ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට පොලිය ගන්න අවස්ථාව රුපියල් ලක්ෂයකට අඩු බැංකු තැන්පතු සහිත ජ්‍යෙෂ්ඨ පුරවැසියන් පොලිය ගැනීමේදී මුහුණ දුන් ගැටලුව විසදමින් නව චක්‍රලේඛයක් නිකුත් කළ බවත් ඒ අනුව එවැනි ගිණුම්වලට වසරක් ගත නොවුණ ද පොලිය ගැනීමේ අවස්ථා හිමිවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අද (27) පැවසීය. 27 September 2023
කළුතර අටකට මරණ දඬුවම තියුණු ආයුධවලින් කපාකොටා පුද්ගලයකු ඝාතනය කිරීම සම්බන්දයෙන් චෝදනා ලැබූ විත්තිකරුවන් අට දෙනෙකු වරදකරුවන් කරමින් කළුතර මහාධිකරණ විනිසුරු ප්‍රදීප් අබේරත්න මහතා විසින් අද(27) මරණ දඩුවම නියම කලේය . 27 September 2023
ජනපති බර්ලින් සමුළුවේ ආරම්භක සැසිය අමතයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මහතා ජර්මනියේ “බර්ලින් ග්ලෝබල්” සමුළුවේ පළමු දින රාජ්‍ය නායක සංවාදයේ සමාරම්භක දේශනය පැවැත්වීමට නියමිතය. 27 September 2023
වෘත්තිකයන් රට හැර යෑම ගැන මැතිසබා විවාදයක් ආර්ථික අර්බුදය හේතුවෙන් වෘත්තිකයන් රට හැර යෑමේ හැරයාමේ ප්‍රවණතාවය පිළිබඳ සභාව කල්තබන අවස්ථාවේ විවාදයක් ලබන මස 6 වැනිදා පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළ බව එහි මහලේකම් නීතිඥ කුෂානි රෝහණදීර මහත්මිය පැවසුවාය. 27 September 2023
වැඩබලන අමාත්‍යවරු පස් දෙනෙක් ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්‍යාංශවල වගකීම් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දිවයිනෙන් බැහැරව සිටින කාල සීමාවේ රාජ්‍ය අමාත්‍යවරුන්ට පවරා තිබේ. 27 September 2023
බිරියට පිහියෙන් අනින්න ගිය පීසී ගේ වැඩ තහනම් පවුල් ආරවුලක් දුරදිග යාමෙන් ගාල්ල නාගොඩ පොලිසිය තුළදී සිය බිරිඳට පිහියෙන් ඇනිමට තැත් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණ ඇප මත මුදා හැර සිටී පිලියන්දල පොලිසියේ කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇතැයි ගල්කිස්ස පොලිස් කොට්ඨාසයේ උසස් නිලධාරියෙක් පැවැසීය 27 September 2023
කොළඹින් පිටතට යන මගීන් දුම්රියට එන්න එපා වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය අසළ අද පෙරවරුවේ දුම්රියක් පීලිපැනීම නිසා තනි මාර්ගයේ දුම්රිය ධාවනය කිරීම හේතුවෙන් එම මාර්ගයේ කොළඹින් පිටතට යන මගීන් විකල්ප ප්‍රවාහන භාවිතා කළ යුතු බව අතිරේක දුම්රිය සාමාන්‍යාධිකාරී (මෙහෙයුම්) වී. එස්. පොල්වත්තගේ මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසයි. 27 September 2023
ලාබ ලබන්න නම් රජයේ ආයතන ප්‍රතිව්‍යුහගත කළ යුතුමයි රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය. 27 September 2023
අම්බලන්තොට ප්‍රා:ලේ:කා:සේප්පුව හොරු කඩලා අම්බලන්තොට ප්‍රා දේශිය ලේකම් කාර්යාලයේ මුදල් සේප්පුව යතුරෙන්ම විවෘත කර මුදල් රැගෙන ගොස් ඇති බවට පැමිණිලි කර ඇතැයි අම්බලන්තොට පොලීසිය කියයි. 27 September 2023
සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 7ක අතිරික්තයක් මෙරට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතක අතිරික්තයක් පවතින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි. 27 September 2023
මුතුරාජවෙල ගොඩ කිරීම තාවකාලිකව අත්හිටුවයි? ජා ඇල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පිහිටි මුතුරාජවෙල ගොඩ කිරීමට පහත් බිම් ගොඩකිරීමේ සංස්ථාව ගෙන ඇති තීරණයට විසදුමක් ලබා දෙනතුරු තාවකාලිකව අත්හිටුවීමට පියවර ගතයුතු බවට අද පැවති ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවේදී තීරණය කෙරිණි. 27 September 2023
මුතුහෙට්ටිගමට ඇප රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙක් සහ හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වු නිශාන්ත මුතුහෙට්ටිගම මහතා රුපියල් පනස් දහසක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පනහ බැගින් ශරිර ඇප දෙකක් මත මුදා හැරිමට ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද(27) නියෝග කලේය. 27 September 2023
ජනපති ඇතුළු 12ක් ජර්මනියට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා ජර්මනියේ පැවැත්වෙන ’’ බර්ලින් ගෝලීය සැසි වාරයට ’’ සහභාගී වීම සදහා කටුනායක ගුවන් තොටුපොළෙන් අද (27) අලුයම පිටත්ව ගිය බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සනාථ කළේය . 27 September 2023
කෝටි 12ක රන් රේගුවෙන් පන්නන්න බැරිවෙයි ස්වර්ණාභරණ සහ රන් බිස්කට් තොගයක් ඩුබායි සිට නීතිවිරෝධී ලෙස රැගෙන ආ කාන්තාවන් සිව් දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද(27) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ දී රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 27 September 2023
අද සිට තද වැසි අද සහ ඉදිරි දින කිහිපයේදී දිවයියේ නිරිතදිග ප්‍රදේශවල වැස්ස තරමක වැඩිවීමක් අපෙක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 27 September 2023
ඉරාකයේ මංගල උත්සවයක ගින්නෙන් 113 ක් මරුට උතුරුදිග ඉරාකයේ, නිනෙවේ පළාතේ, මංගල උත්සවයක් අතරතුරේ මංගල උත්සව ශාලාවක ගින්නක් හටගත්තේය. ගින්නට හසුවීමෙන් මියගිය ගණන 113 ක් බවත් 150 දෙනකු තුවාල ලැබූ බවත් ඉරාක මාධ්‍ය වාර්තා කරයි. 27 September 2023
තියුණු ආයුධ සමඟ කොල්ල කල්ලියක් අල්ලයි තියුණු ආයුධ රැගෙන ත්‍රි රෝද රථයකින් ගොස් කොල්ලකෑමට තැත් කළ තිදෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලියක් අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 27 September 2023
කොල්ලුපිටියේදී දුම්රියක් පීලිපනී වෙරළබඩ දුම්රිය මාර්ගයේ කොල්ලුපිටිය දුම්රිය ස්ථානය ආසන්නයේදී අද (27) පෙරවරුවේ දුම්රියක් පීලි පැනීමට ලක්වීමෙන් දුම්රිය ධාවනයට බාධා ඇති වී තිබෙන බවත් ඒ හේතුවෙන් එම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් ඇති බවත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේය. 27 September 2023
සෞදියේදී ඇණ ගිල්වීමේ සිද්ධිය ගැන විශේෂ පරීක්ෂණයක් සෞදි අරාබියේ ගෘහ සේවයේ නිරතව සිටියදී ශ්‍රී ලාංකික කාන්තාවකට ඇණ ගිල්ලවුයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා පැවසීය. 26 September 2023
කැනඩා අගමැති අභූත චෝදනා නගනවා ත්රස්තවාදීන්ට කැනඩාව ආරක්ෂිත නවාතැනක් වී ඇති බවත් කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ කිසිදු සාක්ෂියක් නොමැතිව අභූත චෝදනා ඉදිරිපත් කරන බවත් විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ප්‍රකාශ කර ඇතැයි එන්.ඩී ටිවි පුවත් සේවය වාර්තා කර ඇත. 26 September 2023
කාර්ය මණ්ඩල ගිවිසුම තව දින කිහිපයකින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම ඉදිරි දින කිහිපය ඇතුලත අත්සන් කිරීමට නියමිත බව ජනාධිපති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් පැවසීය. 26 September 2023
බුලත්සිංහලදි තරුණයෙක් දියේ ගිලී මරුට බුලත්සිංහල හල්වතුර ප්‍රදේශයේ දොළ මාර්ගයක අද (26) සවස දියනෑමට ගිය තරුණ පිරිසක් අතරින් එක් අයෙකු දියේ ගිලී මියගොස් ඇති බව බුලත්සිංහල පොලිසිය පවසයි . 26 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ලෝක කුසලානයට යයි ඉන්දියාවේදී ලබන ඔක්තෝබර් මස 5 වනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන දසුන් ශානකගේ නායකත්යෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (26) රාත්‍රී ඉන්දියාව බලා පිටත්ව ගියේය. 26 September 2023
හෙදියගේ පර් ස් එක ඉස්සූ හෙදිය රජ ගේමක් දීලා පානදුර මූලික රෝහලේ හෙදියකගේ මුදල් පසුම්බියක් සොරකම් කල එම රෝහලේම හෙදියක ඊයේ (26) දා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 26 September 2023
ඉලක්කගත දේශීය ආදායම එකතු කරගන්න බැරිවෙලා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරීමේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 26 September 2023
වෙඩි පුහුණු පිටියේ පිපිරීමකින් ගුවන් භටයා මරුට කල්පිටිය කන්දකුලිය ගුවන් හමුදා වෙඩි පුහුණු කදවුරේ 26 දින සැන්දෑවේ ඇතිවූ පිපිරීමකින් ගුවන් භටයකු මිය ගොස් ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 26 September 2023
වසර තුනකට පසුව ශ්‍රී ලංකාවට සංචාරකයන් මිලියනයක් ශ්‍රී ලංකාවට මෙම වසරේ ජනවාරි මාසයේ සිට අද (26) දක්වා පැමිණි විදේශීය සංචාරකයන් සංඛ්‍යාව මිලියනයක් (දස ලක්ෂය) සටහන් කරමින් රුසියානු ජාතිකයෙකු ඇතුළු ඔහුගේ පවුලේ සියලු දෙනා කටුනායක ගුවන් තොටුපොළ වෙත අද (26) පස්වරුවේ පැමිණියහ. 26 September 2023
දුම්රිය සේවකයන්ට බාධා කළ පුද්ගලයෙක් අත්අඩංගුවට මරදාන දුම්රිය ස්ථානයේ ප්‍රවේශපත් පරික්ෂා කරමින් සිටී දුම්රිය සේවකයන්ගේ රාජකාරියට බාධා කළ පුද්ගලයෙකු භාරයට ගෙන මරදාන පොලීසියට භාරදුන් බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවැසීය. 26 September 2023
අල්ලස් සිද්ධියට සුරාබදු 4කගේ වැඩ තහනම් බීඩි නිෂ්පාදකයකුට පහරදී අල්ලස් ගැනීමට උත්සහ දැරීමේ සිද්ධියකට සැකපිට අත්අඩංගුවට ගත් තංගල්ල සුරාබදු ස්ථානාධිපති ඇතුළු නිලධාරීන් සිවුදෙනාගේ වැඩ සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා විසින් තහනම් කරනු ලැබීය 26 September 2023
කලවානේ සිසුවෙක් ඉස්කෝලේ කසිප්පු විකුණලා කලවාන ප්‍රදේශයේ ජනප්‍රිය පාසලක සිසුවකු පාසල තුළ කසිප්පු අළෙවි කරමින් සිටියදි විද්‍යාලයේ ගුරුවරියකට හසු වීමෙන් පසු සිසුවා කලවාන පොලිසියට යොමු කර ඇති බව කලවාන පොලිසිය පැවසීය. 26 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026