(අංජුල මහික වීරරත්න)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මහාධිකරණ විනිසුරුවරුන් හතර දෙනකු පත්කරන ලද අතර ඔවුන්ට අදාල පත්වීම් ලිපි ප්‍රදානය කළ බව ජනාධිපති කාර්යාලය පවසයි.
දිසා විනිසුරුවරුන් ලෙ කටයුතු කළ ටී. ප්‍රභාකරන්, පී.කේ. පරණ ගමගේ සහ පාර්ලිමේන්තු නියෝජ්‍ය මහලේකම් ලෙස කටයුතු කළ ටිකිරි කේ. ජයතිලක සහ රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ කේ.ඩී.වයි.එම්. නයනි නිර්මලා කස්තුරිරත්න නව මහාධිකරණ විනිසුරුවරු වෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිියටම නීතිය කියාත්මක කරන්න. කිසිවකුගේ අනසකවලට යට වන්න එපා. කෙසේ හෝ අපට තියෙන එකම පිහිට ගරු අධිකරණය පමණයි. එය ආරක්ෂා කරන්න. දැන් ඔබලා අත තිබෙන බලය එසේ මෙසේ නොවෙයි. කෙනෙක් එල්ලුම්ගහට වුණත් යවන්න පුළුවන්. ළමා අපරාධකරුවෙකුට දඬුවම් කරන්න පුළුවන්. ඔබලාට නීතිය ගැන උගන්වන්න දෙයක් නැහැ. ලැබූ තනතුරෙන් හැකි උපරිම සාධාරණය ඉටුකර සමාජය යහමගට ගන්න දායක වෙන්න. ඔබලා සැමටම සුබ අනාගතයක්...!