
(අංජුල මහික වීරරත්න)
රජයේ පාසල් පාසල්වල 1-5 ශ්‍රේණිවල සිසුන් සඳහා පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
සමස්ත පාසල් සිසුන් මිලියන 1.08ක් ආවරණය වන පරිදි දිවයිනේ අධ්‍යාපන කලාප සීයට අයත් පාසල් 7902 ක පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කරන අතර එක් සිසුවකු සඳහා දිනක ආහාර වේලක් වෙනුවෙන් රුපියල් 85ක මුදලක් වෙන්කර ඇතැයි රජය කියයි.
වෙළඳපොලේ සිදුවන භාණ්ඩ හා සේවාවන්හි මිල උච්ඡාවචනය අනුව එකී ආහාර වේලක් සඳහා අවම වශයෙන් රුපියල් 110ක පමණ මුදලක් වැයවෙන බව මේ සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීම සඳහා පත්කළ නිලධාරී කමිටුව විසින් වාර්තා කර තිබේ.
ඒ අනුව එක ආහාර වේලක් වෙනුවෙන් එක් සිසුවකු සඳහා වැයවෙන මුදල රුපියල් 110ක් දක්වා වැඩි කිරීමටත් ප්‍රාථමික අංශයේ සිසුන් සඳහා 2024 වර්ෂයේ දින 170ක් පාසල් ආහාර වැඩසටහන ක්‍රියාත්මක කිරීමටත් අධ්‍යාපන අමාත්‍යවරයා කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.
2025 දෙසැම්බර් මස 18
289
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාසල් ආහාර වැඩසටහනට කැබිනට් අනුමැතිය
අරවින්ද මොනරවිල Tuesday, 05 March 2024 02:52 PM
සල්ලි නැහැ කියලා ඡන්දය තිබ්බේ නැති කෙනාට ජනාධිපතිවරණය ළඟට එනකොට නැති සල්ලි පහළ වෙලා. බොරුවෙන් හැමදාම හැමෝම රවටන්න බැහැ කියලා ලබන ඔක්තෝබර් හයවෙනිදා වෙනකොට දැනගන්න පුළුවන් වෙයි...
දිලානි තේජා Thursday, 07 March 2024 12:36 PM
කැම වේල ළමයින්ට වටිනවා. ගෙවන මුදල වැඩි කරන්න. බඩු මිල උහුලන්න අමාරුයි...