ප්‍රා.ස. මන්ත්‍රී ගංජා සමඟ මාට්ටු ගංජා අලෙවියේ නිරතව සිටි බව කියන කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයකු අලෙවි කිරීම සඳහා සකස් කරන ලද වියළි ගංජා සමඟ ගලඋඩ දික්කුඹුර ප්‍රදේශයේ දී අද (17) සැකපිට අත්අඩංගුවට ගත් බව ගලඋඩ පොලිසිය පවසයි. 17 November 2025
අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට පිටු පෑ භූ විද්‍යා හිටපු සභාපති අල්ලයි භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යයන් සේ හිටපු සභාපති අනුර වල්පොළ මහතා අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනාව විමර්ශන කොමිෂන් සභාව කියයි. 17 November 2025
ඇමති බංගලා හතරක් අගවිනිසුරුවරයාට භාරදෙයි ඇමති බංගලා හතරක් අද හෙටම අගවිනිසුවරයාට භාර කරන බව අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානයක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
ජවිපෙ උදවියට පාර්ලිමේන්තුවේ ඉඳගන්න වත් අයිතියක් නෑ හිටපු ජනාධිපති ජේ.ආර් ජයවර්ධන මහතා නිසා ලංකාවට ප්‍රදානයක් ලෙස ලැබුණු පාර්ලිමේන්තුවේ ඉඳගන්නවත් ජනතා විමුක්ති පෙරමුණේ උදවියට අයිතියක් නැතැයි පුත්තලම දිස්ත්‍රික් මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය. 17 November 2025
අම්බලන්ගොඩ ධීවරයෝ උද්ඝෝෂණයක හැඹිලි දැල් තහනම වහාම ඉවත් කරන ලෙස ඉල්ලා අද(17)උදේ ගාලු පාරේ අම්බලන්ගොඩ ධීවර මෝය කට ඉදිරිපිටදී දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්විණ. 17 November 2025
මරණ පරීක්ෂක දීමනාව ඉහළට මරණ පරීක්ෂකවරුන්ගේ දීමනාව වැඩි කිරීමට සාකච්ඡා කරගෙන යන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
ත්‍රිකුණාමල සිද්ධියේ ඇත්ත කතාව මහජන ආරක්ෂක ඇමති කියයි ත්‍රිකුණාමලය සම්බුද්ධ ජයන්ති විහාරයේ පිළිමයකට හානි කිරීමක් පිළිබඳ තොරතුරු ලැබුණු වහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත් බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 17 November 2025
’’අද තියෙන්නේ ටොම් පච ආණ්ඩුවක්’’ අද ක්‍රියාත්මක වන්නේ ටොම්පච ආණ්ඩුවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
ගව සොරකමේ ගිය 5ක් අල්ලයි රුපියල් ලක්ෂ පණහකට වැඩි වටිනාකමින් යුත් ගවයින් සොරකමේ යෙදුණු පුද්ගලයින් පස් දෙනෙකු සොරා ගත් ගවයින් කිහිප දෙනෙකු සහ මෝටර් රථ කිහිපයක් සමගින් අත් අඩංගුවට ගත් බව අතුරුගිරිය පොලිසිය පවසයි. 17 November 2025
චීනයට තවත් තානාපති කාර්යාලයක් චීනයේ චෙන්දු නගරයේ කොන්සල් ජනරාල් කාර්යාලයක් පිහිටුවන බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය. 17 November 2025
කොස්ලන්දේ නාය යෑමක් පවතින වර්ෂාව සමඟ බෙරගල වැල්ලවාය මාර්ගයේ හල්දුම්මුල්ල කොස්ලන්ද 202/3 බෝක්කුව පිහිටි ප්‍රදේශයට ඉහළ කන්දේ කොටසක් අද (17 ) අලුයම නාය ගොස් තිබේ. 17 November 2025
මත් සැකකරුවෝ 1123 ක් කොටු ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1123 ක් ඊයේ (16) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 17 November 2025
සුපිරි වෙළඳසැලෙන් භාණ්ඩ හොරට ගෙන ගිය සෙබළිය මාට්ටු කොහුවල සුපිරි වෙළඳ සැලකින් භාණ්ඩ ලබාගෙන මුදල් නොගෙවා පිටතට රැගෙන යමින් සිටි යුද හමුදා සෙබළියක් අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි. 17 November 2025
දියණියගේ ගිනි තැබීමෙන් අසාධ්‍ය වූ මව රෝහලේදී මරුට ප්‍රේම සම්බන්ධතාවයට මවුපියන් විරුද්ධ වීම හේතුවෙන් මවගේ සිරුරට පෙට්‍රල් දමා ගිනි තැබූ බව කියන 13 හැවිරිදි සිසුවියක අත්අඩංගුවට ගෙන පරිවාස භාරයේ රඳවා ඇති බව බදුල්ල පොලිසිය පවසයි. 17 November 2025
ආරුගම්බේදී විදෙස් කතට අතවර කළැයි අයෙක් අල්ලයි ආරුගම්බෙ ප්‍රදේශයේදී විදේශීය කාන්තාවකට ලිංගික අතවර සිදු කිරීම සම්බන්ධයෙන් 25 හැවිරිදි පුද්ගලයෙකු පෙරිය නිලාවෙනි පොලිස් වසමේදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි. 17 November 2025
තැනින් තැනට තද වැසි දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව දුරටත් පවතින අතර දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වළකුළින් බරව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 November 2025
පාකිස්තානය 3-0 කින් ජයගනී පාකිස්තානු පිල ශ්‍රී ලංකාවට එරෙහිව පැවති තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 3-0 කින් ජය ලැබීමට අද (16) සමත් විය. 16 November 2025
අයවැයට විරුද්ධ වු දේශපාලකයන්ට වතුකම්කරුවෝ එරෙහි වෙති වතු කම්කරුවන්ගේ දෛනික වැටුප වැඩි කිරිමට මහා භාණ්ඩාගාරයෙන් රු.200ක මුදලක් වෙන් කිරිමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ වත්මන් රජය කටයුතු කිරිම සම්බන්ධයෙන් විපක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරුන් එයට විරෝධය පැමට එරෙහිව බගවන්තලාවේ සහ මස්කෙළිය යන නගර වල වතු කම්කරුවෝ අද පස්වරුවේ විරෝධය දක්වමින් උද්ඝෝෂණයක නිරත වූහ 16 November 2025
දිගම්බරම් පස්ස ගහයි නුගේගොඩදී ලබන 21 වැනිදා පැවැත්වීමට නියමිත ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සහයෝගය නොදැක්වීමට තීරණය කර ඇතැයි දමිළ ප්රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පලනි දිගම්බරම් මහතා පැවැසීය. 16 November 2025
මතට තිත තියන්න අලුත් චක්‍රලේඛ මත්ද්‍රව්‍ය නිවාරණ කමිටු පිහිටුවිමට සියලු රාජ්‍ය ආයතන වෙත චක්‍රලේඛයක් නිකුත් කරන බව ම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා අද කළුතර දී පැවසිය. 16 November 2025
සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 2.659 මෙම වසරේ පළමු මාස 10 තුළ ශ්‍රී ලංකාව සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.659 ක ආදායමක් උපයා ඇති බවත් එය පසුගිය වසරට සාපේක්ෂව සියයට 4.9 ක වර්ධනයක් බවත් මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දුන්නේය. 16 November 2025
රියදුරු බලපත්‍ර මුද්‍රණය අරඹයි මුද්‍රණ කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් නවතා තිබූ රියදුරු බලපත්‍ර මුද්‍රණය පසුගිය සතියේ සිට කටයුතු ආරම්භ කළ බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේය. 16 November 2025
අයවැයට පක්ෂව ඡන්දය දුන් මනෝට විනය ක්‍රියාමාර්ග? අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ ප්රජාතන්ත්රවාදී මහජන පෙරමුණේ නායක මනෝ ගනේෂන් මහතාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගත යුතු බවට සමගි ජන බලවේගයේ ප්‍රබල ක්‍රියාකාරීන් රැසක් එහි නායකත්වයෙන් ඉල්ලීම් කර ඇත. 16 November 2025
ශ්‍රී ලංකාව ලකුණු 211 කට සීමාවෙයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ පාකිස්තානු පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ රාවල්පින්ඩිහිදී දැන් පැවැත්වෙන තුන්වැනි සහ අවසන් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිල ඕවර 45.2 කදී සියලු දෙනා දැවී ලකුණු 211 කට සීමාවිය. 16 November 2025
පොපි මල් දිනය සමරයි සන්නද්ධ හමුදා අනුස්මරණ හා පොපි මල් දින සැමරුම් උත්සවය අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් කොළඹ විහාර මහා දේවි උද්‍යානයේ පිහිටි හමුදා සාමාජිකයින් සිහිකිරීමේ ස්මාරකය අභියස දී පැවැත්විණි. 16 November 2025
අල්ලේ සඟවාගෙන යා හැකි ගිනි අවියක් සමඟ අයෙක් දැලේ මෙතෙක් ආරක්ෂක අංශවලද නොමැති අල්ලේ සඟවාගෙන යා හැකි අඟල් 6 ක් පමණ දිගැති කුඩා ගිනි අවියක් සමග ව්‍යාපාරිකයෙකු මීගමුව කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 16 November 2025
සරසවි සිසුන්ට මත්කුඩු අලෙවිකළ දෙන්නෙකු අල්ලයි සරසවි සිසුන් කිහිපදෙනෙක්ට හා සුළු සේවකයින් කිහිප දෙනෙකුට හෙරොයින් මත්කුඩු ලබාදීම සඳහා පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු හෙරෝයින් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ මෙහෙයුම් ඒකකය පවසයි. 16 November 2025
වන්දනාවේ පැමිණි බසයක් ගිනි ගනී ගම්පොළ ප්‍රදේශයේ සිට අනුරාධපුරයට වන්දනාකරුවන් පිරිසක් රැගෙන පැමිණෙමින් තිබූ සුඛෝපභෝගී බස් රථයක් අද (16) උදෑසන ගල්කුලම නගරයේදී හදිසියේ ගිනි ගැනීමට ලක්වීම හේතුවෙන් එම බස් රථය ගිනිගෙන විනාශයට පත් වූ බව කවරක්කුලම පොලිසිය පවසයි. 16 November 2025
මත් සැකකරුවෝ 1115 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 1115ක් ඊයේ (15) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 16 November 2025
බොරු පොරොන්දු වලට රැවටුණු අය නුගේගොඩට එන්න ආණ්ඩුවේ බොරු පොරොන්දු වලට රැවටුණු සියලු දෙනා ලබන 21 වැනිදා නුගේගොඩට එන්නැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 16 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026