IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


කොළඹ පාතාලය පෝස්ටර් යුද්දයක

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ක්ලබ් වසන්ත ගේ අවසන් කටයුතු නිමවීමට හෝරා කීපයක් තිබියදී සහ ඊට හෝරා කීපයකට පසු මහරගම සහ දෙමටගොඩ ප්‍රදේශයේ තැන තැන පාතාල කණ්ඩායම් සහ ප්‍රතිවිරුද්ධ කණ්ඩායම් අතර තර්ජනාත්මක බැනර් සහ පෝස්ටර් යුද්ධයක් ආරම්භ වී ඇතැයි ආරක්ෂක අංශ කියයි.

පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් නමැති පාතාල නායකයාගේ දේහය තැන්පත් කර තිබෙන මහරගම ගොඩිගමුව " නිදහසේ නවාතැන" නමින් හඳුන්වන සූසාන භූමියේ ඉදිරිපිට ආරක්ෂක තාප්පයේ ක්ලබ් වසන්තගේ අවසන් කටයුතු සිදු කෙරුණු ඉකුත් (13) වෙනිදින මාකඳුරේ මදුශ් ගේ ඡායාරූපයක් යොදා සකස් කළ බැනරයක් ප්‍රදර්ශනය කර තිබිණි.

එහි දකුණු පස " අපේ අයියේ..... එක එක්කෙනා එවනවා.අපි එනකම් බලාගන්න.... යනුවෙන් මදුෂ්ගේ ඡායාරූපයට දකුණු පසින් සටහන් කර එහි පහතින් කේ පි අයි යනුවෙන් ඉංග්‍රීසි අකුරු තුනක් සටහන් කර තිබූ බව පොලිසිය කියයි.

ක්ලබ් වසන්ත ඝාතනය වූ දා වැලිකඩ සිරගෙදර කැරැල්ලේදී වෙඩි පහරින් මිය ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ කළු තුෂාර නමැත්තාගේ බිරිඳ (පසුකාලීනව මධුෂ්ගේ අනියම් බිරිද) මහරගම ගොඩිගමුව නිදහසේ නවාතැනේ සූසාන භූමිය වෙත පැමිණ ඉටිපන්දන් දැල්වූ බව බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

කිසියම් සංවිධානාත්මක කණ්ඩායමක් විසින් ඊයේ (14) මහරගම පමුණුව දුම්රියපොළ පාරේ මධුෂ්ගේ අනියම් බිරිඳගේ නිවස ආසන්නයේ " පාතාලයේ හැම එකාම මදුශ් ගිය තැනට යන්න සැරසියල්ලා " " කැඳ ඉම්රාන්ගේ පවුලේ උන්ටත් එම දඬුවමයි" යනුවෙන් කුඩා පෝස්ටර් දෙකක් සටහන් කර එහි යටින් පා. ව . බ යනුවෙන් සටහන් කර ඇතැයි ද එලෙස සටහන් කර ඇත්තේ පාතාලය වළකන බළකාය යනුවෙන් අදහස් කළ හැකි යයි යැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ ආකාරයෙන්ම සටහන් කරන ලද තර්ජනාත්මක සටහන් දෙකක් දෙමටගොඩ පොලිස් වසමේ ලක් හිරු සෙවණ මහල් නිවාස සංකීර්ණයේ ගේට්ටුවක සහ දෙමටගොඩ දුම්රිය අංගනය අසල ඇති දැන්වීම් ප්‍රදර්ශනය සඳහා ඇති බෝඩ් එකකද පෝස්ටර් දෙකක් අලවා ඇතැයි දැනගන්නට ඇත.

මේ පිළිබඳ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දුව මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය)

එම බැනර් සහ පෝස්ටර් පොලිස් භාරයට ගෙන ඒ සෑම තර්ජනාත්මකමක සටහන් සම්බන්ධයෙන් සහ ඒවා ප්‍රදර්ශන කරන පුද්ගලයන් සම්බන්ධයෙන් මහරගම සහ දෙමටගොඩ ‍පොලිසි මගින් විමර්ශන කිරීමට කටයුතු ආරම්භකර තිබෙනවා. 



අදහස් (11)

කොළඹ පාතාලය පෝස්ටර් යුද්දයක

Mangala Sunday, 14 July 2024 04:35 PM

රාජ්‍ය ත්‍රස්තවාදයේ හොඳම පිළිබිඹුවක්. වසන්තගේ කට වහන්න ඒයාව මැරුවා. පස්සේ පෙන්නනවා පාතාල කණ්ඩායම් දෙකක් අතර ලොකු යුද්ධයක් යනවා කියලා. එහෙම කරලා අනීතිකව මිනිස්සු මරාගෙන යයි. අන්තිමට කියන්නත් බැරි නෑ... පාතාලේ තුරන් කරන්න නම් යුද්ධය නැති කරපු නායකයා බලයට ගේන්න ඕනේ කියලත්. (අ)මුතු ඇටේ විකට කතා...

:       47       95

පිටිගල මිලානෝ Sunday, 14 July 2024 05:14 PM

පොහොට්ටු එකමුතුව දේශපාලන වේදිකාවකට ලලිත්, ගාමිණි ආකාරයේ ගේමක් දෙන්න පාර කපනවා වේගෙන්.

:       22       49

C.K.Lankaputhra Sunday, 14 July 2024 05:26 PM

මේ තමයි දේශපාලක වසලයෝ පාතාලයෝ ඔලුව උඩ තියාගන රටට අත්කර දී ,ඇති වින්නැහිය. නොදකින්

:       0       2

ජයනාත් Sunday, 14 July 2024 05:51 PM

88,89 කාලේ ජවිපෙට විරුද්ධව මේ ආකාරයේම එක එක ජාතියේ බලලුන්ගේ නම් දාලා පෝස්ටර් ව්‍යාපාරයක් ගියා...!

:       15       40

Muthu Sunday, 14 July 2024 06:17 PM

දීපු ස්රිප්ට් එකට අනුව වැඩ කරපල්ලා....නැත්නම් මුළු කේස් එකම අලවෙනවා....

:       0       2

fairoos Sunday, 14 July 2024 07:09 PM

ඕවා අලවපු තැන්වල සීසීටිවී එහෙම නැතුව ඇති නේද? පොලිසියට වැඩේ ලේසි මෙයාලාම මරාගත්තාම

:       0       1

sachith Sunday, 14 July 2024 07:47 PM

කලු බළල්ලු, රනිල්ගේ අතකොලු තමයි. මේ පාර නම් නටපු නැතිව, බෙරේ පලුවකුත් යන්න වැඩ සලස්වන්න අපි ලෑස්තියි.

:       18       33

උක්කුන් Sunday, 14 July 2024 11:32 PM

පාතාලයේ මේ හැසිරීම නිසා ඡන්දේ කල් දාන්න වෙයි වගේ...

:       0       2

Perera Monday, 15 July 2024 12:29 AM

ටිරාන් සහ දේශබන්දු සමාගමේ වැඩක්...

:       0       3

Ruwan De Silva Monday, 15 July 2024 06:37 AM

කළු බළල්ලු, සුදු වෑන් සංස්කෘතිය යළිත් කරලියට ඇවිල්ලා වගේ, ඔහොම යන් තව මාස 2-3යි නේ කෙරුවාව

:       2       7

රෝයි ෆෙඩ්රික්ස් Monday, 15 July 2024 11:02 AM

"පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකදී මිය ගිය මාකඳුරේ මධුෂ් "? මේක හොඳටම විස්වාසද එහෙමයි වුනේ කියලා...!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 690 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17837 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 758 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site