(යොහාන් භාසුර)
ප්‍රංශයේ පැරිස් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයෙන් මෙරටට පැමිණි පුද්ගලයක් සතුව තිබී රුපියල් කෝටි 9 කට ආසන්න වටිනාකමකින් යුත් රත්තරන් කිලෝ 4 කට වැඩි ප්‍රමාණයක් කටුනායක ගුවන්තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකා රේගුවේ මැණික් තක්සේරු අංශයේ නිලධාරීන් සැකකරු අත්අඩංගුවට ඔහුගේ ගමන් මළු පරික්ෂා කිරීමේදී එහි ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබුණ රත්තරන් පොලු සහ ස්වර්‍ණාභරණ තොගයක් සොයාගත් බවත් මෙම රත්තරන් තොගයේ මුළු බර කිලෝ 4යි ග්‍රෑම් 611 ක් බවත් රේගුව සඳහන් කළේය.
මම රත්තරන් තොගයේ වෙළඳපළ වටිනාකම රුපියල් මිලියන 85 ක් වන බව කී රේගුව සැකකරු ප්‍රංශ ජාතිකයෙක් බවද හඳුනාගත් බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයා කිව්වේ නැද්ද මේවා මගේ නෙවෙයි කියලා...?