ඉන්දීය බිත්තර ලක්ෂ 60 ක් වෙළෙඳපොලට බිත්තර මිල ඉහළ යෑම පාලනය කිරීම සඳහා රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ඉන්දියාවෙන් ආනයන කළ බිත්තර ලක්ෂ 60 ක් පමණ අද (12) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. 12 December 2023
පාසල් තාප්පයට යට වු සිසුන් දෙදෙනා රෝහලට ආණමඩුව අඹකදවිල ශාන්ත රෝගුස් විද්‍යාලයෙ ප්‍රධාන දොරටුව ඉදිරිපිට තිබු කුඩා තාප්පයක් කඩා වැටිමේන් එයට යටවු සිසුන් දෙදෙනෙකු තුවාල ලබා හලාවත මහ රෝහලට ඇතුලත් කර ඇති බව හලාවත පොලිසිය කියයි. 12 December 2023
වැට් එකෙන් දුප්පතුන් නන්නත්තාරයි වැට් ගැහිල්ලේ හොඳකට තියෙන්නේ උපත් පාලන කොපුවට වැට් එක ගහපු එක පමණකැයි සමඟ ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී නලින් බණ්ඩාර ජයමහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 12 December 2023
ගල් යුගයේ ආයුද කූරගලින් හමුවේ පුරාතන ශිලා යුගයේ මානවයන් භාවිත කළ බව කියන ගල් ආයුධ සොයා ගැනිමට පුරාවිද්‍යා පරික්ෂකයෝ පිරිසක් කණ්ඩායමක් සමත් වූහ. 12 December 2023
ක්‍රිකට් අතුරු කමිටුව හරීන් අවලංගු කරයි හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පත්කළ ක්‍රිකට් අතුරු කමිටුව අවලංගු කිරීමට තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද (12) පැවසීය. 12 December 2023
ලෙඩ වූ රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ විරෝධයේ රාජ්‍ය සේවකයනන්ට අයවැයෙන් පොරොන්දු වූ රුපියල් 10,000 ක දීමනාව ලබන ජනවාරි මස සිට දෙන ලෙස රජයට බල කිරීම ඇතුළු ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් රාජ්‍ය සේවකයන් අද (12) ක්‍රියාත්මක කළ එක්දින සංකේත වැඩවර්ජනයට සමගාමීව රාජ්‍ය සේවකයෝ සෙත්සිරිපාය අසළ උද්ඝෝෂණයක් පැවැත්වූහ. 12 December 2023
දේශීය නිෂ්පාදනවල මිල සියයට 60කින් ඉහළ යනවා වැට් බදු සංශෝධනයත් සමඟ සෑම නිෂ්පාදන භාණ්ඩයකම මිල සියයට 50 ත් 60 ත් අතර ප්‍රතිශතයකින් ඉහළ යන බව ශ්‍රී ලංකා එක්සත් ව්‍යාපාරික සංසදයේ සභාපතිනී ටානියා අබේසුන්දර මහත්මිය අද (12) පැවසුවාය. 12 December 2023
වඩිවෙල්ට ජනපතිගෙන් තව වගකීමක් සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා බදුල්ල සහ පස්සර ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරයා ලෙස පත්කර තිබේ. 12 December 2023
ජෙරොම්ගේ සිද්ධිය ගැන නීතිපති උපදෙස් ගන්න අවසර බුද්ධාගම ඇතුළු අන්‍ය ආගම් වලට අපහාස වන ප්‍රකාශ කරන ලදැයි චෝදනා ලැබ සිටින ජෙරොම් ප්‍රනාන්දු දේව ගැතිවරයා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර නීතිපති උපදෙස් ලබාගැනීමට අවසර දීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කළේය 12 December 2023
සජිත් එන්නැති එක ’’ෂෝක්’’ ජනාධිපතිවරයා සමග සජිත් ප්‍රේමදාස එකතු වෙන්නේ නැතැයි කියන කතාව අසා තමා ඉතා සතුටට පත් වූ බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් පාලිත රංග බණ්ඩාර මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 12 December 2023
අක්කර බදු අයකිරීම අත්හිටුවයි කෘෂිකාර්මික ඉඩම් සඳහා අය කෙරෙන අක්කර බදු අය කිරීම අත්හිටුවීමට රජය තීරණය කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 12 December 2023
ගුවන් තොටුපොළට නව සභාපතිවරයෙක් සීමාසහිත ගුවන් තොටුපොළ සහ ගුවන් සේවා සමාගමේ නව සභාපතිවරයා ලෙස ඉංජිනේරු අතුල ගල්කැටිය මහතා වරාය , නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍යාංශය විසින් පත් කර තිබේ . 12 December 2023
මෙගාවොට් 700ක සූර්ය විදුලි ව්‍යාපෘතියකට කැබිනට් අනුමැතිය පූනකරි වැව මතුපිට ස්ථාපනය කිරීමට යෝජිත මෙගාවොට් 700ක සූර්යය බල ශක්ති ව්‍යාපෘතිය සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 December 2023
හොරණ නගරයේ උද්ඝෝෂණයක් විශ්‍රාම වැටුපට අත නොතබන ලෙස ඉල්ලා රජයට බල කරමින් රාජ්‍ය හා පළාත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති එකතුව සංවිධානය කළ උද්ඝෝෂණයක් අද (12) හොරණ නගරයේ දී පැවැත්විණි. 12 December 2023
පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට ප්‍රහාරයක් පාකිස්තානයේ හමුදා මූලස්ථානයකට කඩා වැදුණු සන්නද්ධ කණ්ඩායමක් එල්ල කළ ප්‍රහාරයකින් 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 15 කි. 12 December 2023
’’රිමාන්ඩ්’’වෙනුවට වෙන විකල්පයක් එයි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට විකල්පයක් වශයෙන් නිවාස අඩස්සියේ රඳවා තැබීම පිණිස නීතිමය විධිවිධාන හඳුන්වාදීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
බෙදුම් නඩු පනත සංශෝධනයට බෙදුම් නඩු පනතට සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
චීන ජනාධිපති වියට්නාමයේ චීන ජනාධිපති ෂී ජින්පින් නිල සංචාරයක් සඳහා වියට්නාමයේ හැනොයි අගනුවරට පැමිණියේය. චීන ජනාධිපති ෂී ජින්පින් මෙසේ වියට්නාමයට පැමිණියේ වසරහයකට පසුව යැය පැවැසෙයි. 12 December 2023
සක්විතිට ලක්ෂ 18 ක දඩයක් මහා බැංකුවේ අනුමැතියකින් තොරව මූල්‍ය සමාගමක් පවත්වාගෙන යෑම සහ ඊට ආධාර අනුබල දීමේ චෝදනාවන්ට වරද පිලිගත් සක්විති රණසිංහට සහ ඔහුගේ බිරිඳට කොළඹ මහාධිකරණ විනිසුරු නාමල් බළල්ලේ මහතා රුපියල් ලක්ෂ 18 බැගින් දඩ අද (12) නියම කළේය. 12 December 2023
කංචන අනුරට විවාදයකට ආරාධනා කරයි ගල් අඟුරුවලින් ඉන්ධනවලින් කොමිස් ගත්තා යැයි කියනවා නම් එය ඔප්පු කිරීම සඳහා රූපවාහිනී නාලිකාවක ප්‍රසිද්ධ විවාදයකට එන්නැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතාට ආරාධනා කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද (12) පැවසීය. 12 December 2023
හෙන්රි පේද්‍රිස්ට මරණ දඬුවම දුන් අධිරාජවාදී උසාවි තීන්දුව ගැන දැන් සොයයි යටත් විජිත යුද අධිකරණයේ තීන්දුවක් මත වසර එකසිය අටකට පෙර සිදුකළ එඩ්වඩ් හෙන්රි පේද්‍රිස් ඝාතනය පිළිබඳ පරීක්ෂණයත් පැවැත්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ලංගමට තෙල් දෙන කොන්ත්‍රාත්තුව සමාගම් දෙකකට ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා තෙල් සහ ලිහිසි තෙල් මිලදී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ආපදා සහන සලසන බලය දිස්ත්‍රික් ලේකම්වරුන්ට ජාතික ආපදා සහන සේවා මධ්‍යස්ථානයේ කාර්යභාරය වඩාත් ඵලදායී හා කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට බලතල පැවරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
අපරාධ මඩින්න කොරියාව සමග ගිවිසුමක් සාපරාධී කාරණා වලදී අන්‍යෝන්‍ය නෛතික සහයෝගීතාව සම්බන්ධයෙන් කොරියා ජනරජය සහ ශ්‍රී ලංකාව අතර ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 12 December 2023
ඔන්ලයින් වීසා දෙන්න බලයලත් නියෝජිතයෙක් ලංකාවට එන විදේශිකයන් සඳහා වන වීසා අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කිරීම සඳහා බලයලත් නියෝජිතයකු පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 12 December 2023
’සැමට හොරු කියමින් ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරනවා’ අප සියලු දෙනාට හොරු කියමින් අවසානයේ ප්රජාතන්ත්රවාදය මළගමට තල්ලු කරමින් සිටින බව එජාප මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
බදු පොලු තැබූ අරක්කු සමාගම්වල බලපත්‍ර අහෝසියි හිඟ සුරා බදු වාරික පසුගිය 4 වැනිදාට පෙර නොගෙවූ මත්පැන් නිෂ්පාදන සමාගම්වල මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට කටයුතු කරන්නැයි මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු ක්‍රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව සුරා බදු දෙපාර්තමේන්තුවට නියෝග කළේය. 12 December 2023
විමල්ට නොතීසි පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට සහ ඔහු වෙනුවෙන් අධිකරණය හමුවේ දී ඇපකරුවන් ලෙස ඉදිරිපත් වූ ඇපකරුවන්ට වහාම අධිකරණය හමුවේ හෙට (13) පෙනී සිටින ලෙස දන්වමින් නොතීසි යැවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (12) නියෝග කළේය. 12 December 2023
මහනුවර සමූපකාර ගොඩනැගිල්ලත් විකුණයි? නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල වගේම මහනුවර පෞරාණික සමූපකාර ගොඩනැගිල්ලත් විකිණීමට යන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 12 December 2023
පාන් එක්ක මස් ඩිංගක් කන්න බැරි මිනිස්සුන්ට බදු ගහන්න එපා පාන් සමග මස් කෑල්ලක් කන්න ශක්තියක් නැති මිනිසුන්ගෙන් බදු එකතු නොකර බදු ගෙවන්නට හැකියාවක් ඇති පිරිසගෙන් බදු අය කර ගන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 12 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026