ඉන්දිකා රාමනායක

ගිරිතලේ යුද හමුදා පොලිස් සේවා බළකා කඳවුරට අයත් සුබසාධන අලෙවිහල බිඳ රුපියල් ලක්ෂ 2ක පමණ දුම්වැටි තොගයක් සොරාගෙන ගොස් ඇතැයි මින්නේරිය පොලිසිය පවසයි.

එහි ඉදිරිපස කවුළුව බිඳ ඇතුළු වී මෙම සොරකම සිදුකර ඇති බවට යුද හමුදා පොලිසිය කළ දැනුම් දීමකට අනුව පොලිසිය ඒ සම්බන්ධයෙන් විමර්ශනය ආරම්භ කර ඇත.

මෙම සොරකම ඊයේ අලුයම කාලයේ සිදුව ඇති බවට යුද හමුදා පොලිසිය මින්නේරිය පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත.

යුද හමුදා කඳවුර පිහිටියේ පවත්වාගෙන යන මෙම සුබසාධක අලෙවි අසල පිටස්තර පුද්ගලයන්ට නිකරුණේ රැඳී සිටීමට අවසර නොමැති අතර එහි පිහිටීම ඇතුළු විය හැකි ස්ථාන සම්බන්ධයෙන් මනා වැටහීමක ඇති හා එහි දුම්වැටි තබා ඇති ස්ථාන හොඳින් දන්නා පුද්ගලයකු මෙම සොරකම සිදු කරන්නට ඇති බවට පොලිසිය සැක කරයි.

මේ සම්බන්ධයෙන් කිසිවකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.