සැලියුට් එක නැතැයි එස්.අයිගෙන් පී.සීට කණේ පහරක් සැලියුට් එකක් ගසා ආචාර නොකළේ යැයි කියමින්දෙනෝදාහක් බලා සිටියදී ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ගේ කනට වැරෙන් පහරක් ගැසූ බව කියන උප පොලිස් පරීක්ෂකවරයෙකු ගැන බස්නාහිර උතුරු දිසාව යටතේ පාලනය වන පොලිස් ස්ථානයකින් වාර්තා වේ. 26 September 2023
බුත්තල පොලොව සෙලවේ බුත්තල ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ රාත්‍රී 11.20ට පමණ රච්ටර් මාපක 2.4ක පමණ සුළු භූකම්පනයක් සිදුව ඇතැයි භූවිද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශය පවසයි. 26 September 2023
ප්‍රසන්නගේ පැරඩයිස් ලොව වටේම යයි ජාතන්තර සම්මාන දිනූ ශ්‍රී ලාංකේය සිනමාවේ දී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ නවතම චිත්‍රපටය වන ‘‘පැරඩයිස්’’, ඉන්දීය සුප්‍රකට සිනමාවේ දී මනිරතන්මගේ මැඩ්රාස් ටෝකීස් සමාගම මගින් ලොව පුරා තිරගත කිරීමට කටයුතු යොදා ඇත. 25 September 2023
පොලිස් කොස්තාපල් අනුන්ගේ කසිප්පු කුලියට ඇදලා කසිප්පු බෝතල් විසි එකක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටියේ යැයි කියන පොලිස් කොස්තාපල්වරයකු ඔහුගේ රාජකාරි පිස්තෝලය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු මැංගසිනයක් ද සමග අත්අඩංගුවට ගත් බව අලව්ව පොලිසිය පවසයි. 25 September 2023
ඉසුරු සොයා ගිය කතට කොන්ක්‍රිට් ඇණ ගිල්ලවලා සෞදි අරාබියේ ගෘහ සේවයේ සිටීයදී ආහාර වෙනුවට කොන්ක්‍රීට් ඇණ පහක් සහ රෙදි වියළීමට උපයෝගී කර ගන්නා යකඩ ස්ප්‍රින් කැබැල්ලක් ගිල්ලූ බව මාතලේ ඇල්කඩුවේ කාන්තාවත් වත්තේගම පොලිසියට පැමිණිල්ලක් කරමින් පැවසුවාය. 25 September 2023
සරත් වීරසේකරට ඇමෙරිකා විසා ප්‍රශ්නයක් තමන්ට ලබන මස අග භාගයේදී පැවැත්වෙන ඇමෙරිකානු අධ්‍යන චාරිකාවට සහභාගී වීම සඳහා වීසා ලබා දීමට අවශ්‍ය ආරක්ෂක නිශ්කාශන වාර්තා ලබා ගැනීමට බොහෝ කලක් ගතවන බවත් ඒ හේතුවෙන් වෙනත් නමක් ආදේශ කරන ලෙස ඇමෙරිකානු තානාපති කාර්යාලය දන්වා ඇති බවත් පාර්ලිමේන්තු ලේකම් කාර්යාලය පසුගියදා තමන්ට දන්වා සිටි බව විශ්‍රාමික රියර් අද්මිරාල් පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය සරත් වීරසේකර මහතා අප කළ විමසීමකදී ප්‍රකාශ කළේය. 25 September 2023
ජනාධිපතිගේ ඇමෙරිකා ගමනින් ජනතාවට දැනෙන ප්රතිලාභ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඇමරිකා ගමන නිසා දෙරට දිගුකාලීන මිත්‍රත්වය මෙන්ම අනෙකුත් ලෝක බලවතුන් සමඟ පවතින මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීමට අවස්ථාව ලැබුණු බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා පැවසීය. 25 September 2023
ලංකාවේ කම්කරු ව්‍යාපාරය නවීකරණය විය යුතුයි ගෝලීය කම්කරු ව්‍යාපාරය සමඟ ශ්‍රී ලංකාවේ කම්කරු ව්‍යාපාරය ද නවීකරණය විය යුතුව තිබෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 25 September 2023
එල්ලාවල මේධානන්ද හිමි අභිනන්දන උපහාරලට ගෝඨාත් එයි ජාතික උරුමයන් ආරක්ෂා කිරීමට ආණ්ඩුවට නොහැකි නම් ජාතික උරුම මහජන කාර්යාංශයක් පිහිටුවිය යුතුයැයි මහාචාර්ය ඉදුරාගාරේ ධම්මරතන හිමියෝ කොළඹ දී 24) පැවසූහ. 25 September 2023
අගලවත්තේ අනතුරින් තරුණයෙක් මරුට අගලවත්ත බදුරලිය මාර්ගයේ ජිවරාණි හංදිය අසලදී සිදු වූ යතුරු පැදි අනතුරකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු එක් තරුණයකු මියගොස් ඇතැයි අගලවත්ත පොලිසිය පවසයි. 25 September 2023
හිටපු ඩී.අයි.ජී වසර පහක් සිපිරි ගෙට මිනීමැරුම් සිද්ධියක සැකකරුවකු වු දේශපාලනඥයකු අත්අඩංගුවට නොගන්නා ලෙස කහවත්ත පොලිස්ථානාධිපතිවරයාට බලපෑම් කිරීමේ චෝදනාවන්ට වරදකරු වු විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ මහතාට වසර 05ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කළ රත්නපුර මහාධිකරණ විනිසුරු ලංකා ජයරත්න මෙනවිය ඔහුට රුපියල් 20000/-ක දඩයක්ද ඊයේ (25) නියම කළාය. 25 September 2023
ලක්ෂ 10 කප්පම් ගත්තැයි වලස්මුල්ල සුරාබදු පිරිසකට චෝදනා වලස්මුල්ල රාජපුරගොඩ බීඩි ව්‍යාපාරිකයකුට පහරදී රුපියල් ලක්ෂ 10 ක් බලහත්කාරයෙන් ලබාගැනීමේ සිද්ධියට සැකපිට තංගල්ල සුරාබදු ස්ථානයේ ස්ථානාධිපතිවරයා ඇතුලු නිළධාරින් හතර දෙනෙක් සහ යුද හමුදා බුද්ධි අංශයේ සෙබෙළෙක් තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිළධාරින් විසින් අද (25) දහවල් අත් අඩංගුවට ගනු ලැබූහ . 25 September 2023
මීගොඩ ගෘහ භාණ්ඩ වෙළෙඳහලෙන් ලක්ෂ 60ක් කොල්ල කාලා මීගොඩ 20 කණුව ප්‍රදේශයේ පවත්වාගෙන යන ගෘහ භාණ්ඩ තොග වෙළද සලකට අද (25) දින සවස මුහුණු සම්පූර්ණයෙන්ම ආවරණය වන සේ යතුරු පැදි හිස් වැසුම් පැළද ගිනි අවි දෙකක් අතැතිව පැමිණි පුද්ගලයන් දෙදෙනකු එහි සේප්පුවේ තිබූ රැපියල් ලක්ෂ හැටකට ආසන්න මුදලක් කොල්ලකා පලා ගොස් ඇතැයි මීගොඩ පොලිසිය පවසයි. 25 September 2023
බස්නාහිර වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි බස්නාහිර පළාත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ පරිගණක පද්ධතියේ යාවත්කාලීන කිරීමක් හේතුවෙන් ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අනිද්දා (27) සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා අත්හිටුවූ බව බස්නාහිර පළාත් ලේකම් කාර්යාලයේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2023
පරිවාස නිලධාරීන්ට සාමවිනිසුරු පදවි පරිවාස නිලධාරීන් නිල බලයෙන් සාම විනිසුරුවරුන් බවට පත්කෙරෙන ගැසට් නිවේදනයක් අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා විසින් නිකුත් කරනු ලැබ ඇත. 25 September 2023
නව මාසෙට කට පුංචා 48ක් බිලි අරන් 2023 වසරේ මේ දක්වා දිවයින පුරා සිදු කළ වෙඩි තැබීම් 75 කින් 6 හැවිරිදි දැරියක් ඇතුලු පුද්ගලයන් 48 දෙනකු මියගොස් ඇති බව පොලිස් මුලස්ථාන ආරංචි මාර්ග පවසයි. 25 September 2023
හිටපු අධ්‍යක්ෂවරිය 29 වතාවක් රට ගියත් වාර්තා නෑ වසංගත රෝග විද්‍යා ආයතනයේ හිටපු අධ්යක්ෂවරියක විදේශගතවූ අවස්ථා 29 කදී අනුමත කරන ලද නිවාඩු ඉල්ලුම්පත්‍ර දුන් බවට සනාථ කළ හැකි තොරතුරු විගණනයට ඉදිරිපත් නොකෙරුණේ යැයි ජාතික විගණන කාර්යාලය පවසයි. 25 September 2023
රටවල් 41ක් එන පරිසරය සැසියක් ලංකාවේ කලාපයේ පාරිසරික ගැටලු සාකච්ඡා කෙරෙන ආසියා පැසිෆික් කලාපීය අමාත්‍යවරුන්ගේ සහ පරිසර අධිකාරීන්ගේ සංසදයේ පස්වන සැසිවාරය (UNEP) ඔක්තෝබර් 03 වනදා සිට 6 වැනිදා දක්වා කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ දී පැවැත්වෙන බව පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා පැවසීය. 25 September 2023
ඉන්දියාව ඉවත්කළ දුම්රිය එන්ජින් ශ්‍රී ලංකාවට? භාවිතයෙන් ඉවත් කළ දුම්රිය එන්ජින් 20 ක් පමණ ශ්‍රී ලංකාවට දීමට ඉන්දියාව එකඟතාව පළකර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 25 September 2023
සෞඛ්‍ය සේවයේ පුරප්පාඩු රැසක් සෞඛ්‍ය සේවයේ වෛද්‍ය නිලධාරීන් 1331 දෙනකුගේද හෙද නිලධාරින් 1756 දෙනකුගේ සහ උපස්ථායකයන් 2268 දෙනකුගේද හිඟයක් පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 25 September 2023
හෙදියට කතුරෙන් අනින්න ගිය විශේෂඥ වෛද්‍යවරයා වැරදිකරු වේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ශල්‍යාගාරයක් තුලදී හෙද නිලධාරිනියකට කතුරකින් පහරදී තුවාල සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකු එකී චෝදනාවට වරදකරු බවට තීන්දු කළ කුරුණෑගල ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු බන්ධුල ගුණරත්න මහතා ඔහුට තරයේ අවවාද කර මුදා හැරියේය. 25 September 2023
ක්‍රිකට් ටිකට් සෙල්ලමක් ගැන විගණනයෙන් එළියට ඕස්ට්‍රේලියාවේ පැවති 2022 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය නැරඹිමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවෙන් ලංකාවට ලැබුණ ටිකට් පත් 164ක් විනාශ කර, රුපියල් ලක්ෂ අසූහතකට වැඩි මුදලක් වැය කරමින් තවත් ටිකට් පත් 150ක් මිලදී ගෙන ඇති බව විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම විශේෂ විගණන වාර්තාවකින් අනාවරණ්ය වේ. 25 September 2023
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩිකාවෝ ආසියානු රිදී පදක්කම දිනති චීනයේදී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා ක්‍රිකට් රිදී පදක්කම චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (25) හිමිකර ගත්තේය. 25 September 2023
‘‘ෆයිසර් එන්නත් මිලියල 12 විසි කරලා‘‘ කොවිඩ් පාලනය සඳහා මෙරටට ගෙන්වන ලද ෆයිසර් එන්නත් මිලියන 14.05 කින් මිලියන 12 පමණ විනාශ කර දැමීමට සිදු වූ බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවර දී පැවැසීය. 25 September 2023
ශාෆ්ටර්ගේ දේහය ඥාතීන්ට ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂකවරයා ව සිටී දිනේශ් ශාෆ්ටර් මහතාගේ දේහය සම්බන්ධයෙන් වන පරීක්ෂණ අවසන් බැවින් එම දේහය මරණකරුගේ ඥාතීන්ට භාර දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්ද්‍රා ජයසූරිය මහත්මිය මරණයට හේතුව සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ විද්වත් කමිටුවට නියෝග අද (25) කළාය. 25 September 2023
තැපැල් වෘත්තීය සමිති ගැටලුවලට විසඳුම් ඉල්ලයි ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ ඉල්ලීම් කීපයක් මුල්කරගැනිමින් විරෝධතාවක් කොළඹ මධ්‍ය තැපැල් හුවමාරුව ඉදිරිපිටදී අද (25) දහවල් විරෝධතාවක් පැවැත්වීය. 25 September 2023
කප්පම් නොදුන්නැයි ටයිම්කීපර් රියැදුරාට ගහලා පස්සර සිට බදුල්ල හරහා කොළඹ බලා ධාවනය වෙමින් තිබූ අධි සුඛෝපභෝගී පෞද්ගලික බස් රථයකින් රුපියල් 2000 ක කප්පම් මුදලක් ඉල්ලා එම මුදල නොදුන්නැයි උරණවී වේලාසටහන්කරුවකු බස්රථයේ රියදුරුට පහරදී මෙන් රියදුරු තුවාල ලබා බදුල්ල මහ රෝහලට ඇතුළත් කළ බව බදුල්ල පොලිසිය පවසයි . 25 September 2023
අවිස්සාවේල්ල ඝාතනයට 4ක් අල්ලයි අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට බරපතල තුවාල සිදුකිරීම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් සිවිදෙනකු විශේෂ කාර්ය බළකාය අත්අඩංගුවට ගත් බව අවිස්සාවේල්ල පොලිසිය පවසයි. 25 September 2023
සචිත්‍රට ඇප තරග පාවා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක සචිත්ර සේනානායක රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද 25 නියෝග කළේය. 25 September 2023
විභාග දෙපාර්තමේන්තුවට කෝටි තුනක පොල්ලක් ආයතනික විභාග පැවැත්විම වෙනුවෙන් රාජ්‍ය ආයතන 09කින් විභාග දේපාර්තමේන්තුව වෙත රුපියල් තුන්කෝටි, අසු දෙලක්ෂ, තුන්දහස්හාරසිය හතක (38,203,407) මුදලක් අයවිමට ඇති බැව ජාතික විගණන කාර්යාලය පවසයි. 25 September 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026