(සුමිත් පොතුපිටිය )
අන්සතු ඉඩමක පොල්ගෙඩි 20 ක් කැඩීමේ වරදට නියමවූ රුපියල් 5000 ක දඩ මුදලක් ගෙවා ගැනීමට නොහැකිව මාස තුනක් බන්ධනාගාර ගතකර සිටී අයෙකු , එම දඩ මුදල ගෙවා නිදහස් කර ගැනීමට කළුතර බන්ධනාගාර සුභ සාධක සංගමය කටයුතු කර ඇත.
මතුගම ප්‍රදේශයේ පදිංචි එම්.එච්. වසන්ත නමැති රැදවියෙකු මෙසේ නිදහස් කර ඇති බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි.
රැදවියා මීට වසර තුනකට පෙර මතුගම ප්‍රදේශයේ පිටස්තර අයෙකුගේ ඉඩමකින් පොල්ගෙඩි 20 ක් හොරෙන් කැඩීමේ වරදට රුපියල් 5000 ක දඩ මුදලක් නියමව ඇති බව බන්ධනාගාර සුභසාධක සංගමය පැවසීය.
බන්ධනාගාර අධිකාරී රෝහන ගලපත්ති, නියෝජ්‍ය ප්‍රධාන ජේලර් රුවන් ගාමිණී , බන්ධනාගාර වීක්ෂණ කමිටු සාමාජික නස්රීන් නසීර් සහ පුනරුත්ථාපන නිළධාරී ගයාන් ලක්ෂිත යන මහත්වරුන් මෙම අවස්ථාවට සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් පන්දාහක් සදහා අවුරුදු තුනක් රජයෙන් පෝෂණය කලා එතකොට ඒකට වියදම කොපමණද අපේ හාන්දුරුවනේ ? දැන් ඔය සුභසාධක සමිතිය කරල තියෙන්නෙ නැවතත් හොර පොල් කඩන්න අවස්ථාව උදාකර දීමක් කියන්න පුළුවන් මොකද අපේ ප්‍රදේශයේ ඔය වගේ එකෙක් දැනට හිරගතවෙලා ඉන්නවා ඌත් ආපසු ආපු දවසට පසුදා සිටම නැවතත් පුරුදු රස්සාව කරපු හැටි හොදට මතකයි.මෙහෙම අතීසාරයට අමුඩ ගහන්නා වගේ ප්‍රතිකර්ම කරල වැඩක් නැහැ නැවත නැවතත් නොකරන තැනට ප්‍රතිකාර කරන්න ඕන
රටම හොරාකාලා විනාශ කරපු කාලකන්නි බලලෝභී, බඩගෝස්තරවාදී දූෂිත දේශපාලුවන්ට කිසිම නීතියක් අදාල නැතුව නැතුව ඇති...
එහෙනම් අපි උල තියමු.
රාජ්‍ය සම්පත්, පොදු දේපළ කොල්ල කාපු දියවන්නාවේ කට්ටිය කවදද සදහටම බන්ධනාගාර ගතවෙන්නෙ?