IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

(යොහාන් භාසුර)

කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ  සිට බදුල්ල බලා  ධාවනය වෙමින් තිබූ සීඝ්‍රගාමී දුම්රිය බණ්ඩාරවෙල සහ හිල්ඔය දුම්රිය ස්ථන අතර අද (14) පිලී පැනීමට ලක්විය.

එම දුම්රියේ එංජිමේ රෝදයක් හා මැදිරි දෙකක රෝද කිහිපයක් පිලී පැනිමකට ලක්ව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.

උඩරට මාර්ගයේ නාවලපිටිය සිට බදුල්ල දක්වා වූ කොටසේ මෙම වර්ෂයේ දී දිගින් දිගටම පිලී පැනීම සාමාන්‍ය තත්වයකට ලක්ව ඇති අතර මේ සම්බන්ධයෙන් කිසිදු දුම්රිය බලධාරියෙකුගේ හෝ වගකිවයුතු කිසිදු අයකුගේ අවධානය යොමු  නොවීම කණගාටුවට කරුණක් බව දුම්රිය වෘත්තිය සමිති පවසයි.

මෙරටට පැමිණෙන සංචාරකයන් බහුල වශයෙන් දුම්රිය මාර්ගයේ මෙම ප්‍රදේශයේ අසිරිය නැරඹීමට අමතක නොකරන අතර එවන් කොටසක මෙසේ දිනපතාම දුම්රිය පිලි පැනීම් සිදුවීම ජාත්‍යන්තර වශයෙන් දුම්රිය දෙපාර්තමේන්තුව අපකීර්තියක් බව ද වෘත්තිය සමිති වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (0)

උඩරට මඟේ දුම්රිය ධාවනයට බාධා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site