
(සුජිත් හේවාජුලිගේ)
ජනාධිපතිවරණයේ කටයුතු සඳහා අවශ්‍ය මුදල් පිළිබඳව විමසීම සඳහා මහා භාණ්ඩාගාරයේ ප්‍රධානීන් මැතිවරණ කොමිෂන් සභාවට 17 වැනිදා කැඳවූ බව එහි සභාපති ආර්. එම්.ඒ එල් රත්නායක මහතා පැවසීය.
ඉදිරි කටයුතු සැලසුම් කිරීම සඳහා මුදල් තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබා ගැනීම වැදගත් හෙයින් එම ප්‍රධානීන් මෙසේ කැඳවා සාකච්ඡා කිරීමට තීරණය කළ බවද සභාපතිවරයා කීවේය.
මේ අතර ජනාධිපතිවරණයේ ඡන්ද විමසීමේ දිනය මේ මස අග ප්‍රකාශයට පත් කරන බව පැවසූ රත්නායක මහතා දිනය ප්‍රකාශයට පත් කිරීම සඳහා 17 වැනිදායින් පසු කොමිසමට බලය ලැබෙන බවද ප්‍රකාශ කළේය.
මේ අතර ජනාධිපතිවරණයේ මුද්‍රණ කටයුතු සඳහා රුපියල් කෝටි හැටත් අසූවත් අතර මුදලක් වැය වන බව රජයේ මුද්‍රණාලාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී ඇත.
ඡන්ද පත්‍රිකාවේ ප්‍රමාණය අනුව එම මුදල අඩු වැඩි විය හැකි බවද ඇය සඳහන් කළාය. මැතිවරණයකදී රාජ්‍ය නිලධාරීන් රාජකාරියට යොදා ගැනීමට අදාළ සංගණන පත්‍රිකා ද මේ වන විට මුද්‍රණය කර ඇතැයි රජයේ මුද්‍රණාලධිපතිනිය කීවාය.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැකෝ මුදල් ලොක්කෝ කැඳවයි
shantha Monday, 15 July 2024 02:16 AM
මහා භාණ්ඩාගාරයේ ඉන්නේ පට්ට හොරු බව කවුරුත් දන්නවා. ඒ වගේම තමයි මුද්‍රණාලයේත් ඉන්නේ පට්ට හෙරක්.
අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:57 AM
මැතිවරණ කොමිසමේ පිනාලාට හැම දෙයක්ම කරන්න මතක්වෙලා තියෙන්නේ දැනුයි. මේ වසරේ අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් තිබෙන බව දැන දැනම ඒ සඳහා කිසිම පෙර සූදානමක් හො සැලැස්මක් නැතිවද මේ අය ඉදලා තියෙන්නේ... ගිය වසරේ නොවැම්බර් වල අයවැය ඇස්තමේන්තුව සම්මත වුවාට පසුව ඒ වහා වහා වෙන්කර ගන්න අවශ්‍ය ආයතන වලට වෙන්කර දෙන්න. මොවුන්ට වුවමනාවක් තිබි නැති බවක් තමයි පෙනෙන්නේ...