(අංජුල මහික වීරරත්න)

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනකු පත්කරන ලද අතර ඔවුන්ට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.

දිසා විනිසුරුවරුන් ලෙ කටයුතු කළ ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න නව මහාධිකරණ විනිසුරුවරු වෙති.