
(රංජිත් පද්මසිරි)
වත්කම් බැරකම් ප්‍රකාශ ලබාදී නොමැති අමාත්‍යවරුන්ට සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙම මස අවසන් වීමට ප්‍රථම එම තොරතුරු ලබාදෙන ලෙස පවසමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව අවසන් නිවේදනය නිකුත් කළේය.
මෙතෙක් වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කර ඇති අමාත්‍යවරුන්ගේ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නම් ලැයිස්තුවක් ලබාදෙන ලෙස පවසමින් ජනාධිපති ලේකම්වරයාට සහ පාර්ලිමේන්තු මහ ලේකම්වරියට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ලිපියක්ද යොමුකර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය පාර්ලිමේන්තු මහ ලේකම්වරියටත් කැබිනට් අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශය ජනාධිපති ලේකම්වරයාටත් ලබාදිය යුතු බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.
එසේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ අමාත්‍යවරුන්ගේ වැටුපෙන් තුනෙන් එකක අධිභාරයක් පැනවීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය තිබේ.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
වත්කම් බැරකම් ප්‍රකාශ නොදුන් ඇමැති- මන්ත්‍රීන්ට නිවේදනයක්