IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


ඉඩමක් බදු දීමේදී රජයට කෝටි 33 ක පාඩුවක්



(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

නාගරික සංවර්ධන අධිකාරිය සතු කොටුව නී ආර් විජේවර්ධන මාවතට මායිම්ව පිහිටි ඉඩමක් සංවර්ධනය කිරීම සඳහා අධ්‍යක්ෂ මණ්ඩලයේ විධිමත් අනුමැතියකින් තොරව බදු දීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 33ක අලාභයක් සිදුව ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී කෝප් කමිටුව තොරතුරු අනාවරණය වී ඇත.

එම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් වාර්තාවක් සති දෙකකදී ලබා දෙන ලෙස කමිටුවේ සභාපති මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මේ අතර නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ දෙක ජේම්ස් පීරිස් මාවතේ පිහිටි අක්කර හයක ඉඩමක් 2019 වර්ෂයේ දී අධ්‍යක්ෂ මණ්ඩලයේ අනුමැතියකින් තොරව රුපියල් කෝටි 1200 කට  අනූනම අවුරුද්දට බදු දී ඇති බවද එම කාරක සභාවේ දී තොරතුරු අනාවරණය විය.

එම ඉඩමට අදාළ බදු ගිවිසුම කෙටුම්පත් කිරීමේදී අනුමත බදු කොන්දේසි වලට අමතරව අධ්‍යක්ෂ මණ්ඩලය අනුමත නොකළ වෙනත් කොන්දු 24ක් කර තිබූ බව හෙළි වී ඇත

අදාළ ගිවිසුම් කෙටුම්පත් කිරීම සම්බන්ධයෙන් නීතිය නීතියක්ෂණයට එරෙහිව විනය පරීක්ෂණ  ක්‍රියාත්මක වෙමින් පවතින බවද සඳහන් විය. එම ඉඩමේ සංවර්ධන කටයුතු මේ දක්වා කර නැතැයිද කමිටුව පවසයි.



අදහස් (1)

ඉඩමක් බදු දීමේදී රජයට කෝටි 33 ක පාඩුවක්

සෙනෙවිරත්න Sunday, 14 July 2024 09:44 PM

රටට ලාබ වෙච්චි එකඳු ඔය වගේ ගනුදෙනුවක් කියන්නකෝ, හැබැයි බලාගෙන ගියාම ලාබවෙච්චි දෙතුන් දෙනෙක් ඇති.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site