(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ප්‍රශ්නය කතා කරන්න ඕන තරම් අය ඉන්න නමුත් උත්තර හොයන්න කවුරුවත් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ප්‍රශ්නය කතා කරද්දී විපක්ෂය ඒ ගෞරවය ලබා ගන්නා නමුත් විසඳුම් හොයද්දී ආණ්ඩුවට ඒ ගෞරවය ලබා දෙන්නේ නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍යවරයා කීය.
රජය ප්‍රශ්නයට විසඳුම සොයද්දී ජනතාවට ඇතිවන කෙටි කාලීන පීඩනය මතින් විපක්ෂය වාසියක් ලබාගන්නා බවත් එය දේශපාලන කුහකත්වය බවත් මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
එක කොටසකට ඇතිවී තිබෙන පීඩනය ගැන පිළිතුරක් හොයනවා වෙනුවට මිලියන 22 ක ජනතාවගේ වගකීම ආණ්ඩුවට තිබෙන බව අමතක කළ යුතු නැතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාලත් විපක්ෂයේ ඉන්නකොට ඔහොමයි. ප්‍රශ්නයක් ආවාම ඒක වවාගෙන කන්න තමයි විපක්ෂය බලන්නේ. හොඳම උදහාරණය ජවිපෙ ප්‍රශ්නයක් එනකල්නේ බලන් ඉන්නේ ඒකට තෙල්පෝර, දාලා රට අවුල් කරන්න. හැබැයි බලය දෙන්න යනකොට පැනලා දුවනවා. මතකයිනේ අරගල කාරයෝ... රට අරාජික කරපු වෙලාවේ රටේ පාලනය දෙන්න හැදුවාම අකුදී සහෝදර තුමා හැංගුණු හැටි. සජි බබාත් පැනලා දුවන්න නම් දක්ෂයි.
ඔබලත් ඔය ටිකම කරා මතක නැද්ද කිරිපුතේ...?
එහෙනම් ඔයාලා විපක්ෂයට ගිහින් ප්‍රශ්න කර කර ඉන්නකෝ .විසඳුම ඒකයි