(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකා මහ බැංකුව පොලි අනුපාත පහත දමා ඇතත් වානිජ බැංකු තවමත් ඉහළ ණය පොලි අනුපාත අයකරමින් සිටින බව වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය ඉකුත් 31 වැනි දින රැස්වී පොලි අනුපාත  පහත දැමූ බවත් ඊට සමගාමීව වාණිජ බැංකු ද ණය පොලී අනුපාත පහත දමනු ඇතැයි අපෙක්ෂා කරන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා නිවේදනය කළේය. 

එහෙත් අද පස්වරුව වන විට මෙරට රාජ්‍ය බැංකු සහ ප්‍රධාන පෙළේ පෞද්ගලික බැංකු ණය පොලි අනුපාත පහත දැමීමට පියවර ගෙන නොතිබිණි.