ජපානයට බලපෑ රික්ටර් පරිමානයේ ඒකක 7.1 ක ප්‍රබලතාවයක් සටහන් කළ භූමිකම්පාවෙන් පසු වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලක් දෙදරා ගොස් කඩාවැටී ඇති බවත්, සුන්බුන් අතරේ බොහෝ දෙනකු සිරවී සිටින බවත් වාර්තා වේ.

භූමිකම්පාවෙන් බලපෑම් එල්ල වූයේ කියුෂු දූපතටය. කඩා වැටී ඇත්තේ කියුෂු දූපතේ කුමමොටෝ  ප්‍රදේශයේ පිහිටි ඉයෝන් මෝල් නමැති ප්‍රසිද්ධ වෙළඳ සංකීර්ණ ගොඩනැගිල්ලය. භූමිකම්පාවත් සමග 150,000 වැඩි පිරිසකට වහාම ආරක්ෂිත ස්ථානවලට යොමු කිරීම සිදුවුණු බව ද වාර්තා වේ.