
මේ වසර තුළ කොළඹ සහ ඒ හා තදාසන්න ප්‍රදේශවලින් ගිනිගැනීමේ සිදුවීම් 258 ක් වාර්තා වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව සදහන් කරයි.
එම දෙපාර්තමේන්තුවට අනුව, මෙම කාලය තුළ අදාළ ගිනිගැනීම් සම්බන්ධයෙන් මුදාගැනීමේ මෙහෙයුම් 17 ක් ක්‍රියාත්මක කර ඇත.
පසුගිය වසර පුරා කොළඹ දිස්ත්‍රික්කයෙන් ගිනිගැනීමේ සිදුවීම් 382 ක් සහ මුදාගැනීමේ මෙහෙයුම් 46 ක් වාර්තා වූ බව නිලධාරීහු පෙන්වා දෙති.
මේ වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කාලය තුළ පමණක් කොළඹ දිස්ත්‍රික්කයෙන් ගිනිගැනීමේ සිදුවීම් 258 ක් වාර්තා වී තිබීම දැඩි අවධානයට යොමු විය යුතු කරුණක් බව දෙපාර්තමේන්තුව අවධාරණය කළේය.
රැකියා ස්ථානවල ප්‍රමාණවත් ගිනි ආරක්ෂණ පියවර නොමැතිකම, හදිසි අවස්ථාවලදී වහාම ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම, නිවාස සහ වාණිජ පරිශ්‍රයන්හි පවතින අනාරක්ෂිත විදුලි රැහැන් පද්ධති හා භාවිතයන් මෙන්ම පවතින වියළි කාලගුණික තත්ත්වය ද මෙම ගිනිගැනීම් ඉහළ යාමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විමර්ශනවලදී හඳුනාගෙන ඇති බව පැවසේ.
- ෂේන් ප%නාන්දුපුල්ලේ (ඩේලි මිරර්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආයතන ගිනි ගන්නේ ගින්නේ වරදකින් නොවේ.ආයතන වල ඉංජිනේරැවන්ගේ , ගිනි නිවීම් නිළධාරින්ගේ,සහ ආයතන පරිපාලනයේ වරදිනි. ගමේ කිසිත් ගිනි නිවීම් උපකරණ නැති කඩය ගිනි ගන්නේ නැත.එහෙත් fire ,smoke detectors,Fire Extinguishers,ඇතුලු සියලුම fire fighting accessories තිබෙන තැන් ගිණි ගනී ගැනීමත් එක් මාෆියාවකි.