IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


නිල්වලා කමිටුවට පවිත්‍රා දැම්මාට මැති සබේ විරෝධය

(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

මාතර නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සොයා බලා විසඳීම සඳහා යෝජනාවලියක් සැකසීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට  පත්කර ඇති  පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතිත්වයට පවිත්‍රා දේවී වන්නිආරච්චි මහත්මිය පත් කිරීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් පාර්ලිමේන්තුවේදී අද (5) විරෝධය පළ කළහ.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසූවේ  නිල්වලා ව්‍යාපෘතියේ ගැටලු සම්බන්ධයෙන් අපක්ෂපාතී විමර්ශනයක් පැවැත්විය යුතු බවයි.

මෙම කමිටුව පත් කෙරුණේ විපක්ෂයේ ඉල්ලීමක් අනුව බව පැවසූ විපක්ෂ නායකවරයා පවිත්‍රා  මහත්මිය වාරිමාර්ග අමාත්‍යවරිය ලෙස කටයුතු  කරමින් සිටියදී මේ කමිටුවට පත් කිරීමෙන් බැඳියාවන් අතර ගැටුමක් ඇතිවන බවද ප්‍රකාශ කළේය



අදහස් (1)

නිල්වලා කමිටුවට පවිත්‍රා දැම්මාට මැති සබේ විරෝධය

කැළනිවැලි Tuesday, 05 March 2024 02:31 PM

මට හිතෙනවා නිල්වලා ගඟේ මැණික් ඉල්ලම් තියෙනවා කියලා. ඒක තමයි එයා ඕකට පත්කිරීම කරන්න ඇත්තේ. ඔහොම කටයුතු සඳහා ප්‍රදේශයේ ප්‍රශ්නය ගැන හොඳින්ම දන්න කියන එම ප්‍රදේශයේ ගැටලු ගැන අත්දැකීම් තියෙන කෙනෙක්ම පත්කලොත් මිස සාර්තකත්වයක් ගන්න බැහැ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 287 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 190 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site