IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුල් මාස හතරේදී ටින් මාළු ලක්ෂ 45ක් ගෙන්නලා

(රංජන් කස්තුරි)

ඩොලර්  රටින් පිටවීම වැළැක්වීමේ අරමුණින් සහ  දේශීය  ක ර් මා න්ත ආරක්ෂා කිරීමේ අරමුණින්  මෙරටට ටින් මාළු ගෙන්වීම තහනම් කර තිබියදී මේ වසරේ මුල් මාස හතර තුළ පමණක්  මාළු ටින් ලක්ෂ  45 කට අධික ප්‍රමාණක්   රට තුළට ගෙනවිත් ඇතැයි  දේශීය  ටින් මාලු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති  ශිරාන් ප්‍රනාන්දු මහතා පැවසීය.

ඒ සඳහා වැයකර ඇති මුදල ඇමරිකානු ඩොලර් මිලියන පනහක් පමණ වන බවද   ප්‍රනාන්දු මහතා කීවේය.

ටින්   මාළු රටින් ගෙන්වීම තහනම් කර තිබියදී  මෙතරම් විශාල   ප්‍රමාණයක්     රේගුව හරහා මෙරටට ගෙන්වා ඇත්තෙක් කෙසේදැයි පරීක්ෂණයක් ආරම්භ කළ යුතු බවද ප්‍රනාන්දු මහතා සඳහන් කළේය.

අප්‍රේල් මාසයේදී පමණක් මෙරටට ඩොලර් මිලියන   දෙකක  ටින් මාළු ගෙන විත් තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.

 



අදහස් (5)

මුල් මාස හතරේදී ටින් මාළු ලක්ෂ 45ක් ගෙන්නලා

Lakmal Guruge Sunday, 14 July 2024 06:35 PM

ශ්‍රී ලංකාවේ ටින් මාලුවල ගුණාත්මකභාවය ඉතාම අඩුයි. මේ ගැන නිෂ්පාදකයන් කවදාවත් කතා කරන්නේ නෑ. ගුණාත්මකභාවය ඉහළ නම් සියලු දෙනා ලාංකික නිෂ්පාදන මිලදී ගන්නවා.

:       0       0

ජයනාත් Sunday, 14 July 2024 07:42 PM

තහනම් බඩු ⁣රේගුවෙන්ම මෙහෙම ගෙනාවා නම් අනෙකුත් තහනම් බඩු ගැනත් ඔය ටිකම තමා... අහිංසක මිනිසුන් ට තමා සේරම නීති . බදු ගැහිලි වගෙම තමා..

:       0       0

asiri Monday, 15 July 2024 08:26 AM

රටේ මිනිසුන්ට අඩු මිලට ප්‍රෝටීන් සහිත ආහරයක් ගන්න තියෙද්දි. දේශීය නිෂ්පාදකයගෙන් වැඩි මිලට ගන්න අපේ රටේ මිනිසුන්ට සල්ලි තියනවද. දේශීයව අපි නිෂ්පාදනය කරන්න ඕනේ අඩු පිරිවැයකින් වැඩි ඩොලර් ප්‍රමාණයක් ගෙන්වන්න පුලුවන් දේවල් මිස වැඩි පිරිවැයකින් නිශ්පාදනය කරලා දෙශීයව විකුණන දේවල් නෙවේ.

:       1       4

Lalla Monday, 15 July 2024 10:23 AM

ආනයනය කළ කුණු ලින්නෝ ටින් කරලා වැඩි මිලට විකිණීම කොහොමද දේශීය නිෂ්පාදන වෙන්නේ.

:       0       4

Udra Monday, 15 July 2024 12:31 PM

ලංකාවේ නිෂ්පාදනය කරලා රටින් ගෙන්නන ඒවාට වඩා අඩුමිලට හොඳ ප්‍රමිතියෙන් ලබාදෙන්න පුළුවන් නම් හොරෙන් රටින් ගෙන්නවන එකක් නැහැ...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 572 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 284 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1085 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site