල්ලනිය ප්‍රදේශයේ පාසලක 5 වැනි වසරේ සිසුන් තිදෙනකු විදුහල්පතිවරයාගේ දැනුම් දීම අනුව පැමිණි පොලිස් නිලධාරීන් පිරිසක් විසින් පාසලෙන් එළියට රැගෙන ගොස් දණගස්වා යටිපතුල්වලට පහරදී විදුලිය(කරන්ට්) වැදීමට සලස්වන ලදැ යි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ළමාරක්ෂක අධිකාරියේ සභාපති මහාචාර්ය උදය කුමාර අමරසිංහ මහතාගේ උපදෙස් මත විශේෂ විමර්ශනයක් ආරම්භවී ඇත. 06 November 2022
ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් ලකුණු 71 ක් ජයක් ලැබූ ඉන්දියාව ‘බී’ කාණ්ඩයේ පෙරමුණට පැමිණීමට සමත් විය. 06 November 2022
යූරියා සාද්‍රණය වැඩි කරයි වී වගා හෙක්ටයාරයකට පළමු මුරය සඳහා නිකුත් කරන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ. 06 November 2022
ඉන්දියාවට ලකුණු 71 ක ජයක් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ අවසන් තරගයෙන් ලකුණු 71 ක ජයක් වාර්තා කළ ඉන්දියාව, ‘බී’ කාණ්ඩයේ පෙරමුණ ගනිමින් මෙවර විස්සයි-20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට අවස්ථාව උදා කරගත්තේය. 06 November 2022
ජනපති ජගත් මහලේකම් හමුවෙයි එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස සමුළුව (COP 27) සඳහා සහභාගී වීමට ඊජිප්තුවේ කයිරෝ නුවරට ගොස් සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, එක්සත් ජාතීන්ගේ මහලේකම් අන්තෝනියෝ ගුටේරස් මහතා අද (06) හමුවිය. 06 November 2022
අලුත උපන් දැරිය පිරිමි දරුවෙක් කරලා අනුරාධපුර ශික්ෂණ රෝහලේදි අලුත උපන් බිළිදු දැරියක වෙනුවට පිරිමි දරැවෙකු මාරැකළ බව කියන මවක් සැකපිට ඊයේ (05) දින අත්අඩංගුවට ගත්බව අනුරාධපුර පොලිසිය කියයි. 06 November 2022
පළාත් ඡන්දය කල් යන හැටි හිටපු මැකෝ කියයි පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවෙන් කිසිදාකවත් පළාත් පාලන මැතිවරණය කල් දැමීමක් සිදු නොවන බව පළාත් පාලන ආයතන සදහාවූ කොට්ටාස සීමා නීර්ණය කිරීමේ ජාතික කමිටුවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 06 November 2022
රාජ්‍ය නිලධාරීන්ගේ වංචා ගැන කියන්න අංකයක් රජ්‍ය නිලධාරීන්ගේ අල්ලස් ගැනීම සහ දූෂණ ක්‍රියා සම්බන්ධයෙන් දැනුම්දීමට 1905 දුරකතන අංකය හඳුන්වා දී තිබේ. 06 November 2022
ණය ගැන සාකච්ඡා සුබවාදී මෙරට ණය හිමියන් සමග පැවැති දෙවැනි වටයේ සාකච්ඡා සුබවාදී අවසානයක් කරා එලඹි බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසීය. 06 November 2022
පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතුයි ඒකීය රටක් ලෙස ආර්ථිකය දේශපාලන හා සමාජීය දියුණුවක් ඇති කර ගැනීමට නම් පරිපාලනමය වශයෙන් බලය බෙදිය යුතු බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය. 06 November 2022
රාහුල් - යාදව් ඉන්දියාව ඔසවා තබති ඉන්දියාව සහ සිම්බාබ්වේ අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේදී අද (6 වැනිදා) පැවැති 12 දෙනාගේ වටයේ අවසන් තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 186 ක් ලබා ගත්තේය. 06 November 2022
විධායක කතක් උඩුමහලින් බිමට පනී ගම්පහට නුදුරු ප්‍රදේශයක කාන්තාවක් නිවසෙහි උඩුමහලින් බිමට පැනීම හේතුවෙන් තුවාල ලබා රෝහල්ගත කළ බව ගම්පහ පොලිසිය කියයි. 06 November 2022
සුරාබදු ලොක්කෝ 21ක් දෙසැම්බරයේ ගෙදර සුරාබදු දෙපාර්තමේන්තුවේ පළපුරුදු උසස් නිලධාරීන්( ප්‍රධානීන්) 21 දෙනෙකු මේ වසර අවසානයේදී ( ලබන දෙසැම්බර් 31) විශ්‍රාම ගැනීමට නියමිතව ඇතැයි වාර්තා වේ. 06 November 2022
පාකිස්තානය අවසන් පූර්ව වටයට බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයෙන් කඩුලු 5 ක ජයක් ලැබූ පාකිස්තානය මෙවර විස්සයි-20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබාගත්තේය. 06 November 2022
හැර ගිය බිරිය ගෙන්වා ගන්න දරුදෙදෙනාට ගෙලවැල දාලා තමා හැරගිය බිරිය ගෙන්වා ගැනීම සඳහා තම පස් හැවිරිදි හා දස හැවිරිදි දියණියන් දෙදෙනාට ගෙලවැල දැමූ බව කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 06 November 2022
දැරියන්ට හදි කළ ක්‍රිඩා උපදේශක රිමාන්ඩ් කැකරාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක සිසුවියන් හය දෙනකු වරන්වර ලිංගික අතවරයන්ට ලක් කළ බව කියන ක්‍රිඩා උපදේශකයා 17 වන දින දක්වා රිමාන්ඞ් බාරයේ තබන ලෙස කැකිරාව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් සමන් වැරනියගොඩ මහතා නියෝග කළේය 06 November 2022
විදෙස් ආයෝජන ගන්න කළ යුතු දේ ගැන ජනාධිපතිගෙන් උපදෙස් රටට පුළුල් ලෙස සෘජු විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීම සඳහා අවශ්‍ය සේවා අංශයෙහි ක්‍රමානුකූලව කළ යුතු ලිහිල් කිරිම් හා කලාපීය විස්තීර්ණ ආර්ථික හවුල්කාරිත්ව ගිවිසුමෙහි (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමට කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. 06 November 2022
රජයේ ප්‍රමාදයෙන් කලාකරුවෝ අමාරුවේ මාධ්‍යවේදීන් ඇතුළු කලාකරුවන් සඳහා වාහන මිලදී ගැනීමට ලබාදුන් පොලී රහිත ණය මුදල වෙනුවෙන් ලබාදෙන සහනාධාර මුදල ( subsidy) මහ භාණ්ඩාගාරය ප්‍රමාදකර බැංකුවලට යොමුකිරීම නිසා එම ණය ලබාගත් බොහෝ පිරිසක් දැඩි දුෂ්කරතාවයට පත්ව සිටිති. 06 November 2022
ධනුෂ්ක හෙට සිඩ්නි අධිකරණයට කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හෙට (7) සිඩ්නි අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තහවුරු කරයි. 06 November 2022
පාකිස්තානයට ලකුණු 128 ක ඉලක්කයක් බංග්ලාදේශය සහ පාකිස්තානය අතර ඇඩිලේඩ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (6) පැවැත්වෙන සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 127 ක් ලබා ගත්තේය. 06 November 2022
දකුණු අප්‍රිකාව ලෝක කුසලානයෙන් ඉවතට නෙදර්ලන්ත කණ්ඩායමට එරෙහිව අද (6) ඇඩිලේඩ්හිදී පැවැති සුපිරි 12 දෙනාගේ වටයේ තරගයේදී ලකුණු 13 ක පරාජයක් ලැබීම හේතුවෙන් දකුණු අප්‍රිකාවට අවසන් පූර්ව වටයට සුදුසුකම් නොලබාම මෙවර විස්සයි-20 ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවිය. 06 November 2022
ලිට්රෝ ගෑස් රුපියල් 80 කින් ඉහළ යයි ලිට්රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 80 කින් ඉහල දැමූ බව ලිට්රෝ ගෑස් සමාගම අද (6) පෙරවරුවේ පැවසීය. 06 November 2022
යාල්දේවි පීලි පැන්නත් මගීන්ට බාධාවක් නෑ යාල්දේවි දුම්රිය පීලිපැනීම හේතුවෙන් උතුරු දුම්රිය මාර්ගයේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා ධාවනය වන දුම්රිය වල මගින් මැදවච්චිය සහ වව්නියාව අතර බස් රථ වලින් ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි . 06 November 2022
අඩු වෙනවැයි කී ගෑස් මිල වැඩි වේ ලිට්රෝ ගෑස් මිල ඉහළ දැමීමට තීරණය කර ඇති බව ලිට්රෝ ගෑස් සමාගමේ උසස් නිලධාරියෙක් පැවැසීය. 06 November 2022
පේරාදෙණිය සරසවියේ නවක වදය ඔන්ලයින් හරහා පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ නවක සිසුන් පිරිසකට සමාජ මාධ්‍ය ඔස්සේ වට්ස් අප් කණ්ඩායමක් නිර්මාණය කොට ඇමතුම් ලබා ගනිමින් අසභ්‍ය දර්ශනවලට එම එම සිසුන් පොලඹවා ගනිමින් නවක වදය ලබා දීමට තැත් කළ බව කියන සිසුන් පිරිසක් සම්බන්ධයෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විනයාරක්ෂක නිලධාරියා විසින් පේරාදෙණිය පොලිසියට පැමිණිල්ලක් සිදු කොට තිබේ . 06 November 2022
පළාත් රැසකට අදත් වැස්ස දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනගිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත්, යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය. 06 November 2022
ජනපති ඊජිප්තු යයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිව් දින නිල සංචාරයක් සඳහා ඊජිප්තුව බලා පිටත්ව ගියේය. ඊජිප්තුවේ ෂාම් එල් ෂීක් ( Sharm El Shiek) නුවර අද 06 දා සිට 18 දා පැවැත්වෙන දේශගුණික විපර්යාස පිළිබඳ COP 27 ලෝක සමුළුවේ දේශනයක් පැවැත්වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඊජිප්තු නිල සංචාරයේ මූලික අරමුණයි. 06 November 2022
පුටින් නව නීතියකට අත්සන් තබයි දරුණු අපරාධකරුවන්ට රුසියානු හමුදාවේ සේවය කිරීමට ඉඩ ලබා දෙමින් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් නව නීතියකට අත්සන් තබා තිබේ. 06 November 2022
ධනුෂ්ක ගැන ක්‍රිකට් ආයතනයෙන් ප්‍රකාශයක් ඕස්ට්‍රේලියානු ජාතික තරුණියකට ලිංගික අතවර කළේ යැයි චෝදනාව මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක පොලිස් බාරයෙන් මුදවා ගැනීමට නීතිඥවරුන් සමග කටයුතු කරමින් සිටින බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලේකම් මොහාන් ද සිල්වා මහතා ’ලංකාදීප’යට අද (6) පෙරවරුවේ පැවැසීය. 06 November 2022
2024 ජනපතිවරණයට එනවා - ට්‍රම්ප් 2024 වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට රිපබ්ලිකන් අපේක්ෂකයා ලෙස තමන් ඉදිරිපත් වීමට සූදානම් යැයි හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. 05 November 2022
නිලාවේලි මුහුදේ නාද්දී ගසාන ගිය හතක් බේරා ගැනෙති ත්‍රිකුණාමලයේ සංචාරයකට පැමිණි වන්දනා නඩයක පිරිසක් අද පස්වරුවේ නිලාවේලි මුහුදේ දිය නාද්දී දිය වැලකට අසුව ගසා හත් දෙනකුගේ දිවි බේරා ගැනීමට එහි රාජකාරියේ නියුතු පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ හ.. 04 February 2026