
(රෝෂන් තුෂාර)
කොළඹදී ආරම්භ කළ ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ තරග මුදලට පාවාදීම යෝජනා කළේ යැයි අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කළ ජැප්නා කිංග්ස් (Jaffna Kings) කණ්ඩායමේ ඉන්දීය ජාතික හිමිකරු ඇතුළු සැකකරුවා දෙදෙනා සුවිශේෂී හේතූන් මත ඇප මත මුදා හරින්නැයි කළ ඉල්ලීම කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස් බෝදරගම අද ප්රතික්ෂේප කළේය.
ක්රීඩා සම්බන්ධ වැරදි වැළැක්වීමේ ශ්රී ලංකා පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ලංකා ප්රිමියර් ලීග් (LPL) තරගාවලියේ Jaffna Kings කණ්ඩායමේ හිමිකරු ඉන්දියන් ජාතික මංජොට් කල්රා සහ ඊට අධාර අනුබල ලබා දුන් බව කියන යුවරාජ් පුෂ්පා නොමැති සැකකරුවන්ගේ ඇප ඉල්ලීම මෙසේ ප්රතික්ෂේප කෙරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd