කල්මුණේ ළමා නිවාස පාලිකාවට කිසිම වෘත්තීය සුදුසුකමක් නෑ
කල්මුණේ ළමා නිවාසයක දී 15 හැවිරිදි දරුවකුට විකට් පොල්ලකින් සහ කොස්සකින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් ළමා නිවාස පාලිකාව කිසිම වෘත්තීය සුදුසුකමක් නො ලැබූ අයෙකු බව ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පාර්ලිමේන්තුවේ දී පැවැසුවාය.