(රංජන් කස්තුරි)
ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත දමා ඇතත් වානිජ බැංකු තවමත් ඉහළ ණය පොලි අනුපාත අයකරමින් සිටින බව වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 31 වැනි දින රැස්වී පොලි අනුපාත පහත දැමූ බවත් ඊට සමගාමීව වාණිජ බැංකු ද ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපෙක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කළේය.
එහෙත් අද පස්වරුව වන විට මෙරට රාජ්‍ය බැංකු සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු ණය පොලි අනුපාත පහත දැමීමට පියවර ගෙන නොතිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔවුන්ට වැඩි කරන්න කියන්න බලන්න කියන පමාව විතරයි මරාගෙන කන්න බලන් ඉන්නේ...
තාමත් පෞද්ගලික බැංකු සහ ෆයිනෑන්ස් ආයතන පොළී අනුපාත අඩු කර නොමැත
ඉතුරුම්වලට ගෙවන පොලිය හොඳටම අඩුකරල. ඒත් ණය පොලිය තාම එතනමයි. ඉතුරුම්වලට උනන්දුව අඩුවෙනව. උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ඉතුරුම්වලට අවශ්‍යයි.
ඔයා කැමති දෙයක් කරන්න මහත්තයා .අපි මේ දේට මුකුත්ම කරන්න බෑ කියලා ඔයා දන්නවා නේ .ඉතින් අපිට කියලා වැඩක් නෑ
අනේ අපිටද කියන්නෙ,වැඩිකරපු උන්ටම කියන්නකෝ අඩුකරවන්න කියල
උකස් පොලිය අඩු කරන්න.මෙි උකස් පොලිය දරා ගන්න බැරිව කොපමණ පිරිසක් පිඩාවට ලක්වෙනවද.