පොහොට්ටුවේ නායකත්වය තවදුරටත් මහින්දට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට තව දුරටත් පත්කිරීමට එම පක්ෂයේ ජාතික සම්මේලනයේදී මීට සුළු මොහොතකට පෙර තීරණය කළේය. 15 December 2023
වෛද්‍යවරුන් ඉසිඹු යන වයස අධිකරණය දන්වයි රජයේ සේවයේ නියුතු විශේෂඥ වෛද්‍යවරුන් ඇතුළු සියළු රජයේ වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස 63ක් බවට නියෝග කරමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් අද නිකුත් කළේය. 15 December 2023
කටුනායක ගුවන්තොටේ සේවකයෝ වැඩි වැටුප් ඉල්ලති කටුනායක ගුවන් තොටුපොළ සේවකයින් වැටුප් වැඩි වීමක් ඉල්ලමින් උද්ඝෝෂණයක් ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තය ඉදිරිපිට දී අද (15) පැවැත්වීය . 15 December 2023
මේ තණකොළ කාට කන්න රටපුරා විවිධ ප්‍රදේශවල බස් නැවතුම්පොළවල සහ මඟ දෙපස කඩකාමර අසල තණකොළ සහ පිදුරු මිටි ඉල්ලා තිබෙනු දක්නට ලැබිණි. එය කිසියම් පිරිසකට ආහාරයට ගන්නැයි ද දැන්වීම් මගින් දැන්වත් කර තිබූ අයුරුද දක්නට ඇත. 15 December 2023
කරාපිටියේ ඊ.ටි.යූ අංශ එක්ස් රේ යන්ත්‍රය අක්‍රීයයි කරාපිටිය රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ එක්ස් රේ යන්ත්‍රය අක්‍රියවි දැනට මාස කිහිපයක් ගතව ඇතත් තවමත් එය අලුත් වැඩියා කිරිමට පියවර ගෙන නැතැයි රෝගිහු කියති. 15 December 2023
සතොස භාණ්ඩ 10 ක මිල අඩු කරයි ලංකා සතොස උත්සව සමය වෙනුවෙන් භාණ්ඩ 10ක මිල අඩු කිරීමට පියවර ගෙන තිබේ. 15 December 2023
සොරකමේ ගිහින් තිස් දෙවැනි වතාවටත් පොලීසියට මාට්ටු ගාල්ල කරාපිටිය ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරුන් තිස් එක් දෙනෙකුගේ නිවාස වරින් වර බිද වරදකරු වී සිර දඩුවම් විද නිදහස්ව පැමිණ තිස් දෙවන වරට ගාල්ල වැලිවත්තේ පදිංචි නීතිඥවරයෙකුගේ නිවසට ඇතුලුවී රුපියල් විසි ලක්ෂ හය දහසක් වටිනා රන් අබරණ සොරකම් කිරීම සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි . 15 December 2023
ඛනිජ තෙල් සමාගමෙන් ’’ඕටී’’ වාර්තාවක් ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයන් 19 දෙනකුට පසුගිය 2021 වර්ෂයේදී ඔවුන්ගේ මූලික වැටුප මෙන් සියයට 300කට වැඩි අතිකාල දීමනා ගෙවා ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 15 December 2023
ශ්‍රීපාදයට ආලෝකය දෙන්න ගුවන් හමුදා මෙහෙයුම නල්ලතන්නිය ශ්‍රි පාද මාර්ගයේ රතු අම්ඹලමශ සහ ඉදිකටු පහන ප්‍රදේශයට විදුලිය ලබා දීම සඳහා විදුලි ට්‍රාන්ස්පෝමර් ඇතුලු ටොන් 25ක උපකරණ ගුවන් හමුදාවේ එම්.අයි 17 හෙලිකොප්ටරයෙන් රැගෙන යැමේ මෙහෙයුම අද නල්ලතන්නිය ක්‍රිඩාංගනයේදි ආරම්භ කෙරිණ. 15 December 2023
පොලි මුදලාලිගේ නිවසට වෙඩි මාතර පල්ලිමුල්ල සම්බෝධි මාවතේ පදිංචි මුදල් පොලියට දෙන ව්‍යාපාරිකයකුගේ නිවසට යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු වෙඩි ප්‍රහාරයක් එල්ල කොට පලා ගොස් ඇතැයි මාතර මූලස්ථාන පොලීසිය පවසයි. 15 December 2023
බිත්තර ආනයන නැවත අරඹනවා ඉන්දියාවෙන් බිත්තර ආනයනය නැවත ආරම්භ කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා අද (13) පැවසීය. 15 December 2023
ලලිත් ඇතුලත්මුදලි නමින් පශ්චාත් උපාධි පීඨයක් දැනුමින් සන්නද්ධ පුරවැසියන් නිර්මාණය කරමින් අධ්‍යාපන ක්ෂේත්රයේ විප්ලවීය වෙනසක් ඇති කිරීමට මෙන්ම විවෘත ආර්ථිකයේ ප්රතිලාභ ගමට ගෙන යාමට මහපොළ ශිෂ්‍යත්වයෙන් හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 December 2023
රාගම දී වෙඩි කෑ අයෙකුට බරපතලයි රාගම වල්පොල ප්‍රදේශයේ නිවෙසකට ඊයේ දින (14) රාත්‍රියේ 8.40 පමණ එල්ල වූ වෙඩි ප්‍රහාරයට ලක් වූ තිදෙනාගෙන් එක් අයකුගේ තත්ත්වය බරපතල ලබ රෝහල් ප්‍රකාශකයෙක් කීය. 15 December 2023
ගජේන්ද්‍රන්ට දිවුලපතානේ දී හූවක්: ගමනත් අහුරති දෙමළ ජාතික පෙරමුණේ නායක, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මංත්‍රි ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා දිඹුලාගල දිවුලපතාන ගම්මානයට ඇතුළත් වීමට ගත් උත්සහාය වළක්වා ලමින් එම ගම්මානයේ පිරිසක් වලමණ්ඩිය පාලම අවහිර කරමින් විරෝධතාවයක නිරත වෙති. 15 December 2023
මේ අපරාධය වග කිව යුත්තෝ දැක්කේම නැද්ද හයිඩ් පාර්ක් කෝනර් නුගගහ අසළ මාර්ගයේ ජල නළයක් පුපුරා දින හතරක් තිස්සේ ජලය කාන්දු වීමෙන් එම මාර්ගයේ ගමන් ගන්නා ජනතාව දැඩි අපහසුතාවට පත්වන ආකාරය දැකගත හැකිය. 15 December 2023
ඉරණමඩුව වාන්දොරටු 14ම විවෘතයි:කණ්ඩලමත් වාන් දමයි කිලිනොච්චිය,ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14 ම අද(15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පැවසීය. 15 December 2023
ලක්-චීන බෞද්ධ සහයෝගයට කතා ශ්‍රී ලංකාව සහ චීනය අතර බෞද්ධ දර්ශනය සහ සංස්කෘතික හුවමාරුව සඳහා වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය. 15 December 2023
ඝාතනයකට සැරැසුණු හතරක් කොට්ටාවේදී කොටුවෙයි ඩුබායිහී සිටින පාතාල නායකයකුගේ දැනුම්දීම මත මනුෂ්‍ය ඝාතනයක් සඳහා පැමිණෙමින් සිටි බව කියන පුද්ගලයන් සිව් දෙනෙකු දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව පිටවීමේ දොරටුව අසලදී අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි. 15 December 2023
බස් රියදුරා කපා කොටා ඝාතනය කරලා හංවැල්ල තුම්මෝදර මංසන්දිය ආසන්නයේදී ඇගළුම් බස් රථයක බස් රථ රියදුරකු අද (15) දින උදෑසන කපා කොටා ඝාතනය කර තිබියදී හමු වූ බව හංවැල්ල පොලිසිය පවසයි 15 December 2023
තරුණ සිත් ගන්න කෝටි 10ක් වෙන් කරයි තරුණයින් ගොවිතැනට ආකර්ශනය කර ගැනීමේ වැඩ සටහන් සඳහා රුපියල් මිලියන 1000ක් වෙන් කිරීමට තීරණය කර තිබේ. 15 December 2023
තැඹිලි ඩොලර් ගසක් වෙයි එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. 15 December 2023
වැලිකඩ ජේලර් ඝාතනයේ සැකකරු අයිස් එක්ක මාට්ටු වැලිකඩ බන්ධනාගාරයේ ප්‍රධාන පුහුණු ජේලර්වරයෙකු ඝාතනය සම්බන්ධයෙන් ඇප මත සිටින කතන්දිනය සුද්දාගේ ප්‍රධාන ගෝලයකු බව කියන වෑල්ඩින් රුවන් අයිස් මත්ද්‍රව්‍ය සහ ආයුධ ළඟ තබාගෙන සිටියදී අම්බලන්ගොඩ කුලිය ගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 15 December 2023
ලෝක අභියෝග ජය ගත හැකි රණවිරුවෙක් හදනවා ගෝලීය අභියෝග ජයගත හැකි රණවිරුවකු නිර්මාණය කිරීමට ශ්‍රී ලංකා ආරක්ෂක හමුදාව නව යුද උපක්‍රම, තාක්ෂණය සහ දැනුමින් සන්නද්ධ කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 15 December 2023
‘‘ලාද්ලි‘‘ සම්මාන දිනූ විනීතා, සුනන්දා දිවයිනට ස්ත්‍රීවාදී දෘෂ්ටි කෝණයකින් සමාජභාවය පිළිබඳ සංවේදීව සහ ප්රශස්ත ආකාරයෙන් මාධ්‍ය වාර්තාකරණයේ යෙදීම වෙනුවෙන් පිරිනමන ’’ ලාද්ලි ’’ සම්මානය දිනා ගනිමින් ශ්‍රී ලංකාවේ මුද්‍රිත මාධ්‍ය මාධ්‍යවේදිනී විනීතා එම්.ගමගේ මහත්මිය සහ විද්‍යුත් මාධ්‍ය වෙනුවෙන් සුනන්දා හෙට්ටිආරච්චි මහත්මිය දිවයිනට පැමිණියහ . 15 December 2023
බොරැල්ලේ යකා නැටූ තරුණයා වෙඩි තබා අල්ලයි රාත්‍රී යතුරු පැදි සංචාරයේ යෙදුණු බොරැල්ල පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට උල් ආයුධයකින් ඇන පලායාමට පත්කළ පුද්ගලයකු වෙඩි තබා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි. 15 December 2023
බීමත් රියැදුරා පොලිසිය අන්දමන්ද කරලා හොරණ නගරයේ බීමත්ව යතුරු පැදියක් පැදවූ (45) හැවිරිදි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පොලිස් යතුරු පැදියේ නංවා පොලිසියට ගෙන යද්දී යතුරු පැදිය පැදවු පොලිස් නිලධාරියාගේ කරට උඩින් අතක් දමා යතුරු පැදිය ඇන්ජිම නවතා යතුරත් අරන් පැන දුවද්දී පොලිස් නිලධාරින් මහත් පරිශ්‍රමයක් දරා සැකකරු නැවතත් අත්අඩංගුවට ගත් බව හොරණ පොලිසිය පවසයි. 15 December 2023
ගජමුතු හතරක් සමග හතරක් මාට්ටු රුපියල් කෝටි දෙකක් වටිනා ගජමුතු 04 ක් සමග ඒවා විකිණීමට පැමිණි පුද්ගලයන් සිව් දෙනකු මහත් පරිශ්‍රමයක් දරා අත්අඩංගුවට ගත් බව සීදුව පොලිසිය පවසයි. 15 December 2023
පළාත් රැසකට අදත් තද වැසි දකුණ,නැගෙනහිර සහ ඌව පළාත්වලත් යාපනය,මුලතිව්,මාතලේ සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 15 December 2023
රාගම වෙඩි තැබීමක් දරුවකු ඇතුළු තිදෙනෙක් තුවාල ලබති රාගම වල්පොළ ප්‍රදේශයේ නිවෙසක සිදු වූ වෙඩි තැබීමකින් 17 හැවිරිදි දරුවකු ඇතුළු තිදෙනකු තුවාල ලබා රාගම රෝහලට ඇතුලත් කළ බව රාගම පොලිසිය කියයි. 14 December 2023
ඉලක්කයට යද්දි බාධා කරන ඕනෑම කෙනකුට ගහගෙන යනවා රටේ අපරාධ පැත්ත නැති කරන්න තමාට ඉලක්කයක් ඇතැයි ද එම ඉලක්කයට යෑමට බාධා කරන ඕනම කෙනකුට ගහගෙන යන බව ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය. 14 December 2023
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026