
(මනෝප්‍රිය ගුණසේකර)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය ජනමත විචාරණයකින් අනුමත කර නොතිබියදී ජනාධිපතිවරණයක් පැවැත්වීම නීතියට පටහැනි බව සඳහන් කරමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගෙනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම අද (15) ශ්‍රේෂ්ඨාධිකරණයේදී සළකා බැලීමට නියමිතය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය නිසියාකාරව සම්මත වී නොමැති අවස්ථාවක එය ජනමත විචාරණයකට යොමු කර අනුමැතිය ගන්නා තුරු ජනාධිපතිවරණයක් පැවැත්වීමෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙන්ම මුලික අයිතිවාසිකම්ද උල්ලංඝනය වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලමින් නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ගොනු කර ඇති මුලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙලෙස සළකා බැලේ.
අගවිනිසුරු ජයන්ත ජයසුරිය මහතා ප්‍රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරුන් වශයෙන් අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහතුවරු කටයුතු කෙරේ.
නීතිඥ අරුණ ලක්සිරි උණවටුන මහතා ඉදිරිපත් කර ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මැතිවරණ කොමිසම, එහි සාමාජිකයින්, පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සහ නීතිපතිවරයා නම් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ජනපතිවරණයට එරෙහි තවත් පෙත්සමක් හෙට විභාගයට
Beeri Aliya Monday, 15 July 2024 12:36 AM
ඡන්දය තියන්න මුදල් නැ කියනවා ඒකට විරුද්ධව උද්ඝෝෂණ කරන්න ආවොත් පොලිසිය හමුදාව දාලා මදි නොකියන්න සංග්‍රහ කරනවා
තෝල්ක මුදලි Monday, 15 July 2024 01:20 AM
ගරු විනිශ්චයකාරතුමනි, චන්දයට බයේ සිටින දුෂිත දේශකාපාලුවන් රැසකගේ අසුචි රස බලන මේ පෙත්සම්කරුවා මේ හදන්නේ චන්දයට මොනයම් ක්‍රමයකින් හෝ ප්‍රශ්නයක් ඇතිකර ඡන්දය පැවැත්වීම වැළැක්වීමයි. ව්‍යවස්තාව පිළිබඳව පසුගිය සතියට කලින් සතියේ ඔබතුමාලා දුන් අර්ථ නිරුපණය ගණන් නොගෙන මොහු කරන්නේ අධිකරණයට අපහාසයක්. මිට කලින් ආපු එකා රුපියල් ලක්ෂයකට දඩ කෑවා.එකත් ගණන් ගන්නේ නැතිව මෙහෙම ඇවිත් උසාවියට අපහාසකරන මේ නරපනුවාට රුපියල් මිලියන 10 ක් දඩගසා, ඔහුගේ නිතිඥ කෝට් එකත් ගලවන්න කියලා මම යෝජනා කරනවා ස්වාමිනි. ස්තුතියි.
Basnayake Monday, 15 July 2024 05:54 AM
අධිකරණය විහිලුවට ලක් කරන්නට හෝ හිතෙන හිතෙන හැටියට නටවන්නට උත්සාහ කරන්නන්ට උපරීම දඬුවම් ලබාදිය යුතුය.
අරවින්ද මොනරවිල Monday, 15 July 2024 11:49 AM
ගරු අධිකරණයේ කාලය නාස්ති කිරීම සහ අධිකරණයට අපහාස කිරීම හේතුවෙන් මේ අඤාණයාට නඩු ගාස්තු ලෙස ලක්ෂ දහයකුත්, අධිකරණයට අපහාස කිරීමට රුපියල් කෝටියක දඩ මුදලක් හා වසර දහයකට අත් හිටවූ වසර තුනක හිර දඬුවමක් නියම කරන ලෙස ගරු අධිකරණයෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.