(අංජුල මහික වීරරත්න)

රටෙි පාලනය සකස් විය යුතු ආකාරය පිළිබඳ ආර්ථික ප්‍රතිපත්තියේ මූලික පියවර මේ වන විට සැලසුම් කර ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාතික ප්‍රතිපත්තියක් අනුව රට ඉදිරියට ගෙන යාමේ අවශ්‍යතාව  අවධාරණය කළ ජනාධිපතිවරයා එම ජාතික ප්‍රතිපත්තියක් සැකසීමේ දී සියලු දෙනා අතර එකඟතාවක් ඇතිකරගත නොහැකි වුවත් විවිධ විෂයයන් පිළිබඳ පුළුල් සම්මුතියක් ඇති කර ගැනීම සහ ඒවා බලාත්මක කිරීම සහතික කිරීම රජයේ පරමාර්ථය බව කීය. 

පසුගිය කාලයේ පැවති බොහෝ ආණ්ඩු ජාතික ප්‍රතිපත්ති නොසලකා හරිමින් කටයුතු කිරීම නිසා රටෙි ගැටලු මතුවු බව ද ජනාධිපතිවරයා කීය.

ජාතික නීතිඥ සමුළුවේ දෙවැනි දින සැසිය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය.