හොරා පොලිස් සෙල්ලම පොලීසියෙන් කෙලවර වෙයි කැස්බෑව පොලිසියේ ස්ථානාධිපති වරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ලෙස හඟවමින් කැස්බෑව සර්වෝදය මාවතේ මාර්ග බාධකයක් යොදා මහමග ගමන් ගත් පුද්ගලයන් පරික්ෂා කිරීමේ යෙදී සිටි පුද්ගලයන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි 14 December 2023
පොහොර වැඩි මිලට විකුණා රජයට පාඩු කළැයි සමාගම් 7ක බැංකු වාර්තා කැඳවයි පොහොර සහනාධාර ජාතික වැඩපිළිවෙල යටතේ 2018 වසරේ සිට ආනයනය කළ ’’පොහොර තොග ’’සහන මිලට ලාංකීය ගොවි ජනතාවට ලබා නොදී වැඩි මිලට කර්මාන්තශාලාවලට අලවිකර රුපියල් කෝටි ගණනින් රජයට පාඩු කළේ යැයි කියන සමාගම් හතක බැංකු වාර්තා කැඳවන ලෙසට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද(14) නියෝග කළේය. 14 December 2023
බදු නොගෙවා හැංගෙන තැන් පෙන්නන ආයතන විසි හතක් රාජ්‍ය නිලධාරීන් නිවැරදි පරිදි බදු එකතු කර ගන්නේ නැතිව මගහරිනවා නම් ඊට විරුද්ධව නඩු පැවරීමට ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කරන බව පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ආශු මාරසිංහ මහතා පැවසීය. 14 December 2023
කොට උඩ ගිය වැඩ 200ක් යළි අරඹයි විදේශ ආධාර මත ආරම්භ කර අතරමග නැවති ඇති සංවර්ධන ව්‍යාපෘති 200කට අධික ප්‍රමාණයක් ලබන වසරේ මුල් කාර්තුවේ යළි ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය. 14 December 2023
නාන්න ගිය සිසුවා දියේ ගිලී අතුරුදන් බලපිටිය මහ පාලම අසල මෝය කටේ දිය නෑමට ගිය පාසල් ශිෂයකු අද(14) පස්වරුවේදී අතුරුදහන්වී ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 14 December 2023
2024 ජනතාව තවත් පීඩාවට පත්කරන වසරක් වෙයි රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ආර්ථිකය තවත් කඩා වැටී ජනතාවගේ පීඩාව තවත් වැඩිවන අවුරුද්දක් බවට 2024 අවුරුද්ද පත්වනු ඇතැයි සමගි ජන බලවේගයේ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළේය. 14 December 2023
බන්ධනාගාරයේ 19කට ප්‍රධාන ජේලර් තනතුර බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ පලමු පෙළ ජේලර් තනතුරේ රාජකාරි කළ නිලධාරීන් 19 ක් ප්‍රධාන ජේලර් තනතුර දක්වා උසස් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක ගාමිණි බී දිසානායක මහතා පැවසීය. 14 December 2023
රුමේනියාවේ රැකියා පෙන්වා වංචා කළ අයෙක් මාට්ටු රුමේනියාවේ රැකියා ලබාදෙන බව පවසමින් මුදල් වංචා කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සේවය කළ නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ත කාර්යාංශය පැවසීය. 14 December 2023
ඉලක්කය වැරදුණු වෙඩික්කරු මාට්ටු කොලොන්නාව උමගිලිය ක්‍රීඩාංගනය අසලදී කායවර්ධන උපදේශක වරයකුට වෙඩි තබා ඝාතනය කිරීමට සූදානම් වි එය අසාර්ථක වීමෙන් අනතුරුව පලාගිය පුද්ගලයන් දෙදෙනා තවත් අපරාධයකට යමින් සිටියදී මුල්ලේරියාවේදි අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි. 14 December 2023
ශානිට ආරක්ෂාව දෙන්න හිටපු රහස් පොලිස් අධ්‍යක්ෂක ශානි අබේසේකර මහතාට ඊළඟ නඩු වාරය තෙක් ප්‍රමාණවත් ආරක්ෂාවක් වහාම ලබාදෙන ලෙස අභියාචනාධිකරණය ආරක්ෂක බලධාරීන්ට නියෝග කළේය. 14 December 2023
රාජ සභාව කැඩූ කුරූණෑගල හිටපු නගරාධිපති ඇතුළු පහක් වසර තුනක් හිරේට බුවනකබාහු රාජ සමයට අයත් බව සැළකෙන කුරුණැගල පිහිටි රාජසභා මණ්ඩපය කඩා අලාභ හානි කිරීමේ චෝදනාවට වරද පිළිගගත් කුරුණෑගල හිටපු නගරාධිපතිවරයා ඇතුළු පස්දෙනකුට කුරුණෑගල මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා වසර තුන බැගින් බරපතල වැඩ සහිත සිරදඩුවම් නියම කළේය. 14 December 2023
මහා සඟරුවනේ ආශිර්වාදයෙන් මඩකළපුව සරසවියේ වැඩ පටන් ගනී මඩකලපුව පූනානි පිහිටි නැගෙනහිර විශ්වවිද්‍යාලයේ වැඩ කටයුතු බෞද්ධ ආගමික වතාවත්වලට මුල් තැන දෙමින් එම විශ්ව විද්‍යාලයේ සභාපති එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතා, උපකුලපති මහාචාර්ය ජයන්ත ලාල් රත්නසේකර මහතා ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් අද ආරම්භ කළහ. 14 December 2023
කුඩු කිලෝ 100ක් විනාශ කරයි 2019 වසරේ දී මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන එමින් තිබියදි අත් අඩංගුවට ගෙන අධිකරණ කටයුතුවලින් පසු කොළඹ අධිකරණ භුමියෙ රදවා තිබු රුපියල් කෝටි 107ක වීදි වටිනාකමින් යුත් හෙරෝයින් කිලෝ 107ක් පුත්තලම මහෙස්ත්‍රාත් මිහිල් චිරන්ත සතුරුසිංහ මහතා ඉදිරීයෙ පුත්තලම පාලවිය සිමේන්ති නිෂ්පාදන කර්මාන්ත ශාලවේදී අද (14) පුළුස්සා විනාශ කෙරිණි. 14 December 2023
ගංගාරාමයේ පොඩි හාමුදුරුවන්ට සෙත් පතා සියක් නමකට දන් දෙයි කොළඹ, හුණුපිටිය ගංගාරාමාධිපති කොළඹ නව කෝරළයේ ප්‍රධාන සංඝනායක, ආචාර්ය ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 80 වැනි ජන්ම දිනය නිමිත්තෙන් එම විහාරස්ථානයේදී පිංකම් මාලාවක් අද (14) පැවැත්විණි. 14 December 2023
වැට් බද්ද වෙළඳ ඇමැතිට පීඩනයක්ලු භාණ්ඩ වල වැට් බද්ද වැඩිවීම තමන්ට විශාල පීඩනයක් ගෙන දෙන්නක් බව වෙළද පාරිභෝගික හා ආහාර සුරක්ෂතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පැවසීය. 14 December 2023
කෝටි 151 ක් හොර පාරෙන් ආයෝජනය කරලා ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය පසුගිය වසරේදී රුපියල් කෝටි 151 කට වැඩි මුදල අනුමැතියකින් තොරව භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ. 14 December 2023
බෑණාගේ පහරින් මාමා මරුට යාපනය, කරවෙඩ්ඩි, නෙල්ලියඩි ප්‍රදේශයේ දී බෑණා කළ පහරදීමකින් මාමා ජිවිතක්ෂයට පත්ව ඇති බව නෙල්ලිඅඩි පොලිසිය පවසයි. 14 December 2023
හදිසි රිය අනතුරින් සෙබළා මරුට පැදියකින් යමින් සිටි යුද හමුදා සෙබලෙකු එක්වරම මාර්ගයේ ඇද වැටීමෙන් ධාවනය වෙමින් තිබූ ලොරි රථයකට යටවී එම ස්ථානයේදීම මිය ගොස් ඇතැයි කඩුවෙල පොලිසිය පවසයි 14 December 2023
ජපන් කෝච්චි ගේන සාකච්ඡා අරඹයි සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ආරම්භ කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය තවදුරටත් ජපාන රජය සමග සාකච්ඡා කරමින් සිටින බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය . 14 December 2023
ග්‍රෙගරි පාර වැහෙයි ගසක් කඩා වැටීම හේතුවෙන් කොළඹ 07 ග්‍රෙගරි පාරේ වාහන ගමනාගමනය ඇණහිට ඇති බව පොලිසිය පවසයි. 14 December 2023
ඉංජිනේරු කොල්ලයි දොස්තර කෙල්ලයි නොගැලපෙන වැඩක් කරලා පාසල් ළමුන් හා කාන්තාවන් යොදාගෙන අසභ්‍ය වීඩියෝපට හා ජායාරූප සකසා අන්තර් ජාලයට මුදාහැර මසකට රුපියල් ලක්ෂයකට වැඩි ආදායමක් ඉපැයීමක් සිදු කර ඇතැයි කියන විශ්ව විද්‍යාල දෙකක අධ්‍යාපන හදාරන සිසුවෙක් හා සිසුවියක් භාණ්ඩ තොගයක් සමග අත් අඩංගුවට ගත් බව කඩුගන්නාව පොලිසිය පැවසීය. 14 December 2023
අයවැයට වැට් පනතට කතානායක සහතිකය විසර්ජන පනත් කෙටුම්පත ( අයවැය) සහ එකතු කළ අගය මත බදු සංශෝධන පනත් කෙටුම්පත (වැට් ) පෙරේදා (13) සිට බලාත්මකවිය. 14 December 2023
වී වගාවට තුන් බියක් කෘමි හානි තුනක් මේ දිනවල වී වගාව ආශ්‍රිතව පැතිර යන බැවින් ඒ සම්බන්ධව අවධානය යොමු කරන ලෙස කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ගොවි ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 14 December 2023
අම්පාර බස් නැවතුමේදී පුද්ගලයෙක්ගේ දෑත් කැපු 5 ක් අල්ලයි අම්පාර ප්‍රධාන බස් නැවතුම්පල අසලදි වෑන් රථයකින් කඩුපිහි රැගෙන පැමිණි පිරිසක් එහි සිටි පුද්ගලයෙකුගේ දෑත් කපා දමා තවත් පුද්ගලයෙකුට පහරදි අවට සිටි පිරිස්ට තර්ජනය කළැයි පස් දෙනකු සහ ඔවුන් ගමන් කළ වෑන් රථය අත් අඩංගුවට ගත් බවඅම්පාර මුලස්ථාන පොලිසිය කියයි . 14 December 2023
සිසුවා දිය රකුසාට බිලි අම්පාර පානම පොලිස් වසමේ පානකල මුහුදු තීරයේ දියනෑමට ගිය 15 හැවිරිදි සිසුවෙක් දියේ ගිලී අතුරුදන්ව ඇතැයි පානම පොලීසිය කියයි. 14 December 2023
කොන්ක්‍රීට් පාලමක් කඩා වැටී දෙකක් රෝහලේ උමාඔයේ අතුගංගාවක් වන මැදකදුර ඔය හරහා ඉදිකර තිබූ අනාරක්ෂිත කොන්ක්‍රීට් පාලමක් අධික.වර්ෂාවත් සමඟ කඩාගෙන යාමෙන් පාලම මමතින් ගමන් කරමින් සිටි කාන්තාවන් දෙදෙනකු මැදකදුර ඔය ට වැටී තුවාල ලබා දියතලාව රෝහලට ඇතුළත් කළ බව හපුතලේ පොලිසිය පවසයි . 14 December 2023
වැඩබලන පොලිස්පතිට ලක්ෂ 5ක වන්දි ගෙවන්න වෙයි පුද්ගලයකුට පහරදී මේ සිද්ධියක් සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයා ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩකර ඇති බව තීරණය කළ අධිකරණය වින්දිතයාට රුපියල් ලක්ෂ පහක වන්දියක් ගෙවන්නැයි පොලිස්පති ඇතුළු තිදෙනකුට නියෝග කළේය. 14 December 2023
ජාතික අක්ෂි රෝහලේ වැඩ වර්ජනය පැය දෙකෙන් අවසන් කොළඹ ජාතික අක්ෂි රෝහලේ ප්‍රධාන පාලකවරයාගේ ක්‍රියාකළාපයට විරෝධය දක්වමින් එම රෝහලේ වෛද්‍යවරු අද (14) පෙරවරුවේ ආරම්භ කළ වැඩවර්ජනය පැය දෙකකින් පමණ අවසන් කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසීය. 14 December 2023
හමාස් පාලනයක් නැති ගාසා තීරයක් පවතින්න බෑ තම පාලනයෙන් තොර ගාසා තීරයක් ගැන සිතීමෙන් පලක් නැතැයි හමාස් ප්‍රධානී ඉස්මායිල් හානියේ පවසයි. හමාස් ප්‍රධානියා මෙසේ පැවැසුවේ, ගාසා තීරයේ පැවැතිය යුත්තේ තමන්ට හිතවාදී පාලනයක් යැයි ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමිනි. 14 December 2023
ජනවාරියේ බස් ගාස්තු ඉහළට ජනවාරි මාස වැට් බදු වැඩි වීමත් සමග බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 14 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026