
(නිමල කොඩිතුවක්කු)
ලබන වසරේ පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය හැකිනම් මේ වසරේ ම පවත්වන්නැයි ජනාධිපතිවරයාට අභියෝග කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
ඒ වෙනුවෙන් අවශ්‍ය කරන නීති ප්‍රතිපාදන සඳහා සමගි ජන බලවේගය පූර්ණ සහයෝගය ලබාදෙන බව ද විපක්ෂ නායකවරයා පැවසීය.
මැතිවරණ ගැන ජනතාවට විශ්වාසයක් නැතැයි ජනාධිපතිවරයා පවසා ඇති බවත් තනි ආසනයකට බැස්ස පක්ෂයක නායකයෙකුගෙන් එවැනි ප්‍රකාශයක් නිකුත් වීම ගැන පුදුම නොවන බවත් "උදාවක ඇරඹුම" වැඩසටහනට උද්දකන්දර සදානීලගම ප්‍රදේශයේදී එක් වෙමින් ඔහු පැවසීය.
මැතිවරණයක් පැවැත්වුවහොත් ජනාධිපතිවරයාට අත්වන ඉරණම පිළිබඳව ඔහු හොඳාකාරව දන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අප්පුහාමි ඔහේ හරියටම මුසිලම තමයි. ඔහෙව නියෝජ්‍ය ඇමති කලෙත්, ඇමති කලෙත් රනිල් තමයි. නැත්නම් ඔහේ තාම හම්බන්තොටට වෙලා බසිකල් හා වතුර මෝටර් බෙද බෙදා ඉන්නවා. අප්පුහාමි ඔහේ හරියටම මුසිලම තමයි. ඔහෙව නියෝජ්‍ය ඇමති කලේත්, ඇමැති කලේත් රනිල් තමයි. නැත්නම් ඔහේ තාම හම්බන්තොටට වෙලා බයිසිකල් හා වතුර මෝටර් බෙද බෙදා ඉන්නවා. රනිල් කියන්නේ ලංකාවේ උසස්පෙළ සමත්වෙලා ලංකාවේ විශ්ව විද්‍යාලයකින් උපාධියක් ගත්තු කෙනෙක්. බොහොම ඉවසීමක් තියෙන පරිණත දේශපාලඥයෙක්... ඔහෙට වුනේ ඉවසීමක් නැති කමයි.. තරමට වඩා ඉදිමෙන්න පටන් ගැනීමයි. ඉදෙන්න කලින් පැහෙන්න ගියාම ඔහොම වෙනවා. ඔහේගේ දේශපාලනයත් ඊළඟ ඡන්දෙන් ඉවරයි. ඔහේ ඊළඟ ඡන්දෙන් පස්සේ නිකන්ම නිකන් මන්ත්‍රී කෙනෙක් විතරයි. රා බීපු මීයගේ කතාව අහලා ඇති නේද?
මෙන්න අද දවසේ කතාව... රට බාර ගන්න ඉන්න ලෝකෙටම එකක් වගේ ඉන්න නායකයාගේ. අභියෝග කරනවා. මෙයා මේ වෙනකම් කළ අභියෝග මෙයාටවත් මතකද දන් නැහැ. ඔයා නොවේ රටේ මීළඟ නායකයා. රටට ඕනෑ අභියෝගවලට අභියෝග කරන නායකයෙක් මිස ඔයා වගේ කෙනෙක් නොවේ.
මේ අභියෝගය විහිළුවට කියපු දෙයක් වෙන්න බැරිද? මුලදී හිතුණේ බීලා වැඩිවෙලා කියපු කතාවක් කියලා. ඵ්ත් මේ දවස්වල බාර් වහලා නිසා ඵ්ක වෙන්න අමාරුයි.
එයා දැන් වයසයි. එයා කියන ඒවා අනිත් පැත්තට කියන්නේ..! ඔබතුමා ඕවා ගණන් ගන්න ඡන්දෙන් ආපු කෙනෙක් නෙවෙයිනේ...!
දේශපාලකයින්ට මාධ්‍ය තුළ දෙන අවස්ථාව සියබලාණ්ඩුවේ පාසල් ලමයෙක්ට දුන්නා නම් මීට වඩා යහපතක් රටට සිදු වනු ඇත .
ලපයටයි සජී බබාටයි වියපත් නීතිඥ තුමාට කිට්ටුවට වත් යන්න ඛෑ. ඒක කරන කියන දේවල්වලින් තේරෙනව.....
නිකන් පලයන් බං යන්න