
(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවේ පැතිර යන ඩෙංගු වසංගතය පාලනය කිරීම සඳහා ඇමෙරිකාව මෙරටට සහාය ලබාදෙනු ඇතැයි මෙරට වැඩබලන ඇමෙරිකානු තානාපතිනි ජේන් හොවෙල් මහත්මිය පසුගියදා ප්‍රකාශ කළාය.
මෙරට පවුල්වලට සහ ප්‍රජාවන්ට ඩෙංගු රෝගය අඛන්ඩව දැඩි අභියෝගයක් එල්ල කරන බවත් ඒ හේතුවෙන් ඩෙංගු රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සමග ඇමෙරිකාව හවුල්කාරීත්වයක් ගොඩනගා ගත් අබ්වත් ඇය පැවැසුවාය.
ඒ යටතේ මෙරට ඇමෙරිකානු තානාපති කාර්යාලය, සෞඛ්‍ය අමාත්‍යාංශය සහ ජාතික ඩෙංගු මර්දන ඒකකය සමඟ එක්ව ඩෙංගු වැඩසටහනක් ආරම්භ කරනු ඇති බවත් ඒ ඔස්සේ රෝග වැළැක්වීම සඳහා වෛද්‍ය විද්‍යාව යොදා ගන්නා ආකාරය, කෘමී විද්‍යාව, රෝග නිරීක්ෂණය සහ රෝග වාහක පාලනය යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් තිබෙන ඇමෙරිකාවට තිබෙන විශේෂඥ දැනුම ශ්‍රී ලංකාව සමග බෙදාහදා ගනු ඇති බවත් වැඩබලන ඇමෙරිකානු තානාපතිවරිය සඳහන් කළාය.
එමගින් ඩෙංගු වසංගතයට ශ්‍රී ලංකාව දක්වන ප්‍රතිචාරය ශක්තිමත් වනු ඇති බවත් ඩෙංගු වසංගතයෙන් ශ්‍රී ලාංකික ප්‍රජාව ආරක්ෂා කර ගැනීමට තිරසාර හැකියාවක් ගොඩනැගෙනු ඇති බවත් ඇය ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ක්‍රම අපේ මදුරුවන්ට හරි යයිද මන්දා, ඉංගිරිසියෙන් නොවැ ඇත්තේ.