
(අංජුල මහික වීරරත්න)
රජයේ පාසල් පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප සීයට අයත් පාසල් 7902 ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන්කර ඇතැයි රජය කියයි.
වෙළඳපොලේ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එකී ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැයවෙන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර තිබේ.
ඒ අනුව එක ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැයවෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂයේ දින 170ක් පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි නැහැ කියලා ඡන්දය තිබ්බේ නැති කෙනාට ජනාධිපතිවරණය ළඟට එනකොට නැති සල්ලි පහළ වෙලා. බොරුවෙන් හැමදාම හැමෝම රවටන්න බැහැ කියලා ලබන ඔක්තෝබර් හයවෙනිදා වෙනකොට දැනගන්න පුළුවන් වෙයි...
කැම වේල ළමයින්ට වටිනවා. ගෙවන මුදල වැඩි කරන්න. බඩු මිල උහුලන්න අමාරුයි...