දේශීය ආදායම් පනත සංශෝධනයට දේශීය ආදායම් පනත සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ. 10 February 2026
කෙහෙළිය ගැන රහස් ප්‍රකාශයක් දෙන්න ව්‍යාපාරිකයා කැමැත්තෙන් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අයත් යැයි කියන රුපියල් කෝටි 74 ක අයථා වත්කම්වලින් රුපියල් ලක්ෂ තුන්සීය (30,000,000 .00)ක මුදලක් තබා ගත් බවට රක්ෂිත බන්ධනාගාරගත රත්නපුරයේ ව්‍යාපාරිකයා සිද්ධිය සම්බන්ධයෙන් රහස් ප්‍රකාශයක් ලබා දීමට සූදානම් බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ අද ප්‍රකාශ කළේය. 10 February 2026
තැපෑලට කෝටි පනස් නවයක අලුත් වාහන රුපියල් කෝටි පනස් නවයක් (590,000,000) ආසන්න වටිනාකමකින් යුත් ලොරි රථ 10ක් සහ කෲ කැබ් 20 ක් මෙරට තැපැල් ප්‍රවාහන ජාලයට ලබාදීමට තීරණය කර තිබේ. 10 February 2026
නාමල්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් හැකි නම් පළාත් සභා ඡන්දය තියන්නැයි ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය. 10 February 2026
මත් සැකකරුවෝ 802 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 892 ක් ඊයෙ (9) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 10 February 2026
තොරතුරු කොමිසමට සිවිල් සංවිධානවලින් නම් කැඳවයි තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක පුරප්පාඩුව සඳහා සිවිල් සමාජ සංවිධානවලින් නාම යෝජනා කැඳවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව මේ දිනවල කටයුතු කරගෙන යයි. 10 February 2026
බුදුපිළිම නඩුවේ සැකකරුවකුට පහරදීලාලු බුදුපිළිම නඩුවට අදාළව සැකකරුවන් යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට බන්ධනාර බස් රථයට නංවා ගනිද්දි එම නඩුවට සම්බන්ධ රැදවියකුට බන්ධනාගාර නියාමකවරයකු පහරදුන්නැයි පැමිණිල්ලක් ලැබුණු බව ත්‍රිකුණාමලය වරාය පොලිසිය කියයි. 10 February 2026
ජනාධිපති අරමුදලේ පාලක සභාව රැස්වේ ජනාධිපති අරමුදලේ පාලක සභාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී රැස් විය. 10 February 2026
විදෙස් දුම්වැටි සමඟ විදේශිකයා මාට්ටු රුපියල් පනස් පන් ලක්ෂ විසි නව දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ විදේශීය ගුවන් මගියෙකු අද(10 ) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ සේවයේ නිරත වී සිටි ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 10 February 2026
නීතී විරෝධිව ගෙන ආ මල් පැළ සමඟ ගුවන් මගියා අල්ලයි රුපියල් ලක්ෂ හයක් වටිනා විසිතුරු මල් පැළ තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත ’’ ( Green Channel ) ඔස්සේ පිට කර ගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද(10 ) අලුයම රේගු ජෛව විවිධත්ව , සංස්කෘතික හා ජාතික උරුමයන් ආරක්ෂණ අංශයේ නිලධාරීන් සහ කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් පිරිසක් එක්ව අත් අඩංගුවට ගෙන තිබේ . 10 February 2026
අද වැස්ස නැති දවසක් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට වියලි කාලගුණික තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 10 February 2026
දඹුල්ලේ අනතුරකින් දෙකක් මරුට දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහා ප්‍රදේශයේ යතුරුපැදියක් සහ වෑන් රථයක් ගැටීමෙන් යතුරුපැදියේ ගමන් ගත් තරුණයන් දෙදෙනකු මිය ගොස් වෑන් රථයේ රියදුරු තුවාල ලබා ඇතිබව සීගිරිය පොලිසිය කියයි 10 February 2026
මාදැල් ධීවර ගැටලුව ගැන සෘජු අදහසක් කියන්න බෑ මාදැල් ධීරවරයන් උද්ගතවී ඇති තත්වය සම්බන්ධයෙන් උසාවි මාර්ගයට ගොස් තිබෙන නිසා මේ අවස්ථාවේදී සෘජුව ඒ පිළිබඳව අදහසක් මේ මස 27 වැනිදා දක්වා ප්‍රකාශ කළ නොහැකි බවත් එම නඩුවේ තීන්දුවෙන් පසුව සාකච්ඡා කිරීමට සූදානම් බවත් ධීවර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා අද (9) පැවසීය. 09 February 2026
ඔන් මැක්ස් මුදල් අතුරුදහන් ඔන්මැක්ස් ඩී.ටී නීති විරෝධී පිරමීඩාකාර මූල්‍ය සමාගමේ ජනතාව විසින් තැන්පත් කළ රුපියල් කෝටි 800 කට අධික මුදලක් සැකකාර අධ්‍යක්ෂකවරු විසින් වංචාකර හෝ සොයා ගැනීමට නොහැකි දේපලක් බවට පත්ව ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ නීතිපතිවරයා අද (09) පැවසීය. 09 February 2026
රට පැන්න පාතාලයන් 103කට රතු නිවේදන විදෙස් ගතව සිටින අපරාධකරුවන් එකසිය තුන්දෙනෙකු මෙරටට රැගෙන ඒමට ජාත්‍යන්තර පොලිසිය රතු නිවේදන නිකුත් කර ඇතැයි පොලිස් මූලස්ථානය පවසයි 09 February 2026
ධාතු යළි වැඩමවන්න ඉන්දීය දූතයෝ එති ඓතිහාසික දෙව්නි මෝරි ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ නැවත ඉන්දියාවට වැඩම කරවීම සඳහා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ්හි ආණ්ඩුකාර මංගුබායි පටේල් සහ අරුණාචල් ප්‍රදේශ්හි නියෝජ්‍ය මහඇමති චවුනා මේන් මහත්වරු ඇතුළු ඉන්දීය දූත පිරිසක් අද (09) ශ්‍රී ලංකාවට ළඟා වූහ. 09 February 2026
මියන්මාරයෙන් සහල් ටොන් 500ක් ‘දිට්වා’ සුළි කුණාටුවේ බලපෑමෙන් මෙරට වගා බිම්වලින් සියයට 20 ක් හානියට පත් වූ අතර එය හෙක්ටයාර ලක්ෂයකට වැඩි වගාබිම් ප්‍රමාණයක් බවත් හෙක්ටයාර 25000 කට වැඩි ප්‍රමාණයක් නැවත වගාකළ නොහැකි ලෙස විනාශ වූ බවත් වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අද (9) පැවසීය. 09 February 2026
කස්සප හිමි ඇතුළු පිරිසගේ ඇප අයැදුමේ තීන්දුව 11ට කල් යයි වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සම්බන්ධයෙන් චෝදනා මත දැනට රක්ෂිත බන්ධනාගාර ගතව සිටින හිමිවරුන් සිව්නම ඇතුළු දසදෙනා සම්බන්ධයෙන් ඉදිරිපත් වූ ඇප අයදුම්පත්‍ර සලකා බැලූ ත්‍රිකුණාමලය මහාධිකරණ විනිසුරු එන්.එම්.එම්. අබ්දුල්ලා මහතා එහි තීන්දුව ප්‍රකාශයට පත් කිරීම 11 වැනි දින දක්වා කල් තැබීය. 09 February 2026
පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කරයි පාසල් සිසු ප්‍රවාහන සේවය විධිමත් කිරීම පිළිබඳව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සහ අධ්‍යාපන අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැත්විණි. 09 February 2026
‘‘පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බලනවා‘‘ පදිංචිකරුවන් ආරක්ෂා කිරීමේ පණත් කෙටුම්පත යළි සලකා බැලීමට රජය තීරණය කර ඇතැයි නිතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය. 09 February 2026
ඉසව් කළමණාකරණයට උපදේශන සභාවක් ශ්‍රී ලකාවේ හදුනාගත් නව කර්මාන්ත ක්ෂේත්‍ර අතරින් ප්‍රමුඛතම ස්ථානයක් හිමිවන ඉසව් කළමණාකරණ (Event Management) කර්මාන්ත අංශයේ අභිවෘද්ධිය වෙනුවෙන් උපදේශන සභාවක් පත් කර තිබේ. 09 February 2026
ධාතු වඳින්න හෙට රෑ දහයට පෙර පෝලිමට එකතු වෙන්න ඉන්දීය රජයේ පූර්ණ අනුග්‍රහයෙන් මෙරටට වැඩම කරවන ලද ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනා කරන්නට කොළඹ ගංගාරාමයට එන සැදැහැවතුන් හෙට (10) රාත්‍රී 10ට පෙර පෝලිමට එකතු වන්නැයි ගංගාරාමාධිපති ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ ඉල්ලීමක් කළහ. 09 February 2026
මත් සැකකරුවෝ 878 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 878 ක් ඊයෙ (8) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 09 February 2026
වෙඩි වැදි පුහුණු සැරයන් මරුට අඟුරුවාතොට දොඹගොඩ යුදෝපකරණ බලකා රෙජෙමේන්තුවේ පුහුණු නිලධාරියකු ගේ හිසට ටි 56 ගිනි අවියකින් වෙඩි වැදි මියගොස් ඇතැයි අඟුරුවාතොට පොලිසිය කියයි 09 February 2026
කස්සප හිමි ඇතුළු පිරිස අනිද්දා තෙක් යළි රිමාන්ඩ් ත්‍රිකුණාමල වෙරළ කලාපය තුළ අනවසර ඉදිකිරීමක් සිදුකිරීම සම්බන්ධයෙන් මහාධිකරණයට යොමු කර ඇති ඇප අයැදුම සලකා බලන තෙක් හිමිවරු ඇතුළු දස දෙනා වැනි දා 11 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එස්.එම්. සම්සුදීන් මහතා අද නියම කළේය. 09 February 2026
පොලිස් වෙඩි මැද මෝටර් රිය පලායයි පොලිස් අණ නොතකා ධාවනය කරන ලද මෝටර් රථයකට ගාල්ල කලේගාන ප්‍රදේශයේදි පොලිස් නිලධාරින් වෙඩි තබා ඇති බවත් එම මෝටර් රථය වෙඩි පහරකාගෙන පලාගොස් ඇති බවත් ගාල්ල පොලිසිය පවසයි. 09 February 2026
ඉදිකිරීමකට අත්තිවාරම් කපද්දි මෝටාර් උණ්ඩ හමුවෙලා ආරක්ෂක හමුදා විසින් යුද සමයේ භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ තොගයක් ඉඩමක තිබී හමුවූ බව කළුතර දකුණ පොලිසිය පවසයි . 09 February 2026
වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කරලා යක්විල වේරහැර දම්පාඩිය ප්‍රදේශයේ අද (09) පැරණි වඩුමඩුවක් ඉදිරිපිටදී වඩු මඩුවේ හිමිකරුට පහරදී ඝාතනය කර ඇතැයි පොලීසිය කියයි. 09 February 2026
ගංගාරාම ධාතු වන්දනාවට මහා සෙනඟක් දෙව්නිමෝර් සර්වඥ ධාතුන් වන්දනාව කොළඹ හුණුපිටිය ගංගාරාමයේදී පස්වන දිනටත් අද (9) පැවැත්වීමට කටයුතු යොදා තිබේ. 09 February 2026
වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥයාට නිදහස වසර ගණනාවක් බන්ධනාගාරගතව සිටි වෙනිසියුලා විපක්ෂ දේශපාලනඥ යුවාන් පාබ්ලෝ ග්වනිපාට නිදහස හිමිවුණු බව ඇගේ පවුලේ සාමාජිකයෝ පවසති. 09 February 2026
තමිල්නාඩු ඡන්දයේ ප්‍රතිඵල එයි ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්ත මැතිවරණයේ ඡන්ද ගණන් කිරීම අද (4) උදෑසන ආරම්භ විය. අද සවස් වනවිට සියලුම ප්‍රතිඵල නිකුත් කිරීමට හැකිවනු ඇතැයි තමිල්නාඩු මැතිවරණ බලධාරීහු පවසති... 04 May 2026