මීටියාගොඩ වෙඩි තැබීමකින් කතක් මරුට මීටියාගොඩ දොඹන්විල ප්‍රදේශයේ අද (17) සිදුවූ වෙඩි තැබීමකින් කාන්තාවක් මිය ගිය බව මීටියාගොඩ පොලීසිය කියයි. 17 November 2025
කබ්රාල්ට එරෙහි පෙත්සමක් විසි වෙයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඉහළ නැංවීමට බව සඳහන් කරමින් ශ්‍රී ලංකා රජයට අයත් රුපියල් මිලියන 6.5 ක මුදලක් ඉමාඩ් සුබේරි නැමති ඇමරිකානූ ජාතිකයෙකුට ගෙවීම තුළින් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු පිරිසක් සිය මූලික මිනිස් අයිතිවාසිකම් කඩකර ඇතැයි චෝදනා කරමින් පූජ්‍ය තීනියාවල පාලිත හිමියන් විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය 17 November 2025
ත්‍රිකුණාමලය බුදුපිළිමය ඉවත්කිරීම තරගයේ හෙළා දකිනවා ත්‍රිකුණාමලය කොටුව පාර ශ්‍රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරය භූමියේ බුදුපිළිමය ඉවත්කිරීම සහ භික්ෂූන්වහන්සේට පහරදීම තරයේ හෙළා දකින බවත් එම විහාරස්ථානයේ සහ භික්ෂූන්වහන්සේගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කඩිනම් පියවර ගතයුතු බවත් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහානායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහානායකහිමියෝ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමු කරමින් දන්වා සිටිති. 17 November 2025
විදේශ කටයුතු අධිකරණ වැය ශීර්ෂ සම්මතයි විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ සහ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ වැය ශීර්ෂ පාර්ලිමේන්තුවේදී අද පස්වරුවේ සම්මත විය. 17 November 2025
ඖෂධ 350ක මිල අඩු කරයි ළමා රෝග, පිළිකා, දියවැඩියාව, අධි රුධිර පීඩනය ඇතුළු විවිධ රෝග රැසක් සඳහා ලබාදෙන ඖෂධ වර්ග තුන්සිය පනහක මිල අඩුකර ඇති බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා පැවැසීය. 17 November 2025
ලොකු ලූනු වලට ස්ථාවර මිලක් ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය. 17 November 2025
වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 500 ක් වෙන්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයට ලබන 19 වැනිදා එළඹෙන බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා අද (17) පැවසීය. 17 November 2025
ගොඩනැගූ ආර්ථිකය ස්ථාවර කරගන්න සහය දෙන්න ගොඩනැඟූ ආර්ථික ස්ථාවරත්වය අඛණ්ඩව පවත්වාගෙන යාමට සහාය දක්වන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් අද ඉල්ලීමක් කළේය. 17 November 2025
සම්බාහන කරන ගමන් කුඩු විකුණලා හබරණ ජයසෙන්ගම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන හිමිකාරියක දිගු කලක සිට අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී අද සවස අත්අඩංගුවට ගත් බව හබරණ පොලිසිය පවසයි. 17 November 2025
දොස්තර වර්ජනය දිග්ගැස්සෙයි 2026 අයවැය මගින් සෞඛ්‍ය සේවය හා වෛද්‍යවරුන් නොසලකා හැර ඇති බවට විරෝධය පළකරමින් අද (7) උදෑසන 8.00 ට ආරම්භ කළ වෘත්තීය ක්‍රියාමාර්ගය අඛණ්ඩව ඉදිරියට ගෙනයන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. 17 November 2025
මාදැල් ධීවරයෝ කොළඹ විරෝධයේ මාදැල් ධීවර කර්මාන්තයට යාන්ත්‍රික උපකරණ භාවිතාකිරීම තහනම් කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් පුත්තලම දිස්ත්‍රිකක්යේ මහවැව තොඩුවාව මාදැල් ධීවර කර්මාන්තයේ යෙදී සිටින ජනතාව කොළඹ ධීවර අමාත්‍යංශය ඉදිරිපිට අද (17) විරෝධතාවක් දැක්වූහ. 17 November 2025
දෙකයි පනහේ ලෝයර්ස්ලා කතාවක්: සුනිල් - චාමර හැප්පෙති මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල සහ මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහත්වරුන් අතර බහින්බස්වීමක් ඇතිවීමෙන් පාර්ලිමේන්තුවේ අද පස්වරුවේ උණුසුම් තත්ත්වයක් ඇති විය. 17 November 2025
මෙම වසරේ සංචාරකයන් ලක්ෂ 20 කඩයිම පසුකරයි මෙම වසරේ (2025) ශ්‍රී ලංකාවට විදේශීය සංචාරකයන්ගේ පැමිණීම (මිලියන 02) ලක්ෂ 20 කඩඉම පසු කර යාමට අද (17) සමත් විය. 17 November 2025
‘‘බුදු කුටිය අනවසර ඉදිකිරීමක්‘‘ ත්‍රිකුණාමලය වරාය වෙරළ තීරයේ ඉදිකළ කුටියක තිබූ බුදුපිළිමයක් ඉවත් කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලට අනුව එම බුදු පිළිමය සහිත කුටීරය වෙරළ ආරක්ෂක කලාපය තුළ අනවසරයෙන් ඉදිකර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි. 17 November 2025
’’රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් හදන්න’’ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර වෙනුවෙන් කෞතුකාගාරයක් ඉදි කරන්නැයි සමගි ජන බලවේගයේ මන්ත්‍රී දිලිප් වෙදආරච්චි මහතා පාර්ලිමේන්තුවේදී අද ඉල්ලීමක් කළේය. 17 November 2025
රට පුරා වැඩ වර්ජනවලින් වෙච්ච පාඩුව රට පුරා පසුගිය වසරේ (2024) සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46769ක් අහිමිවී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි. 17 November 2025
පොලිසිය රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසියම තැන්පත් කරයි ත්‍රිකුණාමලය කොටුව පාර් ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරීය බෝධිවර්ධන දහම්පාසල් භූමියේ ස්ථාපිත කර තිබියදී මහා සංඝරත්නයේ විරෝධය මධ්‍යයේ බලහත්කාරයෙන් රැගෙන ගිය බුද්ධ ප්‍රතිමාව පොලිසිය විසින් අද (17) යළි එම ස්ථානයේ ස්ථපිත කිරිමට පොලිසිය කටයුතු කළේය. 17 November 2025
මක්කම ගිය බසයක් ගිනි ගනී සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.. 17 November 2025
ජපානයේ කියුෂු ගිනි කන්ද පුපුරයි ජපානයේ ප්‍රධාන බටහිර දූපතක් වන කියුෂු හි ගිනි කන්දක් දින කිහිප වතාවක් පුපුරා ගොස් තිබේ. 17 November 2025
මත් රකුසා පරදන වැඩසටහන දකුණට යයි විෂ මත් ව්‍යසන පරදන ’’ රටම එකට’’ ජාතික මෙහෙයුමේ දෙවැනි අදියර දකුණු පළාතෙන් ඇරැඹීමට රජය තීරණය කර තිබේ. 17 November 2025
පොල්ගහවෙළ අයවැය සම්මතයි පොල්ගහවෙල ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සඳහා වූ අයවැය ජාතික ජනබලවේග කණ්ඩායම ඡන්ද 26 ක් ලබා ගනිමින් වැඩි ඡන්ද 13 කින් සම්මත විය. 17 November 2025
තැපෑලට රියැදුරෝ 36ක් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් රියදුරු (විවෘත) තනතුරු 36 දෙනෙක් බඳවා ගැනීමට රජය තීරණය කර තිබේ. 17 November 2025
සෞදියේ බස් අනතුරකින් 40ක් මරුට සෞදි අරාබියේ සිදු වූ බස් අනතුරකින් මක්කකම සිට මෙඩිනා දක්වා ගමන් කරමින් සිටි ඉන්දියානු උම්රා වන්දනාකරුවන් 40 කුට වැඩි පිරිසක් ජීව්තක්ෂයට පත්ව තිබේ. 17 November 2025
සුරාබදු හිටපු නිලධාරියා බීඩි කොළ සමග අල්ලයි මුහුදු මාර්ගයෙන් නීති විරෝධීව මෙරටට ගෙන ආ බීඩි කොළ තොගයක් තම සන්තකයේ තබා ගෙන සිටි හිටපු සුරාබදු නිලධාරියකු බව කියන පුද්ගලයකු සමග මෝටර් රථයක් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය කියයි. 17 November 2025
භූ විද්‍යා හිටපු සභාපතිට ඇප භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ තොරතුරු තාක්ෂණ අධ්යක්ෂ තනතුර සඳහා සිය වෘත්තිය සමිතියේ කටයුතු කළ පුද්ගලික ලේකම්වරියක රජයේ නිලධාරීන්ට බලපෑම් කර අත්තනෝමතිකව බඳවා ගත්තේ යැයි අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ එම කාර්යාංශයේ හිටපු සභාපති අනුර වල්පොල ඇපමත මුදා හැරීමටට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද නියෝග කළේය. 17 November 2025
අර්ජුන් මහේන්ද්‍රගේ පාස්පෝට් නිදහස් කළ කෙනා දැන් ඩී.ජී අර්ජුන් මහේන්ද්‍රයන් රටින් පිට කරන්න පාස්පෝට් නිදහස් කරපු මහේස්ත්‍රාත් කෙනෙක් දැන් ඩී.ජී කෙනෙක් බව බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා:-(න.ප්‍ර.පෙ) පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
සභාපතිගේ තීරක ඡන්දයෙන් පානදුර අයවැය සම්මතයි පානදුර ප්‍රාදේශීය සභාවේ 2026 වර්ෂය සදහා ඉදිරිපත් කළ අයවැය සමවී සභාපති වරයාගේ තීරක ඡන්දය ලබාදීමෙන් පසු සභා සම්මත විය. 17 November 2025
වතු කම්කරුවන්ට සැලකීම විපක්ෂයට දරාගන්න බෑ ආණ්ඩුව වතු කම්කරුවන්ට වැටුප් වැඩි කිරීම විපක්ෂයට දරා දරාගන්නට බැරි බව ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ යූ.පී.අබේවික්‍රම මහතා:-(ජා.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2025
ආණ්ඩුව හිතපු සංචාරකයො ආවෙ නෑ ආණ්ඩුව බලාපොරොත්තු වූ සංචාරකයන් ප්‍රමාණය මේ අවුරුද්දේ දී ගෙන්වා ගැනීමට අපොහොසත් වී ඇතැයි මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රිනී චමින්ද්‍රාණී කිරිඇල්ල මහත්මිය:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී කීවාය. 17 November 2025
කතානායක බංගලාව ගැන රවීට දුක හිතිලා කතානායක බංගලාව විනාශ වෙමින් තිබෙන බවත් එය පාවිච්චි කරන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවත් මන්ත්‍රී රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026