කැන්ඩි ක්‍රීඩකයෝ එල්.පී.එල්. ශූරතාව දිනති ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 ශූරතාව දිනාගැනීමට වනිඳු හසරංග නායකත්වය දැරූ බී - ලව් කැන්ඩි පිල අද (20) සමත් විය. 21 August 2023
සංචාරක ප්‍රවර්ධනයට අත දෙන අයට රජයෙන් පහසුකම් මෙරට ආර්ථිකය ගොඩනැඟීමේ ඉලක්ක කඩිනමින් සපුරා ගත හැකි ප්රමුඛ ක්ෂේත්රය වන සංචාරක කර්මාන්තය ප්‍රවර්ධන සඳහා වැදගත් තීන්දු තීරණ රැසක් වෙනුවෙන් රජය ප්රමුඛ අවධානයක් යොමු කර තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 20 August 2023
ගම්පහ සමුළුවට හිටපු දිසාපති හා ලේකම්වරු එකතු වෙති ජාතික ජනබලවේගයේ ගම්පහ ආසන සමුළුවට හිටපු දිසාපති සහ අමාත්‍යංශ ලේකම් දූර දැරූ තිලක් හපන්ගම , ටී.එම්. අබේවික්‍රම සහ ධර්මසේන දිසානායක යන මහත්වරු ද එක් වූහ. 20 August 2023
ගිනි ගත් ෆෙරාරි රථය කෝටි 60කට අලෙවි වේ මීට වසර 63 කට පෙර පැවති මෝටර් රථ තරඟයකදී ගිනිගෙන දැඩි ලෙස හානියට පත් වූ ෆෙරාරි වර්ගයට අයත් මෝටර් රථයක් වෙන්දේසියකදී ඇමෙරිකානු ඩොලර් මිලියන 1.8 ක (ශ්‍රී ලංකා රුපියල් කෝටි 60 ක පමණ)මුදලකට අලෙවි වී ඇත. 20 August 2023
පොඩ්ඩෝ ඇල්ලූ ගවයන් ලොක්කෝ මුදා හරිති බලපත්‍ර රහිතව ප්‍රවාහනය කළ එලගවයන් අට දෙනකු ප්‍රවාහන කළ පුද්ගලයකු හරක් හත් දෙනකු හිංසාකාරි ලෙස ප්‍රවාහනය කරද්දී අත්අඩංගුවට ගෙන නඩු පැවැරිමට සූදනම් කරද්දී උතුරු මැද පළාතේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයකුගේ නියෝගයෙන් හරක් සහ සැකකරු මුදා හැර ඇත. 20 August 2023
පවුල් හැටදාහක් අනාථයි දිවයිනේ දිස්ත්‍රික්ක 15 ක බලපැවැත්වෙන අධික නියග තත්වය හේතුවෙන් උග්‍ර පානීය ජල හිඟයට මුහුණ දී සිටින පවුල් සංඛ්‍යාව හැට දහස් නව සිය අනූවක් (60900) දක්වා ඉහළ නැග ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහ මහතා පැවසීය. 20 August 2023
බිංගිරියේ සිට මාරයා උණවටුනට ඇවිත් සිසුවා බිලිගනි බිංගිරියේ සිට උණවුටන ප්‍රදේශයේ සංචාරයකට පැමිණි දහම් පාසල් සිසුන් කණ්ඩායමක සිසුවෙකු උණවටුන රුමස්සලදී සිදුවු අනතුරකින් අද සවස මියගොස් ඇතැයි හබරාදුව පොලිසිය පවසයි. 20 August 2023
කුඩාවැල්ලේ වෙඩි තැබීමකට නාවික භටයකු අත්අඩංගුවට තංගල්ල කුඩාවැල්ල ප්‍රදේශයේ දී ඉකුත් (15) දින රාත්‍රියේ බහුදින යාත්‍රා ස්කීපර් වරයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ වෙඩික්කරුවා වශයෙන් කටයුතු කළ නාවික හමුදා භටයකු විශේෂ කාර්ය බලකාය මගින් බලපිටිය ප්‍රදේශයේදී අද (20) පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබීය. 20 August 2023
ජනපති සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක් සඳහා හෙට (21) අලුයම දිවයිනෙන් පිටත්ව යයි. 20 August 2023
පාතාලයේ රොත්තක් ඉන්දියාවේ දී මාට්ටු පාතාල ලෝකයේ ප්‍රබල නායකයකු ලෙස සැලකෙන ගනේමුල්ල සංජීව සහ ඔහුගේ ප්‍රධානතම වෙඩිකරු ලෙස සැලකෙන ගොත අසංක නැමැත්තා ඉන්දියාවේ දී එරට ආරක්ෂක අංශ නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබෙන බවට ආරංචි පැතිර යමින් පවතින බව මේ රට මෙරට බුද්ධි අංශ නිලධාරියෙක් ලංකාදීපයට පැවසීය. 20 August 2023
කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ සිංගප්පූරුවේ සමාගමකට ආයෝජනය කර ලාභාංශ ලබා දෙන බව පවසා රුපියල් කෝටි 20 කට අධික මුදලක් හා රන් පවුම් 150 ක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 20 August 2023
මැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්‍රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත. 20 August 2023
මත්පැන් හලේ ගුටි ඇනගෙන අයෙක් මරුට වව්නියාව පූන්තොට්ටමු ප්‍රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී අද (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 20 August 2023
වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක් ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්‍යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 August 2023
අතුරුදන් ගුවන් සෙබලා හමුවේ යුද අභ්‍යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා අද පස්වරුවේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි. 20 August 2023
රේගු නිලධාරීන්ගේ නව සභාපති සංජීව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට ජේ. ජී. ඒ. සංජීව මහතා පත්විය. එම සංගමයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ග්‍රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි. 20 August 2023
කිලිනොච්චයේ ළිඳකින් පුපුරණ ද්‍රව්‍ය හමුවෙයි කිලිනොච්චිය , පරන්තන් හි නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අද (20) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 20 August 2023
රුසියන් යානය සඳට කඩා වැටේ රුසියානු ’රොස්කොස්මොස්’ අභ්‍යවකාශ ආයතනය වසර 47 කට පසු සඳට යැවූ ’ලූනා 25’ චන්ද්‍ර යානය, සඳට පතිත කිරීමට උත්සාහ ගනිද්දී සඳට කඩා වැටුණේය. 20 August 2023
රේගුවේ නමින් වංචා ඉහළ ගිහිල්ලා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු සහ විස්තර භාවිතා කර ජනතාව රවටා මූල්‍ය වංචා කිරීම ඉහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 August 2023
’හාල් හිඟයක් නොවුණත් මිල වැඩි වෙයි’ ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්‍රමාණයකට ඉහල යනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 20 August 2023
ලූණු කිලෝවක් 200 පනී ඉන්දීය රජය ලූණු මත සියයට 40 ක අපනයන බද්දක් පැනවීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ ලූණු මිල ඉහළ ගොස් ඇති බව මෙරට ආනයනකරුවෝ පවසති. 20 August 2023
ආනයන සීමා ඉවත් කිරීම පරිස්සමින් විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්‍යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 20 August 2023
හිටපු මාණ්ඩලික ප්‍රධානී ජාජබ වේදිකාවේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය. 20 August 2023
වරෙන්තුකරු වෙඩි තබා අල්ලයි චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අලදෙනිය පොලිස් නිලධාරීන්ට පහරදී පැනයාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 20 August 2023
ගුවන් භටයා ගිනි අවියත් සමඟ අතුරුදන් මොරවැව ගුවන් හමුදා කදවුරේ මුලික පුහුණුව හදාරමින් සිටි ගුවන් භටයෙකු කන්තලේ රක්ෂිතයේ යුද අභ්‍යාසයක නිරතව සිටියදි ටී 56 ගිණි අවිය සමග අතුරුදහන් වි ඇති මොරවැව පොලිසිය කියයි. 20 August 2023
බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර කෑ දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි. 20 August 2023
ලොකු ලූනු වගාවට හෙනහුරා ලබයි මෙරට ලොකු ලූනු වගාව දිනෙන් දින අභාවයට යන හෙයින් නැවතත් එම වගා කටයුතු දියුණු කිරීමට අවශ්‍ය පියවර ගැනීම සඳහා ලොකු ලූනු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 20 August 2023
ගණන් වලින් කප් ගසා මොරටුවට ආ සිසුවා දිවි නසා ගනි? අධ්‍යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්‍රික් ප්‍රථමයා වි දැනට මොරටුව විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබන සිසුවෙකුගේ සිරුර සිය නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. 20 August 2023
කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්‍රව්‍යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි. 20 August 2023
තල්ගස්වැව් පද්ධතියට ගිනි තියලා:සතුන් රැසක් මැරිලා ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් ගිනි තැබිමේන් උරගයින් වර්ග රැසක් පිලිස්සි මිය ගොස් , ඒ සමගම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ගෙන විනාශ වී වෘක්ෂයන්ද මැරි යාමේ අවදානමක් මතුව තිබේ. 20 August 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026