
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
අර්චුනා පාර්ලිමේන්තුවේ සිටියදී අධිකරණය ඔහු අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කළේ කෙසේදැයි මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.
මේ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන් ඝෝෂා කිරීමෙන් සභාවේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා
අර්චුනා මන්ත්‍රීවරයාට මේ සභාවට සහභාගි වීම ඔහුගේ වරප්‍රසාදයක්. ඔහු මහජනතාවගේ ඡන්දයෙන් බිහිවුණු මහජන මන්ත්‍රීවරයෙක්.
ඔහුගේ රාජකාරිය ඉටු කිරීමට කිසිම ආයතනයකට බාධා කරන්න බැහැ.
මන්ත්‍රීතුමාගේ වරප්‍රසාද කඩවෙලා ඔබතුමා තීන්දුවක් දෙන්න. කතානායකගෙන් අහන්න ඕනේ නැහැ. එතුමාට අයිතිය තියෙන්නේ උසාවියේ ඉන්න නොවෙයි මේ සභාවෙන්.
නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතා
මට මේ වෙලාවේ නියෝගයක් නිකුත් කරන්න බැහැ.
නියෝජ්‍ය ඇමති සුනිල් වටගල මහතා
ඕනෑම සිවිල් අපරාධ නඩුවක විත්තිකාරයා යන්න ඕනෑ. නීතිඥ මහත්තයා විතරක් ගිහිල්ලා හරියන්නේ නැහැ. මන්ත්‍රී යන්නේ නැත්නම් ඇපකාරයා යන්න ඕන. ගිහිල්ලා මෙහෙම සිද්ධියක් තියෙනවා කියලා කියන්න ඕනෙ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවම මේ මිනිස්සුන්ගේ උද්දච්චකම අඩුවෙලා නැහැ. හිතාගෙන ඉන්නේ එවුන් රටේ නීතියට උඩින් ඉන්නේ කියලා, හර්ෂ තමුසෙගෙ ආචාර්ය පට්ටම එල්ලනවා බල්ලෙක්ගේ පස්ස පැත්තේ !
මාර නීතියක් තියෙන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට,,, රටේ නීති දෙකක් ,,,එක රටක් එක නීතියක් කියලා කිව්වෙ කාටද???
පාර්ලිමේන්තුවට ආ මුල්ම දවසේ ඉන්දලා අර්චුනා කටයුතු කරපු හැටි කියුම් කෙරුම් කෙරුවාවල් ඕන තරම්. නීතීය ගැන කිසිම තැකීමක් කරපු කෙනෙක් නෙවෙයි ආර්තික ඔස්තාර් මොන ලෝකෙද දන්නේ නෑ හිටියේ?
හිතාගන්න පුළුවන්නේ අපේ රටේ විපක්ෂය කොතරම් වියරුවෙන් කටයුතු කරනවාද.... කියලා. මානසික රෝගියෙකු වෙනුවෙන් රටේ පාර්ලිමේන්තු කාලය විනාශ කරන මොවුන් රටක් හදන්නේ කොහොමද...?
මේ මන්ත්‍රී මේ දක්වා කරපු දේවලට මීට කලිනුයි හිරේ දාන්න තිබුනේ . මොන වරප්රසාදද වැරදි කරන අයට?
ඕනෙම කුප්ප වැඩක් කරලා පාර්ලමේන්තුවේ බුදියගත්තාම බේරෙන්න පුලුවන්ද හර්ෂ? පාර්ලිමේන්තු එන්න ඕනේ -කප්ප වැඩ නොකරන අය නැතිව දිනපතා නීති කඩන අය නොවේ එහෙම වුණා නම් ඔය ප්‍රශ්නයට මමත් සහාය දෙනවා.
මේ තව කේස් එකක්, අර්චුනා කියන්නේ රටටම ශාපයක්...
ඔය හැසිරෙන්නේ ඔය උත්තරීතරයි කියන පාර්ලිමේන්තුවට ගැලපෙන විදියටද...?
එයා මහජන චන්දයෙන් ආවෙන්න පුළුවන්. පිස්සෙක්. දැන් මිනිස්සු කැමති නෑ. ආණ්ඩුවට කොන්ද පණත් නෑ එකට action එකක් ගන්න. උට වඩා අපි ගියානම් ඔයීට වඩා දෙයක් කරනවා. අරටම විහිළුවක් සපයනවා... බොහෝම හොඳයි. 224 ම ගෞරවය එකෙක් වාසනාවනවා. ඔට හර්ෂ අමාත්‍යතුමා අපි ඔයාට තියෙන ගෞරවය ඔයාම නැති කරගන්න කියන එකයි නෑ කියන්න තියෙන්නේ...
හර්ෂ තාම ලොකුකම් බැහැලා නෑ නේද?