(යොහාන් භාසුර)
ශ්‍රී ලන්කන් ගුවන් සමාගම දේශීය සහ විදේශීය විවිධ පාර්ශවයන්ට ගෙවිය යුතු ඇමරිකානු ඩොලර් මිලියන 510 ක් හෙවත් ඩොලර් කෝටි 51 ක දැවැන්ත ණයක් ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගත් බව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (5) පැවසීය.
එම සමාගම ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ණය රුපියල් බිලියන 102 ක් හෙවත් රුපියල් කෝටි 10,200 ක්, ලංකා බැංකුවට සහ මහජන බැංකුවට ණය ඩොලර් මිලියන 210 ක් සහ ලංකා බැංකුවට ඇති ඩොලර් මිලියන 68.2 ක බැංකු අණකරයක් ගෙවීම ආණ්ඩුව භාරගත් බවත් එම ණය ප්‍රමාණය පමණක් ඩොලර් මිලියන 302 ක් පමණ වන බවත් අමාත්‍යවරයා කීය.
ඊට අමතරව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගෙන ඇති ඩොලර් මිලියන 175 ක ජාත්‍යන්තර බැදුම්කරයක් වෙනුවෙන් භාණ්ඩාගාරය දැනටමත් ඔවුන් නොගෙවුවහොත් ගෙවන බවට බැදුම්කරයක් දී ඇති බවත් ලංකා සහ මහජන යන බැංකුවට ඇති තවත් රුපියල් බිලියන 31.4 ක ණයක් සඳහා භාණ්ඩාගරය බැදුම්කරයක් දී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණයෙන් ලැබෙන මුදලින් මෙම මුදල අයකරගැනීමට ද නියමිත බව ද අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලයේ ඉන්නා තුරු හොරා කෑවෙත් ඔවුන්, දැන් පාඩුයි පාඩුයි කියලා ගෙඩිය පිටින් විකුණලා කොමිස් කුට්ටිය කඩා ගන්නෙත් ඔවුන් පාඩුව විතරක් අපේ කර පිටට...
මෙච්චර ණය වුණේ අපිව නොමිලේ අරන් ගිහින්ද?
දූෂිත පවුල් පාලනේ අය, දූෂිත දේශපාලුවෝ කරපු වැරැදි. කිසිම උගත්කමක්, සුදුසුකමක් නැති කෙනෙක් සභාපති කරලා, පවුල් පිටින්, බුරුතු පිටින් පිනට සවාරි ගැහැව්වා.
මොවුන් කතා කරන්නේ හරියට "ආණ්ඩුව" කියන්නේ මොවුන්ගේ අම්ම අප්පාගේ බූදලය වගේ කියල හිතාගෙනනේ..? මේ හොරු, හොරාකාලා විනාශ කළ ඒ මුදල් කන්දරාවේ බරත් අදින්න ඕනෑ... මේ රටේ අසරණ ජනතාව නේද..? එක අතකට, මහලොකු දේශප්‍රේමී උජාරුවට අපිටත්, ගුවන් සමාගමක් තියනවා කියලා පම්පෝරි ගැහුවා. මෝඩයින්ට ඔහොම වෙලා මදි....! ජීවිත කාලය පුරාවටම කඹුරපල්ලා මේ හොරුන්ට...
ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු සභාපති නිශාන්ත වික්‍රමසිංහ සමාගමේ වංචා, දූෂණ රාශියකට සම්බන්ධ වී ඇති බවට ඒ පිළිබඳ පරීක්ෂණ කළ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.සී.වැලිඅමුණ වාර්තාවෙන් හෙළි වී තිබෙනවා. හොඳයි ඒකත් අපි ගෙවමු...
ආණ්ඩුව කියන්නේ කවුද මෙයා..?
දැන් අලි බබා සහ හොරු ටික ගෙදරින් ගෙනල්ලා ද ගෙවන්න යන්නේ...? අනේ යන්න...
ආණ්ඩුව කියන්නේ රටේ මිනිසුන්ගෙන් එකතු කරන බදුමුදල් තමයි.
මෙම ගණන්වල යම් පරස්පරයක් තිබෙන බව පෙනෙන්නට තිබේ. මෙම ගණන් සත්‍ය නම්, ශ්‍රී ලංකාවේ රටක් වශයෙන් ඇති මුළු ණය ප්‍රමාණයෙන් අඩකට වැඩ, ශ්‍රී ලන්කන් ණය වී ඇති බවක් පෙනේ. එසේ නොමැති නම්, නිමල් ලොක්කා නිදාගෙන ඉඳලා ඇවිල්ලා කියපු ගණන් ටිකක්...
ණය ගෙවීමේ වගකීම ආණ්ඩුව භාරගන්නවා කියන්නේ, හරියට ආණ්ඩුවේ ඉන්න මැති-ඇමැතිවරු කරගැහුව වගෙයිනේ. මේවා ඔක්කොම රටේ ජනතාවගේ බදු මුදල්... එමිරේට්ස් එකෙන් ගන්නකොට ලාභ ලබපු ශ්‍රී ලන්කන් ලබපු පාඩු කරපු අයගෙන් අයකරගත යුතුයි, ජනතාව තවදුරටත් රවටන්නේ නැතුව...
ආණ්ඩුව කර ගහනවා කියන්නේ ජනතාව පිට මේ බර වැටෙනවා , නිශාන්ත වික්‍රමසිංහ , කපිල චන්ද්‍රසේනල , ලොකු මෛනලා පොඩි මෛනලා කල හොරකමුත් වැටෙන්නේ ජනතාව පිට , මිට වැඩිය හොඳ නැද්ද සමගම බංකොලොත් කියල වහල දැමනම් , ලෝකයේ දියුණු රටවල් වත් මේ විදිහට ආණ්ඩුව මෙවැනි පාඩු වලට කරගහන්නේ නැහැ , මේක සමාගමක් ලෙස කරගන යන්න හේතුවත් හදිසියේ පාඩු ලැබුවොත් ආණ්ඩුව වගකියන්න අවශ්‍ය නැති නිසා
මේවා කියන්න හරි ලේසියි. ගෙවන්නේ අපිනේ.