(ලක්මි කුඩලිගම)

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ (5) සවස ඇද හැළුණු තද වර්ෂාව නිසා ප්‍රදේශයේ දොල මාර්ග පිටාර ගැලීම නිසා මාර්ගරැසක් ජලයෙන් යටවීය. මේ නිසා උදාසන රාජකාරි සඳහා පිටත් වූ පිරිස් ආපසු නිවෙස්වලට පැමිණීමේදී දැඩි අපහසු තාවයට පත් වූහ.

අගලවත්ත කුඩලිගම හරහා හොරණ මාර්ගයේ ස්ථාන රැසක් ජලයෙන් යටවීය. කළු ගඟේ අතු ඇළක් වන ගල්අක් ඇළ පිටාර ගැලිම නිසා මෙම මාර්ගය ජලයෙන් යටවිය. ඇතැම් ස්ථාන අඩි හතරක් පමණ ජලයෙන් යටවිය. මේ හේතුවෙන් ගමනා ගමනයට ද බාධා එල්ල විය.

පැයක් වැනි කෙටි කාලයකදී මිලිමීටර් 100 වඩා තද වැස්සක් ඇද හැළුණු බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.