
(අංජුල මහික වීරරත්න )
සජිත් ප්‍රේමදාස තමාට රට බේරගන්න උදව් කළොත් ඔහුගේ තහනම් කර ඇති එජාප සාමාජිකත්වය නැවත දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත මහනුවර දී අද (14)පැවසීය.
මේ වන විට තමා ආර්ථික අර්බුදයෙන් රට බේරාගෙන තිබෙන බව කී ජනාධිපතිවරයා
දැන් දූෂණයට විරුද්ධව සටන් කරන්න ඕනෑ යැයි සමගි ජන බලවේගය පවසන බවත් සජබෙ සමඟ එකතුවී දූෂණයට විරුද්ධව සටන් කරන්න තමා සූදානම් බවත් කීය.නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල් වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය.
රජයේ වැඩපිළිවෙල පිළිබද ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැත්වෙන "එක්ව ජයගමු"මහජන රැලි මාලාවේ දෙවැනි රැලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.ෙමහනුවර පොදු වෙළෙඳපොළ සංකීර්ණය ඉදිරිපිටදී පැවැත්වුණු මෙම ජනරැළිය පොදු ජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා විසින් සංවිධානය කරනු ලැබීය.


(ඡායාරූප- ප්‍රදීප් පතිරණ)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි ඡන්ද මදිද?
හොරුන් එක්ක ඉඳලා කොහොමද දූෂණය නවත්වන්නේ
රට කොල්ල කෑවා දැන් කියනවා රට බේරගන්න යනවා කියලා. මොනතරම් හාස්‍යජනක ප්‍රකාශයක්ද?
අපි නියම හරක් කියලනේ යකෝ.. මොවුන් තවමත් හිතාගෙන ඉන්නේ. සජිත් කොහොමත් අන්තිමේ නවතින්නේ ඔය ඇම්පියේ තමයි. ඒක අපි කොහොමත් දන්නවා...
අනේ බං, ඇපත් නැතිව පන්නපු ගෙම්බා, පිනට අටවන්න ලැබුණු පට්ටමෙන් ගිහින් තියෙන උඩ. කොහොමත් සීයේ ඔයා ඉතිහාසයේ ලියැවෙනවා මහ ජනතාවට කෙලවලා යාලුවෝ නලවපු, මහ බැංකුවට කෙලපු පිංගුත්තරයා හැටියට...
කවුද මිනිහෝ රට බේරා ගත්තේ? මේ ප්‍රශ්න පටන් ගත්තේ බැංකුවට කෙළියාට පස්සේ... දැන් හිරේ යන්න දවස් කිට්ටු නිසා.. සජිත්ටත් එන්නලු.. එජාප සාමාජිකත්වය දෙනවාලු. අපේ ගෙදර ටොමියාවත් ගන්නේ නැහැ ඔය හුනියම. රටේ මිනිස්සු අන්දන්න බැහැ ඉස්සර වගේ. ඒ ගොල්ලෝ ඔක්කොම ඉල්ලන " පුර්ණ වෙනසක් " දෙන එකම පක්ෂය ජාතික ජනබලවේගය පමණයි. මාලිමාවට ජයවේවා !!!
එජාප සාමාජිකත්වය කියන්නේ නිකම් කඩදාසි කැල්ලක් විතරයි. ඒක හොඳයි වැසිකිලි ගිහිල්ලා පිහදාගන්න. සජිත් නිසා අරවා මේවා දෙනවා කියලා ආයෙත් අන්දන්න බලන්නේ... හැබැයි ඉතින් සජිත් ආවත්, පොහොට්ටුවෝ ආවත් වැඩක් වෙන්නේ නැහැ. ඒ ගොල්ලෝ එහාට මෙහාට පැන්නාට ඡන්ද දායකයින් ඉන්නේ මාලිමාවේ. 52% අනුර කුමාර ගන්නවා උඩින්ම...
හොර නායකයා ළඟින්ම ඉන්නේ, ඒ කාලේ මිනිහාව හිරෙ දාන්න ඕනෑ කියපු නාවලපිටියේ කබරයා. මොකද ගොඩාක් කිට්ටුවෙලා..? කැරම් බෝඩ් නඩුවේ තීන්දුව ළඟදීම දෙන නිසාද? හොරුන්ට හොරුන් මිසක් වෙන පිහිටක් කාගෙන්ද?
"නමුත් ඊට එක් කොන්දේසියක් තිබෙන බව කී ජනාධිපතිවරයා සජිත් පාසල්වලට දෙන බස් ගන්න සල්ලි දුන්නේ කවුදැයි හෙළි කළ යුතු බව සඳහන් කළේය." රනිල් සීයේ, ඔයා කලබල වෙන්න එපා ඒවා ගැන. මාලිමාවේ ආණ්ඩුවක් බලයට පත්වුණ වහාම, දුෂණ වංචා විමර්ශන අංශය ඒ ගැන බලාගනිවී. අනිවාර්යයෙන්ම සජිත්ට ඒ ජාවාරම්කාර පාතාලයින්ගේ නම් වමාරන්නම වෙනවා. හැබැයි සජිත් එක කාමරයක වමාරමින් සිටිද්දී, ඒ අසලම කාමරයක රනිල් සියාටත් වමාරන්න ගොඩක් දේවල් තියෙනවා... මිනී මැරුම්.. හොරකම්... වංචා.. දුෂණ ..ඔව් ඔයාගේ ෆයිල් ගොඩාක් තියෙනවා. ඊටත් අල්ලපු කාමරේ නාකි මයිනා වමාරනවා... ඊටත් එහා කාමරේ කපුටු බැසිල්... කොහොම හිටීවිද ආතල් එක?
මාගේ රටවැසියන් ගැන සිතලා මම ඒ යෝජනාවට කැමැතියි, හැබැයි මගේ කොන්දේසිය මේකයි, මට එජාප ජනාධිපති අපේක්ෂකත්වය දෙන්න ඕනෑ.
ඔබතුමාට අල්ලපු අතත් නෑ, පයගහපු අතත් නෑ... සජිතුත් නෑ..
සජිත්ට මෙයා එන්න කියලා කියන්නේ ස්ථිර වශයෙන්ම මෙයා පරාජය වෙන බව දන්නා නිසා...!
Mr. අංඤ්ඤකොරොස්ට හොඳටම track පැනලා...
ණය ගෙවන්න ඒකත් අනිත් ඒවා වගේ පස්සට දාලා ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගත්තාලු
ගත්ත ණය ගෙවන්නේ නැතුව තව බිලියන ගණනින් ණය අරගන්න ගමන් කියනවා ආර්ථිකය හැදුවලු. මේ එක්කෝ මී හරකෙක් නැත්නම් අපි මී හරක් කියලා හිතාගෙන ඉන්න එකෙක්.
මහා ලොකු බුද්ධිමත් නායකයා.තුට්ටු දෙකට වැටිලා පොහොට්ටු ගැලරිය පිනවනවා. හිරේ ඉන්න ඕනේ අය ළඟ තියාගෙන හොරු අල්ලන්න කතා කරනවා
එජාප එකේ මීහරක් හිටියට සජබෙ එහෙම නෑ. ලක්ෂ 3ක් ඡන්ද නැති පක්ෂයක සාමාජික වෙන්න සජිත්ට මොලේ අමාරුවකුත් නෑ.
මෙහෙමත් තන්හාවක් වයසට යනකොට අත් හරින්න මොකද මේ තරම් අපහසු
තියෙන ණය කන්ද සතපහක්වත් ගෙවන්නේ නැතුව තව ණය කන්දක් අරගෙන මුකුත් නොවිච්ච ගානට ඉන්නවා කියන්නේ රට ගොඩ ගත්තා කියන එකද ? රනිල් රාජපක්ෂ හිතාගෙන ඉන්නෙ මේ රටේ මිනිස්සු කවුටු කියලද?
අන්න සජිත් දුවලා ගිහින් සපෝර්ට් එකදීලා. ඉක්මනටම යුඑන්පී. එකේ. සාමාජිකත්වය ලබාගන්න රනිල් මහතා
අම්මට සිරි. කාපිරි තොලා බත් පැකට් දීලා කසිප්පු දීලා මිනිස්සු ගෙනැල්ලා. කියක් විතර වියදම්ගියාද?
එතකොට මහින්දානන්දත් රනිල් එක්කද? අනිවාර්යයෙන්ම දිනන්න පුළුවන් නියම සෙට් එක...
මෙවර මාලිමාව දිනනවා සහතිකයි, අනුර කුමාර සහෝදරයාව ඝාතනය කරන තමයි මේ හොරු රැල මාන බලන්නේ දැන්
රට බේරගන්න..