විශේෂඥ වෛද්‍යවරුන්ගේ ප්රශ්නය විසඳන්න කමිටුවක් විශේෂඥ වෛද්‍යවරුන් සඳහා වන සේවා ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබේ. 19 November 2025
ත්‍රිකුණාමලයේ සිද්ධියට ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවන්න ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික ඒකාබද්ධතා කමිටුවක් පිහිටුවා අවශ්‍ය තීන්දු තීරණ ගන්නැයි රජයෙන් ඉල්ලීමක් කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය. 19 November 2025
ත්‍රි‘මලේ සම්බුධ ජයන්ති විහාරයේ ඉදිකිරීම් අධිකරණ අණින් නවතියි ත්‍රිකුණාමලය කොටුව පාරේ ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරස්ථානයට අයත් තාවකාලික ඉදිකළ ගොඩනැගිල්ලේ දැනට කළ ඉදිකිරීම් ඒ ආකාරයෙන් තබන ලෙසත් නව ඉදිකිරීම් හෝ වෙනස්කම් නොකරන ලෙසත් ත්‍රිකුණාමලය ප්‍රධාන මහේස්ත්‍රාත් එම්.එන්.එම්.සම්සූදීන් මහතා විහාරාධිකාරී හිමියන්ට අද (19) නියෝග කළේය. 19 November 2025
ආණ්ඩුවේ අවලාදවලට සිකුරාදා උත්තර ලැබෙයි තම උපාධිය සම්බන්ධයෙන් පළවන වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බව පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය. 19 November 2025
මුදල් වංචා කළ සිවුරුදැරූ පුද්ගලයෙක් අත්අඩංගුවට කැනඩාවේ රැකියා ලබා දෙන බව පවසමින් පුද්ගලයින් කීප දෙනෙකුගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබා ගැනීම හා මෝටර් රථයක් මීලදීගෙන ගෙන ඒ සදහා රුපියල් ලක්ෂ 40ක් වටිනා අගුරු චෙක්පතක් ලබා දීම ඇතුලු වැරදි කීපයක් සම්බන්ධයෙන් පොලීසිය මග හරිමින් සිටි සිවුරුදැරූ පුද්ගලයෙකු අද (19) සැක පිට අත් අඩංගුවට ගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. 19 November 2025
ධීවර විශ්‍රාම වැටුප සිකුරාදා සිට ව ධීවර විශ්‍රාම වැටුප් යෝජනා ක්‍රමය නොවැම්බර් 21 දින සිට හඳුන්වා දීමට සැලසුම් කර තිබෙන බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය පවසයි. 19 November 2025
පෝලිම් රටක් බාරගත්තා කියා විහිළුවට ලක්වෙන්න එපා ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් බාර ගත්තේ පෝලිම් තිබූ රටක් යැයි කියා ජනතාවගේ සමච්චලයට ලක් නොවන ලෙස කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී අද ඉල්ලා සිටියේය. 19 November 2025
කටුනායකට ආ යානා තුනක් මත්තලට හරවයි ගුවන් තොටුපොළ වෙත ගොඩබැස්සවීමට පැමිණි ගුවන් යානා තුනක් කටුනායක ගුවන් තොටුපොළ අවට ප්‍රදේශයේ අද අලුයම පැවති ඝන මීදුම් තත්වය නිසා මත්තල ගුවන් තොටුපොළ වෙත හරවා යැවීමට කටුනායක ගුවන් තොටුපොළ බලධාරීහු පියවර ගත්හ. 19 November 2025
තැපෑලට ඉදිරි පිම්මක් ගන්නවා නවීන තාක්ෂණය ද උපයෝගී කරගනිමින් මෙරට තැපැල් සේවාව නව්‍යකරණය වූ කාර්යක්ෂම, විශ්වාසනීය තැපැල් සේවාවක් ලෙස ගොඩනැගීම රජයේ සැලසුම බව ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය කෞශල්‍ය ආරියරත්න මෙනවිය පැවසුවාය. 19 November 2025
නාය යෑමෙන් අවතැන් පවුල් වලට අය වැයෙන් මුදල් නායයෑම් අවදානමට ලක්විය හැකි ප්‍රදේශ වල සහ අභ්‍යන්තරව අවතැන් වූ පවුල් වල ජීවත් වන පිරිස ඇතුළු අවදානමට ලක්විය හැකි ප්‍රජාවගේ නිවාස අවශ්‍යතා සඳහා අයවැය මඟින් අවධානය යොමු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවසුවාය. 19 November 2025
මත් සැකකරුවෝ 865 ක් ’’රටම එකට’’ ජාතික මෙහෙයුම යටතේ රට පුරා කළ වැටලීම් වලදී මත්ද්‍රව්‍ය වැරැදි වලට සම්බන්ධ සැකකරුවන් 865 ක් ඊයේ (18) කළ මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය කියයි. 19 November 2025
අධිවේගයට ආ වන අලියා දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට මත්තල ප්‍රදේශයෙන් පැමිණි වන අලියකු පලවා හැරීමට මාර්ග සංවර්ධන අධිකාරී සේවකයෝ කටයුතු කළහ. 19 November 2025
කතානායක කන්තෝරුවට නයෙක් ඇවිත් කලබලයක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ පාර්ලිමේන්තු කාර්යාලයේ නයකු හමුවීමෙන් ඊයේ(18) එහි උණුසුම් තත්වයක් ඇතිවූ බව වාර්තාවේ. 19 November 2025
දයාසිරිගේ හැසිරීම හොයන්න මැතිසබා කමිටුවක් සමගි ජන බලවේගයේ මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රිස්වි සාලි මහතාගේ සභාපතිත්වයෙන් යුතු ත්‍රිපුද්ගල කමිටුවක් නම් කර ඇති බවකතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද දැනුම් දුන්නේය. 19 November 2025
නාමල් පාර්ලිමේන්තු කාරක සභාවෙන් අස්වෙයි ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවෙන් ඉල්ලා අස්වී ඇත. 19 November 2025
කුරුවිට ප්‍රා.ස. අයවැය වැඩි ඡන්දයෙන් සම්මතයි කුරුවිට ප්‍රාදේශීය සභාවේ අයවැය වැඩි ජන්ද අටකින් සම්මත කරගැනීමට පාලක ජාතික ජන බලවේග කණ්ඩායම සමත් විය. 19 November 2025
යතුරු පැදි එකිනෙක ගැටී දෙන්නෙක් මරුට අරලගංවිල දෙහිඅත්තකණ්ඩිය ප්‍රධාන මාර්ගයේ, සිරිපාලන විහාරස්ථානය ඉදිරිපිටදි යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරෙන් යතුරු පැදියේ ගමන් ගත් දෙදෙනෙකු මියගොස් තවත් කාන්තාවක් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. 19 November 2025
කෙසෙල්ගමු ඔය පිටාර ගලා පහත්බිම් යටවෙයි බගවන්තලාව මහඑළිය රක්ෂිතයට ඊයේ (18) පස්වරුවේ සිට ඇද හැලුණු අධික වැසි සමඟ කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමු ඔය පිටාර ගැලීමෙන් බගවන්තලාව ප්‍රදේශයේ පහත්බිම් රැසක් ජලයෙන් යට වී තිබේ. 19 November 2025
රනාලේ කඩදාසි කම්හලක ගින්නක් කඩුවෙල රනාල ප්‍රදේශයේ කාඩ්බෝඩ් කර්මාන්ත ශාලාවක අද (19) අලුයම ඇති වූ ගින්නකින් එම කර්මාන්ත ශාලාවට දැඩි ලෙස අලාභ හානී සිදුව ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 19 November 2025
පළාත් කීපයක සවස 1.00 පසු වැසි උතුරු, උතුරු-මැද ස නැගෙනහිර පළාත්වල වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 November 2025
මහින්ද 21 නුගේගොඩ එනවාලු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය 80 වැනි උපන්දිනය දා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳ ආශීර්වාද ලබා ගත්තේය. 19 November 2025
බදුලු දුම්රියට ගල් පර්වතයක් වැටේ බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වූ රාත්‍රි තැපැල් දුම්රියට ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දී අද (19) අලුයම විශාල ගල්පර්වත කඩා වැටීමෙන් දුම්රිය එන්ජිම ගල්පර්වත අතර සිරවී ඇතැයි දුම්රිය පාලක මැදිරිය කියයි. 19 November 2025
තංගල්ලේ වෙඩික්කරුවන් ආ යතුරු පැදිය සොයා ගනී තංගල්ල උණාකූරුවේ අඹුසැමි යුවළගේ ඝාතකයන් පැමිණි බවට සැක කරන යතුරුපැදියක් වෙඩි තැබීම සිදුවූ ස්ථානයේ සිට කිලෝමීටර් හතරක පමණ දුරකින් තංගල්ල මාතර ප්‍රධාන මාර්ගයේ ආසන්නේ සීනිමෝදර ප්‍රදේශයේ දමා ගොස් තිබීදී පොලිසිය සොයාගෙන තිබේ 18 November 2025
උඩරට මාර්ගයේ දුම්රිය ධාවනය යථාතත්වයට ඔහිය දුම්රිය ස්ථානය අසල දී පිලීපැනීමට ලක්ව තිබු මහනුවර බදුල්ල අංක 1126 දරණ භාණ්ඩ ප්‍රවාහන මිශ්‍ර දුම්රිය යලි පිලීගත කිරීමෙන් අනතුරුව උඩරට දුම්රිය මාර්ගයේ බදුල්ල කොළඹ කොටුව අතර දුම්රිය ධාවනය අද (18) රාත්‍රි සිට සාමාන්‍ය පරිදි ධාවනය කැරෙන බව දුම්රිය පාලක මැදිරිය පවසයි . 18 November 2025
ජනපති පාර්ලිමේන්තු ඇවිත් ’’පොඩි හනුමා’’ සොයයි ත්‍රිකුණාමලයේ සිද්ධිය අල්ලාගෙන ඇතැම් පිරිස් ජාතිවාදය අවුළුවන්නට උත්සාහ කරන අතර නැවත කිසි කලෙක ජාතිවාදී නාඩගම් වලට ඉඩ දෙන්නේ නැතැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. 18 November 2025
ත්‍රි’මලේ සිද්ධිය ගැන ජනපති වාර්තාවක් කැඳවයි ත්‍රිකුණාමලය බුදු පිළිම සිද්ධිය සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස මහජන ආරක්ෂක ලේකම්වරයාට දැනුම් දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේ දී අද (18) පැවසීය. 18 November 2025
අමාත්‍යංශ දෙකක වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් සම්මතයි ආරක්ෂක අමාත්‍යාංශයේ සහ මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යංශයේ වැය ශීර්ෂ වැඩි ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද(18) පස්වරුවේ සම්මත විය. 18 November 2025
වෙඩි පහරින් අඹුසැමි යුවළ මරුට තංගල්ල උණාකූරුව වැව අසල දී අද (18) යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් අඹුසැමි යුවලක් වෙඩිතබා ඝාතනය කර ඇතැයි පොලිසිය කියයි. 18 November 2025
වැවට ගිය සෙබළාගේ මළ සිරුර හමුවෙයි වීරවිල වැවට ගොස් අතුරුදන්ව සිටි යුද හමුදා සෙබෙළෙකුගේ මළ සිරුර අද (18) පස්වරුවේ සොයාගත් බව පොලිසිය පැවසීය . 18 November 2025
වෘත්තීය ආරක්ෂණ පනත සංශෝධනයට ජාතික වෘත්තීය ආරක්ෂණ සහ සෞඛ්‍ය පිළිබඳ ආයතනය පනත සංශෝධන කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත. 18 November 2025
වාහන 400ක් රේගුවේ හිරවෙලා පෞද්ගලිකව ආනයනය කළ සුඛෝපභෝගී වාහන 400 ක පමණ සංඛ්‍යාවක් හම්බන්තොට සහ කොළඹ යන වරායන් දෙකේ මාස කීපයක සිට නිදහස් කිරීමෙන් තොරව තිබෙන බවත් එම වාහන වැඩි සංඛ්‍යාවක් රේගු දෙපාර්තමේන්තුව නිදහස් නොක.. 14 January 2026