වෛද්‍ය මහේෂිගේ දියණිය චෝදනා පිළිනොගනියි අල්ලස් කොමිසමේ නිලධාරීන්ට බැණ තර්ජනය කර රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් වන චෝදනාවලට තමන් නිවැරදිකාරිය බව ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න සැකකාරියගේ දියණිය කොළඹ ප්‍රධාන මහේස්ත්රා අසංග එස් බෝදරගම මහතා හමුවේ (06) ප්‍රකාශ කළාය. 06 January 2026
මාරවිල පස් දෙනාගේ සිරුරු හලාවත රෝහලට කසිප්පු පානය කර මියගිය බව කියන පස් දෙනාගේ සිරුරු හලාවතට රෝහලට යොමුකර පර්චාත් මරණ පරීක්ෂණය සිදුකර එහි වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන්නැයි මාරවිල අතිරේක මහේස්ත්‍රාත් දිනිදු සමරසිංහ මහතා පොලිසියට අද නියෝග කළේය. 06 January 2026
ගාල්ලට මහ වැසි:මාර්ග යටවේ ගාල්ල නගරය ඇතුලු අවට ප්‍රදේශ රැසකට අද දහවල් පැවති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මාර්ග කිහිපයක් සහ පහත් බිම් රැසක්ද ජලයෙන් යටවිම නිසා ගමනාගමනයට බාධා එල්ල වූ බව දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථාන කියයි. 06 January 2026
බැංකොක් සංචාරයකට ආශාවෙන් කුෂ් ගෙනා අක්කා, නගෝ සහ මස්සිනා මාට්ටු කටුනායක ගුවන් තොටුපොළ තුළ දී මෙතෙක් අත් අඩංගුවට ගත් විශාලම මත්ද්‍රව්‍ය තොගය වූ කුෂ් කිලෝ 50ක් අද අත්අඩංගුවට ගත් බව ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 06 January 2026
මහනුවර - වත්තේගම අතර දුම්රිය ධාවනය අරඹයි සුළි කුණාටුවත් සමග ඇති වූ නාය යාම් නිසා මසකට අධික කාලයක් නතර වූ මහනුවර - මාතලේ දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය වත්තේගමට සීමා කරමින් දිනකට පරීක්ෂණ මට්ටමේ දුම්රිය ගමන්වාර හතරක් ආරම්භ කළ බව මහනුවර දුම්රිය ස්ථානය කියයි. 06 January 2026
බළංගොඩ නගර සභා සභාපති ඉල්ලා අස්වේ බලංගොඩ නගර සහාවේ නගර සහාපති කේ .ජී.පේමදාස මහතා (ජාතික ජන බලවේගය ) අද 06 දින මාසක සභා අවසානයේ විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය. 06 January 2026
පොලිසියට කට්ටි පනින්න ගිය මෝටර් රථය පෙරළේ පොලිස් අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් අහුන්ගල්ල ගල්බොක්ක ප්‍රදේශයේදී පාරෙන් ඉවතට පැන පෙරලීමෙන් එහි ගමන්ගත් තරුණියක සුළු තුවා ලබා ඇතැයි අහුන්ගල්ල පොලීසිය කියයි. 06 January 2026
එහෙනම් අපි හැප්පිලා බලමු ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, කොලොම්බියා වාමාංශික ජනාධිපති ගුස්ටාවෝ පෙට්‍රෝට කළ අනතුරු ඇඟවීමත් සමඟ පෙට්රෝ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට පෙරළා අනතුරු ඇඟවීමක් කළේය. 06 January 2026
මා හැකි ඉක්මනින් වෙනිසියුලාවට යනවා හැකි ඉක්මණින් තමන් තම මවු රට වන වෙනිසියුලාව බලා යන බව විපක්ෂ නායිකා මරීයා කොරීනා මචාඩෝ පවසයි. පසුගිය 2025 වසරේ නොබෙල් සාම තයාගයෙන් පිදුම් ලැබුවේ ද මැයයි. 06 January 2026
වෙනිසියුලාවේ නව ජනපති ඩෙල්සි රොඩ්රීගස් දිවුරුම් දෙයි වෙනිසියුලා ජනාධිපති නිකලස් මදුරෝ සහ බිරිඳ සීලියා ඇමෙරිකා හමුදා විසින් පැහැරගෙන යනු ලැබීමෙන් පසු, එරට ව්‍යවස්ථාවට අනුව, උප ජනාධිපති ලෙස කටයුතු කරමින් සිටි ඩෙල්සි රොඩ්රීගස් ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නාය. 06 January 2026
බගවන්තලාව ව්‍යාපාරිකයෝ උද්ඝෝෂණයක නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට එරෙහිව බගවන්තලාව නගරයේ ව්‍යාපාරියෝ අද (06) වෙළදසැල් වසා උද්ඝෝෂණයක නරත වූහ. 06 January 2026
කසිප්පු බී 5ක් මැරුනාට කතක් අත්අඩංගුවට මාරවිල ප්‍රදේශයේදී නීති විරෝධී මත්වතුර බවට සැකකරනු ලබන දියරයක් පානයක කිරීමෙන් පුද්ගලයන් 5 දෙනකු මියගොස් ඇති බවත් සිද්ධිය සම්බන්ධයෙන් මත්වතුර අලෙවිකළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බවත් වෙන්නප්පුව පොලිසිය පවසයි. 06 January 2026
ඇල්ල ‘ඔඩිසි ‘ හෙට සිට යළි ධාවනයට ඇල්ල ඔඩිසි සංචාරක දුම්රිය හෙට (07) සිට සෑම බදාදා දිනකම අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවන කිරීමට සැලසුම් කර ඇති බව දුම්රිය අධිකාරි (ගමනාගමන) ජී. ඩී. ඒ. සමරසිංහ මහතා පවසයි. 06 January 2026
පඩිකාරමඩුවේ ගින්නෙන් තුවල ලැබූ තිදරු මවත් මරුට නුවරගම් කොළනිය, පඩිකාරමඩුව ප්‍රදේශයේ නිවසේ ඇති වූ ගින්නෙන් තුවා ලබා අනුරාධපුර රෝහලේ ප්‍රතිකාර ලැබූ තවත් කාන්තාවක මියගිය බව රෝහල් පොලිසිය කියයි. 06 January 2026
‘දිට්වා‘ හානියෙන් පවුල් 633ක් තවමත් සුරක්ෂිත මධ්‍යස්ථානවල මහනුවර දිස්ත්‍රික්කයේ දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් පිරිස් අතුරින් පවුල් 633 කට අයත් පුද්ගලයින් 2,135 දෙනෙකු තවමත් සුරක්ෂිත මධ්‍යස්ථාන 24 ක රැඳී සිටින බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය කියයි. 06 January 2026
පවුල් ආරවුලක් නිසා තිදෙනෙක් දිවියෙන් වන්දි ගෙවති අනුරාධපුර, ගලෙන්බිදුණුවැව නුවරගම් කොළනිය, පඩිකාරමඩුව දී අද අලුයම 2.00 ට පමණ නිවෙසකට ගිනි තැබීමට හේතුව පවුල් ආරවුලක් බවට හෙළිවැණැයි පොලිසිය කියයි. 06 January 2026
ඝාතන සැකකරුගේ නිවෙසින් ගිනි අවි සහ උණ්ඩ මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයකුගේ නිවසක තිබී විදේශ රටක නිෂ්පාදිත ගිනි අවියක් ඇතුළු ගිනි අවි දෙකක් ඊට යොදන උණ්ඩ තොගයක් සහ හෙරොයින් ග්‍රෑම් දහ තුනක් සොයාගත් බව පොලිස් විශේෂ කාර්ය කාර්යය බළකාය පවසයි. 06 January 2026
ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයත් රට ගොඩනඟන්න එක් වේ දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය සහ ආපදාවට ලක් වූ රට යළි ගොඩනැඟීම සඳහා ඇරඹූ රට ගොඩනැගීමේ අරමුදලට ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනය වීසින් රුපියල් කෝටියක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කළේය. 06 January 2026
හොරෙන් විකුණන්න ගිය භාණ්ඩ තොගයක් අල්ලයි මාවනැල්ල හා කුරුණෑගල ප්‍රදේශවල සිදුකළ වැටලීම් දෙකකදී අලේවිය සඳහා සුදානම් කර තිබු රුපියල් කෝටි 10ක් පමණ වටිනා ගජමුතු ටයිටේනියම් බෙල්ලන් ඇතුළු දෑ රැසක් සැකකරුවන් හය දෙනකු සමග අත් අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි. 06 January 2026
බෙංගාල බොක්ක කැළඹිලි ස්වභාවයක් ගනී දිවයිනට ගිනිකොණ දෙසින් බෙංගාල බොක්ක ප්‍රදේශයේ ස්ථාපිතව පැවැති පහළ වායුගෝලීය කැළඹිලි ස්වභාවයට අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වී ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 06 January 2026
‘‘මා තවමත් වෙනිසියුලා ජනපති‘‘ මා තවමත් වෙනසියුලානු ජනාධිපති. මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීමේ චෝදනාවන්ට මා නිවැරදිකරු යැයි ඇමෙරිකාව අත්අඩංගුවට ගත් වෙනසියුලානු ජනාධිපති නිකලස් මදුරෝ මැන්හැටන් ෆෙඩරල් අධිකරණ විනිසුරු ඇල්වින් හෙලර්ස්ටයින් ඉදිරියේ ප්‍රකාශ කළේය. 06 January 2026
එජාප නව උප සභාපති නවීන් එක්සත් ජාතික පක්ෂයේ උප සභාපතිවරයා ලෙස නවීන් දිසානායක මහතා පත් කර ඇතැයි පක්ෂ ආරංචි මාර්ග කියයි. 05 January 2026
ඉන්ධන මිල සංශෝධනය වේ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (සිපෙට්කෝ) ඉන්ධන මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට සංශෝධනය කරන බව නිවේදනය කර ඇත. 05 January 2026
සංචාරක හා විදේශ ප්‍රේෂණවලින් වාර්තා ගත ආදායමක් ශ්‍රී ලංකාව පසුගිය වසරේදී විදේශ ප්‍රේෂණ සහ සංචාරක කර්මාන්තයෙන් ඇමෙරිකානු ඩොලර් කෝටි 1100 ක ආදායමක් උපයා ගෙන ඇතැයි අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළේය. 05 January 2026
මධුරෝ පවුලේ ස්විට්සර්ලන්තයේ ඇති සියලු වත්කම් තහනම් කරයි බලයෙන් පහ කළ වෙනිසියුලා ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ සමීපතමයන් ස්විට්සර්ලන්තයේ පවත්වාගෙන යනු ලබන ඕනෑම වත්කමක් ’’වහාම ක්‍රියාත්මක වන පරිදි’’ අත්හිටුවීමට ස්විට්සර්ලන්ත රජය අද තීරණය කළ බව විදෙස් මාධ්‍ය පවසයි. 05 January 2026
පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම දිවයිනට ශ්‍රී ලංකාවේ පැවැත්වෙන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් සදහා සහභාගී වීමට පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම අද සවස දිවයිනට පැමිණියහ. 05 January 2026
‘‘සීෂෙල්ස් මුහුදේදී ගිනි තැබූ යාත්‍රාව ගැන කරුණු සොයනවා‘‘ සීෂෙල්ස් මුහුදේදී මෙරට බහුදින යාත්‍රාවක් ගිනිබත් කිරීමේ සිදුවීම සම්බන්ධව ඉදිරි කටයුතු සිදුකරමින් සිටින බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පසුගියදා ප්‍රකාශ කළේය. 05 January 2026
ජොන්ස්ටන් හා බාල පුතා රිමන්ඩ් සමූපකාර තොග වෙළෙ ඳ සංස්ථාවේ ලොරි රථයක් හා රියදුරෙකු පුතුන් දෙදෙනා අධ්යක්ෂ ධූරය හෙබ වූ පුද්ගලික සමාගමක එතනෝල් ප්‍රවාහනයට, රජයේ දේපළ සාපරාදී සාවද්‍ය පරිහරණය හා රජයේ මුදල් අවභාවිතා කිරීමට ආධාර අනුබල දුන්නේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ඔහුගේ බාල පුත්‍රයා ලබන 09 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් කාංචනා එන් සිල්වා මහත්මිය අද (05) නියෝග කළාය. 05 January 2026
කොස්තාපල්ගෙන් අල්ලස් ගත් A.S.P - සාජන්වරිය අත්අඩංගුවට වෙල්ලාවේලි පොලිසියේ රාජකාරී කරන අවිවාහක පොලිස් කොස්තාපල්වරයකුට නිවසේ සිට රාජකාරියට පැමිණීම සදහා මඩකලපුව කොට්ඨාස භාර පොලිස් අධිකාරීවරයාගේ නිර්දේශ ලබාදීම සදහා ජංගම දුරකතනයක් හා රුපියල් 72,000 ක මුදලක් අල්ලස් වශයෙන් ලබාගත් බව කියන නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ සහකාර පොලිස් අධිකාරීවරයකු සහ කල්මුණේ සහකාර පොලිස් අධිකාරී කාර්යාලයේ කාන්තා පොලිස් සැරයන්වරියක අද (5) අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි. 05 January 2026
කළුපාලම හදන්න ලොකු සටනක් දිට්වා සුළි කුණාටුවත් සමග ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් ඇති වූ ගංවතුරට අසුව දැඩි ලෙස හානියට පත්වූ පේරාදෙණිය කළු පාලම යථා තත්වයට පත් කිරීම සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව අදාළ රාජ්‍ය ආයතන රැසක් සමඟ එක්ව මේ දිනවල දිවා රාත්‍රී වෙහෙසි කටයුතු කරයි. 05 January 2026
ඇමෙරිකාවට ඉරානයෙන් ප්‍රහාරයක් ? ඉරානයට එරෙහිව ඇමරිකාව සිදු කරන ප්‍රහාරවලට ප්‍රතිචාර දකිවමින්, ඉරාන විප්ලවීය හමුදාව ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදය ඉලක්ක කර ගනිමින් නියමුවන් රහිත ඩ්‍රෝන යානා ප්‍රහාරයක් එල්ල කිරීමේ අවදානමක.. 13 March 2026