(විමුක්ති එස් රුද්‍රිගු)

ඇමෙරිකාවේ සියැට්ල් නගරයේ පැවැති වාර්ෂික ආහාර උත්සවකදී පසුගියදා සිදුවූ වෙඩි තැබීමට සැකපිට 15 වියැති ළමයෙකු අත් අඩංගුවට ගෙන ඇතැයි එරට පොලිසිය ප්‍රකාශ කළේය.

උත්සවයේදී සිදුවූ වෙඩි තැබීමෙන් තිදෙනකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබිණි. 15 හැවිරිදි සැකකරු අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව සියැට්ල් පොලිසිය ප්‍රකශ කර සිටියේ අවම වශයෙන් තිදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ බවත් එක් සැකකරුවෙකු සිදුවීම සිදුවූ ස්ථානයේ වෙඩි පහරින් මියගොස් සිටි බවත්ය.

අනෙක් සැකකරුගේ අනන්‍යතාව තවමත් අනාවරණය කරගෙන නොමැති බවත් සිදුවීම පිළිබඳව වැඩිදුර විමර්ශන තවමත් සිදු කෙරෙන බවත්ය. මෙතෙක් අනාවරණය කරගෙන ඇති තොරතුරු අනුව මෙම සිදුවීම මැර කල්ලි දෙකක් අතර සිදුවූ වෙඩි තැබීමක ප්‍රතිඵලයක් බව විශ්වාස කරන බවද සියැට්ල් පොලිසිය පැවැසුවේය.